The title of the page
5.4
88

Venky Mama (2019) Sinhala Subtitles| සදා නොවෙනස් මාමා,බෑනා සෙනෙහස|සිංහල උපසිරැසි සමග|

කේන්දරය කියන දේ එදා වගේම අදත් ඕනිම සුබ කාර්යයකට මුල් තැනගන්නවා.එදා තරම් නොවුනත් අදටත් ඒ පිලිබද ගොඩක් අයට විශ්වාසය තියෙනවා..නමුත් වර්තමාන තරුණ පිරිසේ බොහෝ දෙනෙක්ම මේක ගනන් ගන්නෙ නෑ.ඉතින් අපිටත් වැඩක් නෑ කියල පැත්තට දාන්න බෑ මොකද සමහර සිදුවීම් හරහා ඒ ගැන ගොඩ නැගෙන විශ්වාසය නිසා.
ඉතින් මේ වගේ කේන්දරේක බලපෑමක් වීමෙන් වෙන්න තියෙන යමක් වලක්වගන්න තමන්ගෙ ආදරනීයන්ගෙන් පවා වෙන් වෙන්න වුනොත් කොතරම් දුකක් දැනෙනවද ? මේ සියල්ල පාදක කරගෙන ඇතුලාන්තයෙන්ම ඊට එහා ගිය අදහසක් ලබා දෙන අපූරු සෙනෙහස් බැදීමක් ගැනයි මේ කතාව.

ආයුබෝවන් යාලුවො හැමෝටම..කාලෙකින් ආයෙම උපසිරැසියක් අරගෙන ඔයාල හම්බවෙන්න ආවේ.ඉතින් අපි කෙලින්ම බහිමු චිත්‍රපටියට..
ගිය අවුරුද්දේ (2019) දෙසැම්බර් මාසය තුල දින අපේක්ෂත්වයකින් තොරව තිබිලා 13 වෙනිදා තිරගතවීමට ලබා දුන් චිත්‍රපටයක් තමයි මේ Vencky Mama චිත්‍රපටිය.Drama , Action , Comedy කාන්ඩ හරහා වර්ග කරන්න පුළුවන් චිත්‍රපටියක්.
සාර්ථකව තිරගත වෙමින් බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 72ක ආදායමක් ලබා ගන්නත් සමත් වුනා.මේකෙ බජට් එක වුනේ ඉන්දියානු රුපියල් කෝටි 25ක් පමනයි.
K. S. Ravindra ගේ අධ්‍යක්ෂණයෙන් හා S.Thaman ගේ සංගීතයෙන් නිම වුනු චිත්‍රපටයක්.

මෙහි ප්‍රධාන නලු නිලියන්නම් තෙලිඟු සිනමාවේ නිතර දක්නට ලැබෙන අය..Venkatesh, Naga Chaithanya දෙන්න එක්ක Payal Rajgupt හා Raashi Khanna තමයි නිලියන් දෙපල විදියට එක් වෙන්නේ.මෙයාලගෙ රංගනයන් ගැන මම ආයෙම කියන්න දෙයක් නෑනේ ඉතින්..

කතාව පැත්තට හැරෙමු..

කාර්තික් ඉපදිලා අවුරුද්දේ උපන්දිනේට දවසක් තියෙද්දි කාර් ඇක්සිඩන්ට් එකකින් අම්මයි තාත්තයි මැරෙනව..කාර්තික්ගේ අම්මා,එයාගෙ තාත්තව විවාහ කරගෙන තියෙන්නෙ කාර්තික්ගේ සීයගේ විරුද්ධත්වය උඩ.මෙයලාගේ කසාදය කරවල තියෙන්නෙ කාර්තික්ගේ මාම වෙන්කට් රත්නම්.

ඉතින් මේ විරුද්ධත්වයට හේතුව වෙලා තියෙන්නෙ කේන්දර නොගැලපීමක්.ඒ වගේම දැන් අම්ම ,තාත්ත නැති වුනහම එයාගෙ තාත්තගෙ අම්ම , තාත්තා එක්ක ඉන්න ලන්ඩන් යවන්න තමයි මෙයාගෙ සීය හදන්නේ එතකොට එයාගේ මමා ඇවිත් කාර්තික් බාර ගන්නවා..ඉතින් මෙතන ඉදන් මේ බෑනගෙයි, මාමගෙයි ශක්තිමත් බැදීමක් තමා ඇති වෙන්නේ..

ඉස්සරහට බොහෝ දේවල් වෙනවා..මේ කේන්දර ප්‍රශ්නෙ මෙයාගේ සීය එක්ක නිතර කරදර ගේනවා..ඉරණමත් වෙනස් කරන්න සෙනෙහසට හැකිවේද? ඔයාලටම තමා බලාගන්න වෙන්නේ…
පුරා හෝරා දෙකකට අධික කාලයක් විනෝදාත්මකව , හැගීම්බරව බලන්න පුළුවන් අපූරු චිත්‍රපටයක් එහෙනම් අරගෙන බලන්න..
ගිහින් එන්නම් තවත් අපූරු චිත්‍රපටියක සිංහල උපසිරැසි අරගෙන ආයෙම එන්නම්…

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

15 comments

  1. Thanks broo puluwannam Ujda Chaman, Aa Karaala Ratri film dekath denna

  2. Thanks for sub bro……((brand babu 2018) movie eke sub damu bro please……………

  3. රැග්නා ලෝඩ්බ්‍රොක් -- සිනමා ලෝකය - (Direct Link)

    බොහොම ස්තුතියි සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊

  4. SRT format eken puluwn nm denna.. meka hariyata support krnne na media player wala. download karannath karadarai size eka loku nisa..

  5. Me sub eka wadakaranne naha

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  7. sub eka wada natho

  8. srt subtitle eka nadda.. meka support naha

  9. idx sub hodai.ekath ekka srt denawanam hodak hodai

  10. Achi
    Top Fan ⭐⭐⭐

    Thank bokka

  11. රංගික සිනෙත් කාරියවසම්

    බෝම ස්තුතියි සහෝ .ෆට්ටම ෆිලුම .ජයවේවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login