The title of the page
4.4
84

Dhanusu Raasi Neyargale (2019) Sinhala Subtitles | ජ්‍යෝතිෂ්‍ය | සිංහල උපසිරැසි සමග |

එතකොට මන් කේන්දර විශ්වාස කරපු එක වැරදිද අම්මා

ඒක විතරක්ම විශ්වාස කරොත් තමයි වැරදි

ආදරෙ කරල කසාද බඳින එක..

ජ්‍යෝතිෂ්‍ය බලල කරන කසාද…

ඔක්කොම උසාවියෙ දික්කසාද නඩු යනව

අපේ අතේ තමා හැමදේම තියෙන්නෙ.

සුභ දවසක් වේවා ඔක්කොටම. ඔන්න ගොඩක් අය බලාගෙන ඉඳපු සබ් එකක් අරගෙන ආව. සමාවෙන්න ඕන පරක්කු උනාට මොකද මේකට නිකුත් වෙල තිබුන ඉංග්‍රීසි සබ් එක අන්තිම අවුල්. ඉතින් මට ඒව හද හද තම කරන්න උනේ. හරි එහෙනම් වැඩි වැල් වටාරම් ඕන නෑ අපෙ වැඩේ බලමුකො…

මේක Drama/Romance කියන ඛාණ්ඩ වලට අයත් වෙන හෝරා දෙකක ධාවන කලයක් සහිත IMDB 4.8 ක් වගේම ගූගල් පරිශීලක මනාප 83% ක් ගත්ත චිත්‍රපටියක්.. එතකොට අපේ කතාවෙ Harish Kalyan (අර්ජුන්),  Digangana Suriyavanshi ( කේ ආර් විජය), Reba Monica John (අනීත), කියන අය තමයි ඉන්නෙ. අන්තිමට ඉතින් එකතු වෙනව තව කෙනෙක් ඒ තමයි Raiza Wilson මෙයාගෙ කතාවෙ නම නම් සඳහන් වෙන්නෙ නෑ. ඉතින් ඔන්න ඔහොමයි අපේ කතාව හඳුන්වන්න තියෙන්නෙ..

එහෙනම් දැන් අපි බලමු මොකද්ද මේ කතාව කියල. මෙහෙමයි අර්ජුන් කියන්නෙ කුඩා කාලයේදීම තම පියා අහිමි උන කෙනෙක්. ඉතින් එතනදි මෙයාගෙ සීය මෙයාට කියනව “ඔයාගෙ තාත්ත නැති උනේ නරක වෙලාවෙ කසාද බැඳපු නිසා” කියල කියනව. මෙ සීය පොඩි කාලෙදි මෙයාට කියපු කතාව නිසා මෙයා ජ්‍යෝතිෂ්‍ය පිළිබඳ දැඩි විශ්වාසයක් ඇති කරගන්නව ඇත්තටම කිව්වොත් ජ්‍යෝතිෂ්‍යයෙන් අන්ධ වෙනව. කොයි දේකට උනත් සීමාවක් තියෙන්න ඕන කියන එක අපි හැමෝම වගේ දන්න දෙයක්. ඉතින් ඔහොම යද්දි මෙයාට කසාද බඳින වයස. කෙල්ලෙක් එක්ක යාලුත් නැ (යාලු නෑ කිව්වට රාශිය ගැලපෙන්නෙ නැ කියල අතෑරපු කෙනෙකුත් ඉන්නව). කසාද බඳින්න කියල කන්‍ය රාශියෙ කෙල්ලෙක් තමයි හොයන්නෙ. කොහොමහරි මෙයා නොහිතාම කෙල්ලෙක් එක්කල පලහිලව්වක් ඇති වෙනව. ඒත් මේ පල හිලව්ව කසාදෙන් ඉවර වෙන්නෙ නැ. දැන් ඔයාල දන්නවනෙ මෙතන කෙල්ලො තුනක් ඉන්නව. කාවද අතාරින්නෙ, කාත් එක්කද ආදරේක පැටලෙන්නෙ, කාවද කසාද බඳින්නෙ, කොහොමද මේව වෙන්නෙ කියල ඔයාලම බලන්නකො එහෙනම්…

ඔබට ජය…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසංක වීරසිංහ

April 19, 2019


78
Total Subtitles

9 comments

  1. Thanks for sub bro…..(brand babu 2018) movie eke sub denna bro please…..

  2. Thanks bro

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login