The title of the page
Detention 2019 Sinhala Sub
Detention 2019 Sinhala Sub
6.9
88
92

Detention (2019) Sinhala Subtitles |ඒකාධිපතිවාදය යනු සැබෑ යක්ෂයාය!| සිංහල උපසිරැසි සමග

ඔන්න ඉතින් අදත් සුපුරුදු විදිහටම සිංහල උපසිරසියක් අරගෙන තමයි මම ගොඩවුණේ. කලින් වගේම ඔයාලට නම් මේක නිකම්ම උපසිරසියක්. ඒත් මට මේ උපසිරසිය විශේෂ එකක්. ඒ මොකද කියලා දන්නවද දන්නෑ. ඒ තමයි ඉතින් මගේ උපසිරසි දිවියෙ පළවෙනි කඩයිම තමයි අද මම මේ විදිහට සම්පූර්ණ කරන්නෙ. ඒ කියන්නෙ “50‘ වෙනි සිංහල උපසිරසි නිර්මාණය” තමයි අද මේ විදිහට ඔයාලාට අරගෙන එන්නෙ. “Arthdal Chronicles” කියන කොරියානු රූපවාහිනී කතා මාලාවෙන් තමයි මම උපසිරසි කරන්න පටන් ගත්තෙ. ඊට කලිනුත් උපසිරසි කරලා තිබ්බට වෙබ් අඩවියකට දාන්න තරම් මේවා එකක් තිබ්බෙ නෑ. ඔයාලට Cineru.lk කියලා කියන්නෙ තවත් උපසිරසි දෙන වෙබ් අඩවියක්. ඒත් ඉතින් මටනම් මේක පවුලක් වගේ තමයි. ඔයාලට Kb ගානක ෆයිල් එකක් දෙන්න ඒක කරන අය ලොකු කැප කිරීමක් කරනවා. සමහර අයට නම් ඒ ගැන ගානක්වත් නෑ. ඒවගෙ පොඩි වැරැද්දක් තිබ්බත් පවුලෙ අය මතක් කරලා බනින අයත් ඉන්නවා. ඒ අතරෙදි අපිට අඩුපාඩුව හදාගන්න උදව් කරන අයත් ගොඩක් ඉන්නවා. ඉතින් ඒ දෙගොල්ලම ආදරෙන් මතක් කරනවා.(Detention 2019 Sinhala Sub)

මම පළවෙනි උපසිරසිය කරන්න ගත්ත දවසෙ ඉඳලම ගුරා උනේ සමිත රමේෂ් අයියා. සමිත අයියවත් මතක් කරන ගමන් අපේ මදුශාන් ප්‍රියංකර අයියවත් ආදරෙන් මතක් කරනවා. උදව්වක් ඉල්ලන ඕනම වෙලාවක අනිවාරෙන් කියලා දෙනවා. පීටර් අයියවත්, පසිඳුවත්, අපෙ සචිත් මල්ලිවත් අනිවාරෙන්ම මතක් කරන්න ඕන. මොකද එයාලා නැත්තන් අද සිනෙරූ කියලා වෙබ් අඩවියක් නෑ. ඒ වගේම තමයි අපේ අනිත් උපසිරසි කරන යාළුවොන්වත් මතක් නොකර බෑ. තවත් ඉතින් කියන්න තියෙන්නෙ අපිට කමෙන්ට් එකකින් හරි ස්තූති කරන ඔයාලා හැමෝමවත් මතක් කරනවා. මොකද ඉතින් උපසිරසි කරන කෙනෙකුට සතුටකට කියලා තියෙන්නෙ යටින් වැටෙන කමෙන්ට් එකයි, සබ් එක අරගන්න ගානයි තමයි තමා. ඊට වඩා මොකුත්ම ලැබෙන්නෙ නෑ.

මම මේ වෙනකන් කරලා තියෙන හැම උපසිරසියක්ම අපේ වෙබ් අඩවියේ තියෙනවා .

* රූපවාහිනී කතා මාලාවන්ගෙ කොටස් 39
* ඉංග්‍රීසි චිත්‍රපටි 08
* කොරියානු චිත්‍රපටි 02

මෙන්න මේ විදිහට තමයි මගෙ උපසිරසි 50 සම්පූර්ණ වෙන්නෙ. ගොඩක්ම ආස කරන්නෙ කතා මාලාවන්වලට. වැඩියෙන්ම කරලා තියෙන්නෙත් ඒවනෙ. 😁 අනිත් භාෂාවන් වල උපසිරසි කරන්න වැඩිය කැමැත්තක් නෑ. ගොඩක් කැමති ඉංග්‍රීසි ඒවට තමයි. හැබැයි හින්දි ඒවටත් පොඩි කැමැත්තක් තියෙනවා. ඉස්සරහට හින්දි චිත්‍රපටිවලටත් උපසිරසි අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. කියෙව්වා වැඩිද කියලත් හිතෙනවා. එහෙනම් ඉතින් මෙතනින් කියවන එක නතර කරනවා. එහෙනම් අපි බලමු අද අරගෙන ආව චිත්‍රපටිය මොකක්ද කියලා.(Detention Sinhala Sub)

Detention 2019 චිත්‍රපටිය තමයි මේ විදිහට 50 වෙනි උපසිරසිය විදිහට අරගෙන එන්නෙ. මේ චිත්‍රපටිය IMDb 7/10 අගයකුත් 92% ක ගූගල් පරිශීලකයන්ගෙ කැමැත්තත් හිමිකරගන්න සමත්වෙලා තියෙනවා. ඒ වගේම හොඳ ආදායම් වාර්ථාවක් තියෙන අතරෙම සම්මාන රැසකටත් හිමිකම් කියන්න සමත් වෙනවා.

“ඔයාට හැම දෙයක්ම අමතකයිද?”
“නැත්තන් මතක තියාගන්න බයයිද?”

මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නෙ තායිවානයේ. ඒ කියන්නෙ මේකෙ භාෂාව තමයි Mandarin කියන භාෂාව. වෙනස්ම භාෂාවක චිත්‍රපටිය වගේම ගොඩක්ම කල්පනාවකින් බලන්න ඕන චිත්‍රපටියක්. මොකද මේක අයිති වෙන්නෙ “supernatural psychological Horror” කියන ඝණයට. ඒ වගේම තවත් විශේෂ දෙයක් තියෙනවා මේක John Hsu කියන කෙනාගෙ පළවෙනි චිත්‍රපටිය. ඇත්තටම කිව්වොත් පළවෙනි චිත්‍රපටිය උනාට සුපිරියටම තියෙනවා. අඩුපාඩුවක් නැති තරම්.

1949 ඉඳන් 1987 කියන යුධ කාලෙ සිද්ධවුණ කතාවක් ඇසුරෙන් තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නෙ. ඒක ලෝකයේ දීර්ඝතම යුද නීති කාලයන්ගෙන් එකක්. ඒ කාලෙදි තායිවාන ජාතිකයො සිය දහස් ගණනක් සිරගත කරලා තියෙනවා. ඒ කාලෙ නිදහස කියන වචනෙ ගැන කතා කරන්න බෑ. පොත් කියවන්න බෑ. හැම පොතක්ම වගේ ඒ කාලෙ රජයෙන් තහනම් කරලා තමයි තියෙන්නෙ. ඒ තහනම් කරපු පොත් කියනවලා කෙනෙක් අහුවුණා කියන්නෙ එයාට මැරෙන්න තමයි වෙන්නෙ. මැරෙන්න කියන්නෙ එයාට දෙන ද‍ඬුවම තමයි මරණීය දණ්ඩනය. තහනම් කරපු පොත්වලින් තාගෝර්’ ගේ “කුරිරු යථාර්ථය”, අයිවන් ටර්ගිනෙව්ගේ “පියා සහ පුත්‍රයෝ” පොත් දෙක තමයි මෙතනදි ප්‍රධාන වෙන්නෙ.

මේ කාලෙ හිටපු “කුමින්ටැං” කියන පාලකයා තමයි මේ හැම දෙයක්ම කරන්නෙ. මේ පාලකයා එයාගෙ පාලන තන්ත්‍රයට හානිකරන අදහස් තියෙන දේශීය, විදේශීය හැම පොතක්ම වගේ තහනම් කරා. ඒ කියන්නෙ රජයට විරුද්ධව කැරලි ඇති කරන, නිදහස ගැන කියවෙන වගේම ඒ ගැන අදහස් කියවෙන හැම පොතක්ම මේ පාලකයා තහනම් කරනවා.

උදාහරණයක් කිව්වොත් මාර්ක් ට්වේන් තහනම් කරේ “මාක්” යන නම “මාක්ස්වාදය” කියලා පේන හින්දා. ඒ වගේ තහනම් කරපු පොත් කියවන එකට නැත්තන් පතුරවන ඕනම කෙනෙක්ට මරණ දණ්ඩනය නියම කරනවා.

මම කලින් කිව්වා වගේ “Detention 2019” චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙ 1949 දී කීලුන් මධ්‍ය මහා විද්‍යාලයේ සිද්ධ වුණ ඇත්තම සිදුවීමක්. මේ ඉස්කෝලෙ හොර රහසෙන්ම ඒ කාලෙ තහනම් කරපු පොත් ළමයින්ට කියලා දෙන සිද්ධියක් වෙනවා. කොහොම හරි ඒ රහස එළි වෙනවා. ඒක එළි උනාට පස්සෙ ඒ කාලෙ රජයෙන් විදුහල්පතිවරයව ඝාතනය කරලා ඒකට සම්බන්ධ වුණ සිය දහස් ගාණක් සිරගත කරනවා.

ඔන්න ඔය සිදුමීම පාදක කරගෙන තමයි මේ Detention කියන චිත්‍රපටිය නිර්මාණය වෙන්නෙ. ඔන්න ඔය විදිහටම ග්‍රීන්වුඩ් උසස් පාසලේ ගුරුවරුන් කීප දෙනෙක්ම සහ සිසුන් කිහිප දෙනෙක් මේ චිත්‍රපටියෙ හැටියට තහනම් කරපු පොත් වගයක් සංගමයක් වගේ එකක් හදාගෙන හොර රහසේම ඉගෙන ගන්නවා. මෙයලා ඉගෙන ගන්නෙ මොනවද කියන එකෙ චිත්‍රපටිය බැලුවම ඔයාලටම දැනගන්න පුළුවන් වෙයි.

මේ චිත්‍රපටියෙ අපි දකින හැම දේකින්ම පිළිබිඹු වෙන්නේ මේ පාලන තන්ත්‍රයෙන් බැහැරවෙන ඕනම මානව ප්‍රකාශනයක් වරදක් විදිහට සලකන ඒකාධිපති යුගයක භීෂණය. මේක තායිවානයේ බලගතු දේශපාලන පක්ෂයක් විදිහට තාමත් පවතින රජයක් විසින් ගොඩනගපු භීෂණ කාලයක සිදුවීමක්. හරියටම කියනවා නම් ශී ලංකාවෙ මීට අවුරුදු ගාණකට කලින් තිබ්බ JVP කියන ආණ්ඩුව කාලෙ සිද්ධවුණ සිදුවීමක්ම වගේ.

තවත් විශේෂම දෙයක් කියන්න ඕන මේ චිත්‍රපටිය කොටස් තුනකට බෙදලා තියෙනවා. ඒ කියන්නෙ වෙන වෙන චිත්‍රපටි විදිහට නෙවෙයි. එකම චිත්‍රපටිය මාතෘකා තුනකට. ඒ මාතෘකා තුන තමයි…

* නපුරු සිහිනය
* පාවා දෙන්නා
* ජීවත් වෙන අය

කියන තුන. මෙන්න මේ මාතෘකා තුනත් එක්ක තමයි මේ චිත්‍රපටිය දිවෙන්නෙ. ඔන්න ඔය ටික තමයි ඉතින් කියන්න තියෙන්නෙ. මේ ලිපිය මෙච්චර දිග වෙන්න හේතුව මොකද කියනවා නම්. මේ චිත්‍රපටිය ගැන කිසිම පැහැදිලි කිරීමක් නැතුව නිකම්ම බැලුවට තේරෙන්නෙ නෑ. අන්න ඒක හින්දයි මේ වගේ තේරුම් ගන්න ලේසි වෙන්න පොඩි ලිපියක් අරගෙන එන්න හිතුවෙ. එහෙනම් ඉතින් අදට මම නවතිනවා. තව එකම එක දෙයක් කියන්න තියෙනවා. මේ චිත්‍රපටියෙ ඉංග්‍රීසි උපසිරසියේ පොඩි පොඩි අඩුපාඩු තිබ්බා. ඒක හින්දා උපසිරසිය කරන්න ටිකක් අමාරු උනා. මගෙ අඩුපාඩු තියෙන්න පුළුවන්. මට පුළුවන් තරම් හොඳට මම උපසිරසිය කරලා තමයි මේ විදිහට අරගෙන එන්නෙ. එහෙනම් අදට සමුගන්නවා.

හැමෝටම ජය

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

10 comments

  1. 50 වෙනි උපසිරැසියට සුබ පැතුම්..❤️

  2. Hashan
    Top Fan ⭐⭐⭐

    සුබ පතනවා බ්‍රෝ පලවෙනි කඩඉමට 👊👊👊

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. සබට ස්තූති මලේ ❤ 50ට සුබ පැතුම්

  5. ඩ්ලා+😉
    Cineru Family Member

    congratulations kollo

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    (psarips/torrentgalaxy/yts
    site wala thiyana honda aluth
    movies walata sub denna plz..)

  7. Malith Sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි 🙏

    50 වෙනි උපසිරැසියට සුභ පැතුම්❤

  8. Congratulations bro ruler 2019 telugu film ekata sub denawada plz

  9. උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    Primal fear (1996)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    K pax (2001)
    In the name of the father (1993)
    Big fish (2003)
    Arlington road (1999)
    Frailty (2001)

  10. අරවින්ද

    සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි මල්ලි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login