The title of the page
darbar sinhala sub
6.1
89

Darbar (2020) Sinhala Subtitles |නරක පොලිස් නිලධාරියෙක්!| සිංහල උපසිරැසි සමඟ |

ඔන්න මම තවත් සබ් එකක් අරන් අවා ඒ මගේ ප්‍රියතම නලුවා රජිනිගේ ධර්බාර්. හරිම සතුටක් දැනුනා මේ ෆිලුමෙන් පරන රැජිනි ස්ටයිල්  එක න්න ලැබීම ගැන. මගෙන් වැඩි විස්තර ඕනේ නෑ නේ. Facebook හි  අපි බැලු චිත්‍රපටි හා දමිළ සිනමාව  හි ඇඩ්මින් සසිත් සුදර්ශන මොකක්ද කියන්නෙ කියල බලමු

Rajinikanth ගෙ කලින් චිත්රපටි වගේම මේකත් අතිසාර්ථක සුපිරිම Blockbuster චිත්රපටයක් කියල මුලින්ම කියන්න ඕන. කට්ටිය Rajinikanth ගෙ වයස ගැන මොන කහන කතා කියල තිබුනත්,😂 ඒව සේරම Petta, Kaala, Kabali, Enthiran, 2.0 වගේ චිත්රපටි තුලින් ඔහු ඒවට තදින් පිලිතුර සැපැයුව, දැනුත් මේ වර්ශය තුලත් මේ Darbar චිත්රපටය තුලින් නැවතත් වයස කියන එක නිකම්ම නිකන් සංඛ්යාවක් විතරයි කියල ඔහු තදින්ම සනාත කර තිබෙනව. ඉතින් සමහරක් අය කියනව යකෝ රජිනි දැන් වයසයිනේ ඒ නිසා තරුණ චරිත කරන්නැතුව තමන්ගෙ වයසත් එක්ක බලල තමන්ගෙ වයසට සරිලන චරිත පමණක් තෝරල බේරල කරානම් හරිනෙ කියල. ඉතින් එයාලට කෙලින්ම කියන්න තියෙන්නෙ මේ සැබෑ ජීවිතය සහ සිනමාව කියන එක පටලවගන්න එපා කියල.😂 සිනමාව තුල රංගන ශිල්පීන්ට තමන්ගෙ දක්ශයෙක් නම් වයස් බේදයකින් තොරව ඕනම චරිතයක් කරන්න පුලුවන් ඒ කරන චරිත වල සාර්ථකත්වය අසාර්ථකත්වය ප්රෙක්ෂකයො තීරණය කරාවි. ඉතින් රජිනි ඒ කරපු චරිත අතිසාර්ථක ලෙස ප්රෙක්ෂකයින් ප්රශංසාවට ලක්කරා👍. ඔහු සාර්ථකයි. ඒ නිසා ප්රෙක්ෂකයො ඉල්ලන චරිතයකින් තමයි මේ චිත්රපටයත් නිර්මාණය කරල තිබෙන්නෙ. ඉතින් ඔය මොන නාකි කතා කිව්වත් රජිනි කියන්නෙ සැබෑ ජීවිතයෙ පොලොවෙ පයගහල ඉන්න නළුවෙක් ඔහු බොලිවුඩ් වල ඉහල පෙලේ ඉන්න නමගිය නළුවො වගේ තමන්ගෙ වයස හංගල මෝඩ කෙල්ලො කොල්ලො වශීකරල,😂 සැබෑ ජීවිතය තුල බොරුවෙන් ජීවත් වෙන්නට උත්සහ කරන්නෑ. ඒත් ඔහුට තරුණයින් තරුණයන් එදා වගේම අදත් කැමතියි අදත් ඔහුට ආදරය දක්වන! මොකද ඔහු සැබෑ ජීවිතය සහ සිනමාව පටලගෙන බොරුවෙන් ජීවත් වන නළුවෙක් නොවන නිසා.

ඉතින් චිත්රපටය ගැන කියනවනං මේකෙ අධ්යක්ෂනය A. R. Murugadoss විසින් තමයි කරල තියෙන්නෙ. ඔහු දමිළ සිනමාව වෙනුවෙන් Ghajini, 7am Arivu, Kaththi වගේ විශිෂ්ටවූ චිත්රපටි බිහිකරපු අධ්යක්ෂක වරයෙක්. ඒ වගේම ඔහු හොඳ Producer කොනක්.ඉතින් ඒ වගේම Rajinikanth ගෙ මේ චිත්රපටයත් ඔහු උපරිමෙන්ම කරල තියෙනව. මෙහි සංගීතය ගැනත් යමක් කිව යුතුයි, BGM නම් සුපිරියි Anirudh Ravichander කියන්නෙ මොන වගේ පොරක්ද කියල කවුරුත් දන්නව. ඔහු චිත්රපටියකට සංගීතය සැපයුව කියන්නෙ ඒ චිත්රපටය තවත් ජනප්රිය වීමට තදින්ම බලපාන තවත් කාරනයක්. ඔහු හරියට A. R. Rahman වගේ විශිෂ්ට හැකියාවක් ඇති නිර්මාණ කරුවෙක්. චිත්රපටියක සෑම අවස්ථාවක්ම මිනිස්සුන්ට දැනෙන්නට අවශ්ය ශ්රව්යය රසය පිනවන්නට යෙදාගතයුතු සංගීත රටාවන් හොඳට ඔහු දන්නව.කලින් Petta චිත්රපටියෙ වගේම මේ චිත්රපටයෙත් ඔහු විශිෂ්ට ලෙස තම රාජකාරිය ඉටු කරල තිබෙනව. ඒ වගේම චිත්රපටයක් සාර්ථක වීමට බලපාන අනිත් කරුණු වන කැමරාකරනය, අලෝක කරනය වගේම අනිත් සියලුම දෙවල් සාර්ථක ලෙස චිත්රපටයට යොදාගෙන තිබෙනව. රංගන ශිල්පීන් ගැන කියනවනං ප්රධාන චරිතය කරන Rajinikanth ගෙ ඒ පරණ ගැම්ම ඒ විදියට තියෙනව. චිත්රපටයෙ තිබුන පොඩි පොඩි දුර්වල තැන් ඔහුට යටයි. ඔහුගෙ රංගනය අති විශිෂ්ටයි ඒ වගේම අච්චර වයස වෙලත් නර්තය සහ ඇක්ෂන් සීන් සාර්ථක ලෙස කරන හැටි සහ ඔහුගේ විදින පන්ච් ඩයලොග් ගැන පැසසුමට ලක්කර යුතුමයි. ඒ නිසානෙ තරුණ මහළු හැමෝම ඔහුට තවමත් Thalaivaa කියල ආමන්ත්රණය කරන්නෙ. ඒක තනිකරම බ්රෑරෑන්ඩ් එකක්, ඒ බ්රෑන්ඩ් MGR සහ Sivaji වගේම සදාකාලිකයි. ඉතින් ඊට අමතරම Sunil Shetty කියන අග්රගණ්ය නලුව තමයි විලන් විදියට ඉන්නෙ ඔහු චිත්රපටියට මාරම ගැමක් දීල තියෙනව. ඔහු එන්නෙ චිත්රපටය හරි අඩක්ම ගෙවිල ගියාට පසුව, හරියට තොයිලෙක බෙරේ ගහල හොඳම හරිය එනකොට කවුරුත් බයකරගෙන ලොකුම යකා කඩා පාත්වෙනව වගේ.ඉතින් ඔහු කස්ටිය කිව්ව විදියට රජිනිගෙ ඒ චරිතයටම ගැලපෙන විලන් කෙනෙක්, චිත්රපටය තුල හොඳ කුතුහලයක් දීල තමයි ඔහුව දරුණු චරිතයක් විදියට චිත්රපටය තුලට හදුන්වාදෙන්නෙ. ඇත්තටම රගුවරන්වත් මතක් වුනා ඒ ගැම්මටම. ඒ වගේම Yogi Babu ගැනත් කියන්න ඕන. ඔහු අතිසාර්ථක ලෙස ප්රෙක්ෂකයාව හාස්ය රසය තුලින් පිනවීමට සමත්වුනා, පොර දැන් සන්තානම් සූරි වගේ නළුවන්ගෙ ලෙවල් එකෙන්ම ඉන්නව.ඉතින් චිත්රපටිය තුල කැපීපෙනෙනම චරිත තුන තමයි Rajinikanth, Sunil Shetty, Yogi Babu. ඉතින් ඊට අමතරව දුවගෙ චරිතය කරන Nivetha Thomas හොඳ රංගනයක නියැලෙනව, ඇය කොහොමත් කාගෙත් දුවනෙේ. ඒ වගේම Nayanthara ටත් වැඩ පෙන්නන්න පොඩි චරිතයක් තමයි හම්බවෙලා තියෙන්නෙත්. ඇයට ඒ ලැබුන පොඩි කොටස් ටික සුපිරියටම ඇය කරල තිබුන.

ඉතින් චිත්රපටියෙ කතාව ගැන කෙටි විස්තරයක් කරනවනං මේක පටන්ගන්නෙ පිස්සුවෙන් වගේ Mumbai වල සිටින මැරයින්ව ඝාතනය කරගෙන යන යකා නටන Aadithya Arunachalam IPS (Rajinikanth) ගෙන්. ඔහුව චිත්රපටය තුලට ඇතුල්වෙන්නෙ දරැණු ඝාතන වැටලීම් සහ සුපිරිම වලි සීන් ටිකක් එක්ක.ඉතින් ඒ ගැම්ම අන්තිම වෙනක්ම ලස්සනට ඇදගෙන යනව සුපිරියි.කාටවත් Arunachalam IPS ව නවත්වන්නට බෑ කොටින්ම human rights වලින්වත්. ඉතින් ඔහු මෙච්චර දරැණු වීමට හේතුව කුමක්ද?අන්න ඒ ගැනයි මේ චිත්රපටය Mumbai පොලිසියේ නම්බුව රැකගන්න ගේම ගහන දූෂණ වංචාවෙන් තොර කෙලින් වැඩ කරන කෙලින් චරිතයක් තමයි Arunachalam IPS කියන්නෙ. හරිම සංවේදී දර්ශනත් චිත්රපටය තුල ඇතුලත්ව තියෙනව. ඉතින් ඔහුගෙ මේ දුක්බර කතාව ගැන දැනගන්න ඔබත් අනිවාර්යයෙන් Darbar චිත්රපටය නරඹන්න. 👍

ලිපි සැකසුම:   සසිත් සුදර්ශන

අපි බැලු චිත්‍රපටි හා දමිළ සිනමාව  වෙනුවෙන්

තවත්  මෙවැනි උපසිරසිකින් හමු වෙමු ….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HC HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

4 comments

  1. Thanks super bar pluwannam spycise amine sub dennko please thanks

  2. ela supiri film ekak sinhala sube ekata thanks {commando 3 ekata sube dannako}jayawewa//

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. තැන්ක්ස් සබ් එකට පිටරයා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login