The title of the page
Deranged Sinhala Sub
Deranged Sinhala Sub

Deranged (2012) Sinhala Subtitles |පිපාසය|සිංහල උපසිරැසි සමග|

පිපාසයට අර්ථ ගණනාවක් දෙන්න පුළුවන් නේ ඒවාගෙන් මේ දෙක විශේෂයි කියලා හිතුනා සල්ලි වලට තියෙන පිපාසෙ ,වතුර වලට තියෙන පිපාසෙ එත් මේ දෙකම එකතු වෙලා ආවොත් මොකද කරන්නේ..ලෝකයේ සමතුලිත තාවය නැති කරන්නේ කවුද? බලමු මෙහෙම සුපර් මාකට් එකකට ගිහින් බැලුවාම සත්තු එහෙමම පැකට් කරලා තියෙනවා දැකලා ඇති නේ..(Deranged 2012 Sinhala Sub)

පොඩි වරදකටත් සත්තු මරණ මිනිස්සු ඉන්නවා නේ.සත්ව ලෝකයේ භයානක සතෙක් විදිහට මිණි මෝරා හදුවන්න පුළුවන් නේ එත් ඇහිලා තියෙනවද හැමදාම මිනිස්සුන්ට පහර දෙනවා කියලා.එත් දැන් මේ කතා කරන වෙලාවත් ඒ සත්තු කි දෙනක් නම් මැරෙනවා ඇතිද කාගේ හරි බඩ පුරවන්න .ඉතින් නිකන් ඉන්න වෙලාවකට හිතලා බලන්න මේ ලෝකේ භයානකම සත්තු කවුද?

තමන්ගේ වර්ගය පවා මරාගෙන සල්ලි හොයන්න හදන්නේ මොන සත්තු කොට්ටාසයද?
අසනීපයක් හැදුනාම මිනිසුන්ට ඕනේ කරන්නේ බෙහෙත් ඒ බෙහෙත් හංගලා ඉල්ලීම වැඩි උනාම වැඩි මුදලකට විකුනලා තමන්ගේ සාක්කුව පුරවා ගන්න අමුතු සත්තු ජාතියක් ගැන අහලා තියෙනවද? බෙහෙත් වල ඉල්ලීම වැඩි කරවා ගන්න අසනීප හදන සත්තු කොට්ටාසයක් ගැන අහලා තියෙනවද? ඒ අසනීපය නිසා මිනිස්සු බර ගානක් මැරෙනකන් බලාගෙන ඉන්න තමන්ගේ ඉල්ලීම එනකන් බලන්න ඉන්න සත්තු දැකලා තියෙනවද ? තනි වචනයෙන් උත්තර දෙනවානම් ඔව්.මේවා ඔක්කොම කරන්නේ පරිණාමය ගැන හොදටම කතා කරන බුද්ධිය අනිත් සැම කොට්ටාසයකටම වඩා වැඩි මිනිසුන් කියන ජාතිය..

මිනිසුන් කියන සත්ව කොට්ටාසය ඉක්මනටම විනාසය කරා යන සත්වයන් කොට්ටාසයක් මොකද ඒ සත්ව කොට්ටාසයේ විනාසය ලියන්නේ ඒ සත්ව කොට්ටාසය මගින්මයි. සමහර විට එහෙම වෙන එක හොදයි එතකොට මේ ලෝකය තවත් ලස්සන වෙනවා, මේ ලෝකය හෑඩි කරන්නේ කවුද මිනිසුන් නේ එයාලා මෙලෝකයෙන් තුරන් වෙලා ගියාම මේ ලෝකයේ ඉන්න අනිත් හැම සත්ව කොට්ටසයකටම සම අයිතියක් ලැබෙයි හැමෝම නිදහසේ ජිවත් වෙයි නිදහස විදින්න පටන් ගනී මොකද එතකොට ඒ සතුන් මරාගෙන කන්න හදන මිනිසුන් කියන සත්ව කොට්ටාසය නැති නිසා.

හිතලා බලන්න මිනිසුන් මේ ලෝකයට හොදක් කියලා කලේ මොකක්ද? එක හොදක් කළා නම් වැරදි 100 විතර කරලා ඇති..සමහර අය සමහර අයට කියනවා නේද උබ ලෝකයත් බරක් කියලා .ඇත්තම කියනවා නම් සැම මනුස්සයෙක්ම ලෝකයට බරක්.මේ ෆිල්ම් එකත් ඒ වගේ දෙයක් වෙන්නේ මනුස්සයන්ගේම උවමනාවකට හදන වයිරස් එකක් නිසා වෙන විනාසයක් ගැනමයි මේ කතාව යන්නේ මන් මේකට පිපාසය කියලා නම දැන්මේ ඇයි කියලා ෆිල්ම් එක බලලාම තේරුම් ගන්න නොබලා ඉන්න එපා ,සුපිරි ෆිල්ම් එකක් මේක

අන්තිමට කියන්න තියෙන්නේ ජිවත් වෙලා ඉන්න ටික කාලේවත් කිසිම සතෙකුට හිරි හැර කරන්න එපා.පුළුවන් තරම් අවංක වෙන්න තමන්ට.එහෙනම් ගිහින් එන්නම් තව උපසිරසියකින් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

5 comments

  1. Ehd e Wafa සුපිරි Series එකක් 8.7 IMDB පුලුවන්නම් සබ් දෙන්න. නියමයි. ජයවේවා..!

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login