The title of the page
Commando 3
5.6
92

Commando 3 (2019) Sinhala Subtitles |සටන්කාමී සෙබලා නැවතත්..|සිංහල උපසිරැසි සමග|

Commando 3 2019 Sinhala Sub

හැමෝටම ආයුබෝවන් සුභ සන්ද්‍යාවක් වේවා කියලා කියන ගමන් ඔන්න අදත් . Cineru .lk අපි තවත් අලුත් සිනමා සිත්තමකට සිංහල උපසිරැසි අරගෙන ආයෙත් ආවා(Commando 3 Sinhala Sub)….. 


අපි කිව්වට මේකට නම් සිංහල උපසිරැසි අරගෙන ආවේ Cineru පවුලේ ඔයාල ගොඩක් අදුරන දෙන්නෙක් තමා …

එක්කෙනෙක්වනම් වැඩිපුරම බලාගන්න පුලුවන් අලුතින්ම නිකුත් වන සුපිරි ම English ෆිල්ම්ස් වලට උපසිරැසි ගේන සමිත රමේශ් ඔයාල හොදට අදුරනවා ඇතිනේ………..

අනිත් කෙනාත් අපි හැමෝම දන්න කෙනෙක් තමා ඒ අපේ Cineru පවුලේ පොඩ්ඩා අසංක වීරසිංහ…

ඉතිං මේ දෙන්නා එක්ක එකතු වෙලා ගොඩක් වැඩ අස්සේ ඔයාල වෙනුවෙන් ඉක්මනටම වෙනදා වගේ. මේ සිනමා සිත්තමටත් උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙනවා ….

වැඩි කතා ඕනෙ නෑ අපි දැන් චිත්‍රපටිය බලමු……..

මම චූටි හිතුවක්කාරයා …………….

Commando 3 Sinhala Sub

ආහ් ඊට කලිං අපේ Villain මධුවා
Madhushanka Liyanage ගෙන් චිත්‍රපටිය ගැන අදහසක් ……

මාශල් ආට්ස්.. සාමාන්‍යයෙන් ඉන්දීය සිනමාවට ඒ තරමට හුරු දෙයක් නෙවෙයි. ක්‍රියාදාම චිත්‍රපට දහස් ගණනක් නිපදවුවත්. ඉන්දීය සිනමාවේ නලුවන් කොතරම් සිටියත් .සටන් කලාව ප්‍රගුණ කල ප්‍රධාන පෙලේ නලුවන් සිටින්නේ ඉතාම අඩුවෙන්.
අතීතයේ හින්දි සිනමාව ගත්තත්. සටන් නලුවන් ලෙස හින්දි සිනමාවේ ඉහලින් වැජඹුනේ ආක්ශේ කුමාර් සුනිල් ෂෙට්ටි සනී ඩියෝල් වැනි ප්‍රබලයන්.

නමුත් කාලයාගේ ඇවෑමෙන් හින්දි සිනමාව තුල සටන් නලුවන් හිඟයට විසඳුමක් ලෙස මාශල් ආට්ස් ප්‍රගුණ කල චරිතයක් බිහිවෙනවා.
ඒ විද්‍යුත් ජාම්වාල්. අදටත් හිතෙන දෙයක්.ඉන්දීය සිනමාව ඔහුගෙන් හරියට වැඩක් ගන්නේ කවදද කියන එක. මන්ද ඔහුගේ හැකියාව ඉදිරිපත් කල හැකි ආකාරයේ චිත්‍රපටයක් තවමත් ඉන්දීය සිනමාවේ බිහිවී නෑ .

නමුත් වෙනසක් සිදු කරන්නට ඔහු කරන උත්සහයන් වල ප්‍රතිඵලයක් ලෙස කමාන්ඩෝ චිත්‍රපට මාලාව හඳුන්වන්න පුලුවන්.කමාන්ඩෝ චිත්‍රපට මාලාව බොහෝ දෙනෙක් නරඹා ඇති.

මේ ගෙන එන්න හදන්නේ එම චිත්‍රපට මාලාවේ තුන්වැනි දිගහැරුම.
පසුගිය නොවැම්බර් 29 වනදා ලොව පුරා තිරගත කෙරුන කමාන්ඩෝ 3 විද්‍යුත්ගේ සටන් නිපුණත්වය හොඳින්ම ලොවටම විදහා පානවා.

Commando 3 2019 Sinhala Sub

විශිෂ්ඨ ඝණයේ සටන් ජවනිකා ගණනාවක් ඇතුලත්. තාත්ත්වික මට්ටමේ සටන් අත්දැකීමක් ලබාගන්න කැමති සැමටම අනිවාර්යයෙන් වටිනා නිර්මාණයක් කමාන්ඩෝ 3.

ආදිත්‍ය දත් විසින් අධ්‍යක්ෂණය කරන ලද ක්‍රියාදාම ත්‍රාසජනක කාණ්ඩයට මෙය නිෂ්පාදනය කරන්නේ රිලයන්ස් එන්ටර්ටේන්මන්ට් සහ මෝෂන් පික්චර් කැපිටල් ආයතන විසින්.

මෙහි චිත්‍රපටයේ විදුත් ජම්වාල් වගේම , අදා ෂර්මා සහ අංගිරා ධාර් ප්‍රධාන චරිත නිරූපණය කරන අතර ගුල්ෂාන් දේවායියා ප්‍රතිවීර චරිතය නිරූපණය කරනවා.

කතාව ගැන වැඩි යමක් කියන්නට යන්නේ නෑ . මුම්බායි පොලිසීය විසින් අත් අඩංගුවට ගන්නා ත්‍රස්තවාදී පිරිසකගෙන් ප්‍රශ්න කිරීම් කලත් . කිසිදු තොරතුරක් ලබාගන්නට බැරි තැන.

කමාන්ඩෝ කරන් පොලිස් සහයට ගෙන්වා ගන්නවා. එතැන් සිට ඉතිරිය එක හුස්මට නැරඹීම ඔබට බාරයි. කුතුහලය පිරුණු සුපිරි ක්‍රියාදාමයන් බලන්න ලෑස්ති වෙන්න කියලා කට්ටියටම ආරාධනා කරනවා.

Imdb දර්ශකයේ 5.9 ක අගයක් සහ ගූගල් පරිශිලකයන් විසින් 93% ක කැමැත්තක් ලබාදුන් මේ අපූරු චිත්‍රපටය නරඹන්න කියලා ඉල්ලන ගමන් මම සමුගන්නම්.

එහෙනම් තවත් අපූරු සිනාම සිත්තමකට උපසිරැසි අරගෙන ආයෙත් ඔයාලව හමුවෙන අපි සිනෙරූ පවුලෙන් සමිත රමේශ් හා අසංක වීරසිංහ ……..

ගිහිං එන්නම් හැමෝටම
බුදු සරණයි …
දෙවි පිහිටයි…

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සමිත රමේෂ් සොයුරාට සහ අසංක වීරසිංහ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

13 comments

  1. thanks bro

    • පිස්සු හැදෙනවනෙ ඉතින් ………..amazing …….. ටැමිල් එකටයි ,හින්දි එකයි දෙකම දීලනෙ …….. thanks you brothers…….

  2. dapu gaman bawo ela {සමිත රමේෂ් සහ අසංක වීරසිංහ}suppa bro sube ekata thanks [ ruler 2019}film ekata sube dannako jayawewa…

  3. ude idan heuwa sub eka – thanks sub ekata (ramesh & asanka) jayawewa ……………………

  4. පට්ට වැඩක් සිනෙරූ ,
    අසංකයා❤️
    & සමිත රමේශ් සහෝදරයා ❤️❤️❤️😍

  5. වෙනද වගේම හොඳ කොපියක් ආපු හැටියෙ සබ් එක ගෙනැල්ලා 👊👊 බොහොම ස්තුතියි බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 👍😊..

  6. ආදරෙයි 😍

  7. මාලින්ද සදරුවන්
    Cineru Family Member

    සමියා
    අසංකයා

    ගැම්මක් බන්,එල එල ඔහොම යමු

    කාටත් කලින් එසැනින්

  8. elama boys

  9. දිලාන්

    තැන්ක්ස් මචං අසංකය නිසා comment එකක් නොදා බෑ

  10. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  11. ඩව්න්ලොඩ් කරන්න තියෙන විදිය පට්ට , තැන්ක්ස් සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login