The title of the page
devaki sinhala sub
6.2
86

Devaki 2019 Sinhala Subtitles |අතුරුදහන් වූ දියණිය සොයා|සිංහල උපසිරැසි සමග

අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවා මොන තරම් වටිනවාද? උත්තරයක් දෙන්න අමාරු ප්‍රශ්නයක් මොකද අම්මා කෙනෙක්ට දරුවෙක්ගේ ඇති වටිනාකම කොයි තරම්ද කියලා කිසිවෙකුට කියන්නට බැහැ.. මේ ලෝකයේඇති උතුම්ම පදවිය මව් පදවිය. අර සින්දුවකුත් තියෙන්නේ ආදරයේ උල්පත වූ අම්මා. ඇත්තටමආදරයේ උල්පත අම්මා මිස වෙන කිසිවෙකුත් නෙවෙයි.(devaki sinhala sub)

මේ කියන්නට යන්නේ අම්මාගේ අසීමිත ආදරය මුසුවූ.. සුපිරිම චිත්‍රපටයක් ගැන..

චිත්‍රපටය පසුගිය වසරේ තිරගතවුන කන්නඩා චිත්‍රපටයක්. නම දේවකී.

දේවකී ලෙස රඟන කෙනා ගැන කියන්න කලින් කියන්න කෙනෙක් ඉන්නවා. අහලා තියෙනවද උපේන්ද්‍ර කියලා කන්නඩා නලුවෙක් ගැන.

උපේන්ද්‍ර කියන්නේ කන්නඩා සිනමාවේ පෙරලිකාර නලුවෙක් .ඔහුගේ බිරිඳ ප්‍රියංකා උපේන්ද්‍රා සමග ඔවුන්දෙපලගේ ආදරණීය දියණිය අයිශ්වර්යා උපේන්ද්‍රා මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා.ඔවුන්ට අමතරව මෙහි පොලිස් පරීක්ෂක ලෙස ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ජනප්‍රිය දකුණු ඉන්දීය නලු කිෂෝර් විසින්.

ආසද පටන් ගත්ත වෙලාවේ ඉඳන් කුතුහලය පිරුණු චිත්‍රපටයක් නරඹන්න. කැමතිද අපරිමිත වු දොරේගලා යන මව් සෙනෙහස මැදින් ගලා යන චිත්‍රපටයක් නරඹන්න.

එහෙනම් ඒ කැමති අයටයි මේ ආරාධනාව.. crime thriller වර්ගයට අයත්. 6.7ක IMDb අගයක් එක්ක ගූගල් පරිශීලකයන් 91%කගේ කැමැත්ත ලබා ගත්ත මේ සුපිරිම කන්නඩා චිත්‍රපටය නොබලන අයට නම් කියන්න තියෙන්නෙ මේක නොබලන ඔය දෑස් මක්කටද කියලා තමයි.

හැමදාමත් වගේ සුපිරි නිර්මාණ වලට උපසිරැසි ගන්වමින් අප වෙතට ගෙන එන

cineru.lk වෙබ් අඩවියේ සහෝදර දිනේෂ් රුවන් විසින් සිංහල උපසිරැසි ගන්වන ලද මේ චිත්‍රපටය අනිවාර්යයෙන් නරඹන්න කියලා ආරාධනා කරනවා..

Devaki sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිනේෂ් රුවන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිනේෂ් රුවන්

February 11, 2020


33
Total Subtitles

4 comments

  1. mama beluwa oka supiri film eka puluwannam Aa Karaala Ratri 2018 Kannada Movie eka denna supiri Thriller film ekak

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊👊👊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login