The title of the page
5.4
37
54

Deep Water (2022) Sinhala Subtitles | “ගැඹුරු දිය” | සිංහල උපසිරැසි සමඟ (18+)

(Deep Water (2022) Sinhala Subtitles) (Deep Water 2022 Sinhala Subtitle) (Deep Water Sinhala Subtitle) (Deep Water Sinhala Sub)

හායි කොහොමද යාළුවනේ ඔයාලට, ඉතින් සුපර්මෑන් කතාවෙන් පොඩ්ඩක් ඇත් වෙලා අද මම DEEP WATER (2022) චිත්‍රපටයට උපසිරැසි අරගෙනයි ආවේ. අද මගේ උපසිරසි ජීවිතේ කඩයිමක් ඒ කියන්නේ මං සිනෙරූ වෙබ් අඩවියත් එක්ක එකතු වෙලා කරන 50* වෙනි උපසිරසිය තමා මේක. ඉතින් උපසිරසි ජීවිතේ පටන් ගත්තේ ෆිල්ම් නිසා ෆ්‍රී ටයිම් එකේ විදේශීය චිත්‍රපට, කතාමාලා බල බල ඉද්දි දවසක් හිතුනා උපසිරසි කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න මිනිස්සු හැටියට අපි කැමතියි ඉගෙන ගන්න අත්හදා බැලීම් කරන්න & Etc…

ඉතින් මගේ පරණම ෆිල්ම් නිසා සෙට් වුණ යාළුවෙක්ගෙන් ඇහුවා.. පොර තමා කියලා දුන්නේ.. මේකට උපසිරසි කරපන් කියලා ෆිල්ම් එකකුත් හොයලා දුන්නා. VISHMAYAM (2016) මලායලම් චිත්‍රපටයට උපසිරසි කරලා සිනෙරු වෙබ් අඩවියත් එක්ක පටන් ගත්ත උපසිරසි ජීවිතේ අද පළවෙනි සංදිස්ථානයකට ඇවිත්. අතීතය දිහා හැරිලා බලපුවහම පුංචි නිහතමානී සතුටක් තියෙනවා.. ඒ වගේම අපේ වෙබ් අඩවියේ බිග් බොස් සමිත රමේෂ් අයියා, පීටර් අයියා, අංජුල මලයා, මදුශාන් අයියා, චූටියා ඒවගේම එකී මෙකී නොකී අපේ සිනෙරූ ටීම් එකේ හැමදෙනාවම ආදරෙන් මතක් කරනවා. ඇති නේද දැන් කියලා ඔයාලට හිතෙයි. ඒ හින්දම මං මගේ කතාව මෙතනින් නවත්තනවා..අපි එහෙනම් චිත්‍රපටිය පැත්තට පොඩ්ඩක් බලමු.

               – “එයා හරි වෙනස්.”

               – “මගේ බිරිදගේ සංස්තිය වෙනස්.”

               – “මං එයාට ආදරෙයි.”

මෙහෙම කියන්නේ අපේ කතාවේ ප්‍රධාන චරිතේ ඒ තමා වික්ටර් වැන් ඇලන්, මෙයාගේ බිරිඳ තමා මෙලින්ඩා වැන් ඇලන් මෙයාලට අවුරුදු හයක දුවෙකුත් ඉන්නවා එයා ට්‍රික්සි වැන් ඇලන්. ඉතින් මේ තුන් දෙනාගේ පුංචි පවුලට මොකක් වෙයිද? ඔයාලා චිත්‍රපටිය බලන්න කලින් ට්‍රේලර් එක බැලුවානම් ඔයාලට කතාව ගැන පොඩි හරි අදහසක් ගන්න පුළුවන්. මෙලින්ඩා කියන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයාට ගොඩක් ආදරේ කරන බිරිඳක්. හැබැයි මෙයාට දකින දකින මිනිස්සුන්ට හිත යන ලෙඩක් තියෙනවා.. ඒ ලෙඩේට කියන නම නම් මන් දන්නේ නෑ.

ඉතින් මේ දේවල් වලට වික් කරන්නෙ මොනවද කියලා තමා කතාව යන්නේ. වික් කියන්නේ ඩ්‍රෝන යානා වලට පරිපත සදන නිර්මාණ ශිල්පියෙක්.

මේ වික්ගේ චරිතෙට පන දෙන්නේ බෘස් වේන් (හිටපු බැට්මෑන්) ඒ කිව්වේ බෙන් ඇෆ්ලෙක්. මෙලි න්ඩාගේ චරිතෙට පණ දෙන්නේ ඇනා ඩි ආර්මෙස් විසින් තව ක්‍රිස්ටෙන් කැනෝලී, ජකෝබ් එලෝර්ඩි වගේ නළු නිළියෝ රැසක් ඉන්නවා. ඉතින් මේ කතාවට IMBD 5.4/10  අරගන්නවා. රේටින් වලින් චිත්‍රපටි මනිනවානම් ගොඩක් දෙනෙක් මේ වගේ කතා මිස් කරනවා කියලා මම දන්නවා ඒත් මේ වගේ කතා මිස් නොකර බලන තරමට වටිනවා. එක පැත්තකින් මේ ක සීරියල් කිලර් ගණයකට ගන්නත් පුළුවන් තවත් පැත්තකින් ආදරය නිසා කරන පළිගැනීමක් කියලත් ගන්න පුළුවන්. කොහොම උනත්. ඇමරිකාව වගේ රටක සංස්කෘතියත් එක්ක යන මේ කතාව නම් පොඩි අයත් එක්ක බලන්න නම් බෑ. මොකද මේක 18+. එහෙනම් ඉතින් මං මෙතනින් එහාට ඔයාලට වදයක් වෙන්නේ නෑ ඔයාලම කතාව බලන්න, බලලා ඔයාලගේ අදහස ගැන වචනයක් අපේ කමෙන්ට් සෙක්ශන් එකේ හලාගෙන යන්න.

සුභ දවසක් හැමෝටම…

සිනෙරූ වෙබ් අඩවිය වෙනුවෙන්, මම ෂෙහාන් සචින්ත.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

20 comments

  1. Ane film eka download karanna bane pennanne nana video kiyala.link eka dannako plz

    • VPM on කරගෙන සයිට් එකට ආවාම ඩවුන්ලෝඩ් ලින්ක් පෙන්නන්නෑ..VPN ඕෆ් කරලා සයිට් එකට ලොග් වෙන්න..

  2. Elakiri kollo

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Nice thx🙏🙏🙏🙏🙏🙏🙏

  5. Thank you mama vpn off karala log una.download karagaththa.👍😊

  6. Thank you mama vpn off karala log una.download karagaththa

  7. Thanks saho…. 👍👍🖐️🖐️🙏🙏

  8. udaya saman
    Cineru Family Member

    50 වෙනි උපසිරසියට මගෙන් උණුසුම් සුභ පැතුම් සහෝ……දිගටම සබ් දෙමු සහෝ.

  9. එච්. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    50වෙනි උපසිරැසිය වෙනුවෙන්
    සෙහාන් සචින්ත සහෝට
    උණුසුම් සුභ පැතුම්!
    වටේ නොයා හිටියා නම් දැන්
    උපසිරැසි 150ක් වත් ඉවරවෙලා😁

  10. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  11. Thanks jayawewa….!

  12. ජය වේවා ෂෙහාන් . . . ඇඩ්මින් සමිත බ්‍රෝටත් ජය වේවා!

  13. Tnx bro.Great job.

  14. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  15. Sasanka Virajith

    Congratulations for the 50th sub broh !

  16. Maamanithan film ekata sinhala subtitle ekai oruthee film ekata sinhala subtitle ekai denna puluwan d please

  17. deep sea mutant snake 2022 meke sub eka nadda

  18. සිංහල උපසිරස ලබා දුන්නා බොහොම ස්තූතියි

  19. Thanks for the sub!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login