The title of the page
Devotion (2022) Sinhala Subtitles
Devotion (2022) Sinhala Subtitles
6.7
81
87

Devotion (2022) Sinhala Subtitles | හොදම යාලුවා එයාව බේරගනීවිද? | සිංහල උපසිරැසි සමඟ

(Devotion (2022) Sinhala Subtitles) (Devotion (2022) Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න ඉතින් මම තව චිත්‍රපටයකට සිංහල උපසිරැසි ගෙනාවා මේකේ නම තමයි Devotion. 2022 නොවැම්බර් 23 එක්සත් ජනපදයේ Sony Pictures විසින් නිකුත් කරනවා. මේ ෆිල්ම් එකට විචාරකයින් සහ ප්‍රේක්ෂකයින්ගෙන් හොද ප්‍රතිචාර ලබාගන්න පුළුවන් වෙලා තියනවා. එය ඩොලර් මිලියන 90ක ආදයම්ක් වගේම IMDb අගය 6.7 කුත් කුණු තක්කාලි අගය 81% ගූගල් යුසර්ස් 89% ක කැමැත්තකුත් ලබා ගෙන තියනවා.

Devotion කියන්නේ Adam Makos විසින් රචනා කරලා තියන Devotion: An Epic Story of Heroism, Friendship, and Sacrifice 2015 කියන පොත මත පදනම් වෙලා 2022 ඇමරිකානු චරිතාපදාන යුධ චිත්‍රපටයක්, J. D. Dillard තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jake Crane සහ Jonathan Stewart තමයි රචනය කරලා තියෙන්නේ. චිත්‍රපටියේ Brown ගේ චරිතය Jonathan Majors හා Hudner චරිතයට Glen Powell රංගනයෙන් දායක වනවා ඒවගේම ක්‍රිස්ටිනා ජැක්සන්, Daren Kagasoff, Joe Jonas, Nick Hargrove, Spencer Neville සහ Thomas Sadoski සහය චරිත නිරූපණය කරනවා.

කතාව ගැන කිව්වොත් මේක 1950 මුල් භාගයේ දී සිදු වුණ දෙයක් නිසා ඒ දවස්වල කලු ජාතිකයන්ට සමාජයේ තිබ්බේ ටිකක් අඩු තැනක්. මේ ජේසි බ්‍රවුන් කියන්නේ සුපිරි ගුවන් නියමුවෙක්.. ඔන්න ටොම් හන්ඩර් මාරු වීමක් නිසා Quonset Point Naval Air Station වල Fighter Squadron 32 (VF-32) වෙත මාරුවීමක් ලැබෙනවා. එතනදි තමයි මේ දෙන්නා මුණ ගැහෙන්නේ. ටොම්ට බ්‍රවුන් එක්ක යාලුවෙන්න ඕන උනත් බ්‍රවුන් කියන්නේ සුදු ජාතිකයෝ දිහා ටිකක් සැකෙන් බලපු කෙනෙක්. මේ වෙද්දි මෙයාලට මිශන් එකක් ලැබෙනවා. ටික කාලයක් යද්දි මේ දෙන්නා හොද යාලුවෝ වෙනවා. මේ අතරෙදි මෙයාලට ජීවිතයත් මරණයත් අතර සෑහෙන්න අමාරු මිශන් එකකට යන්න වෙනවා. මේ මිශන් එකේදී බ්‍රවුන්ගේ corsair එක සතුරු බිමකට කඩාගෙන වැටෙනවා. එයාට එකෙන් බේරෙන්න පුලුවන් වේවිද එයාගේ හොදම යාලුවා එයාව බේරගනීවිද?

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චමෝදි තිසරුවණි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චමෝදි තිසරුවණි

January 10, 2023


4
Total Subtitles

8 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි චමෝදි සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Request :
      JUNG_E (2023)

      ” සිනෙරු “…” සිනෙරු “…” සිනෙරු “………
      No 01………..No 01………..No 01………….!!!

  2. බොහොම ස්තුතියි නියම වැඩක්

  3. Thaks….👍👍

    Stealing Raden Saleh (2022) meketh sub dennako…

  4. Pattaaaaaaaaaaaa

  5. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට…

  6. හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login