The title of the page
Curiosa 2019 Sinhala Sub
Curiosa 2019 Sinhala Sub
5.4

Curiosa (2019) Sinhala Subtitles | ශෘංගාරයේ සාහිත්‍යය | සිංහල උපසිරැසි සමඟ (18+)

IMDb 5.4/10

“වයස් සීමාව (වැඩිහිටි +18ට ඉහළ ) සැලකිල්ලට ගෙන නැරබීමෙන් ඔබගේත්, වෙබ් අඩවියේත් ගුණාත්මක බව හා නිර්වද්‍යතාවය සුරැකේ. “

(Curiosa (2019) Sinhala Sub) මේ පාර සිංහල උපසිරැසි අරන් ආවේ ප්‍රංශ සලරුවකට.සාමාන්‍යයෙන් ප්‍රංශ සිනමාව ගොඩක් සංභාව්‍යාත්මකයි.ඉතිං මේක වැඩිහිටියන්ට පමණක් සුදුසුයි කියලා මං ආයේ මතක් කරනවා, නැත්නම් මේකේ හරයත් සම්පුර්ණයෙන්ම විනාශ වෙන්න පුළුවන්.

කතාව ගැන කිව්වොත් 19 වන සියවසේ ප්‍රංශයේ සිටි ප්‍රසිද්ධ රචකයෙක් වන Pierre Louys (Niels Schneider) සහ ආධුනික ලේකීකාවක්‌ වූ Marie De Heredia (Noemie Meriant) අතර ඇතිවෙන ආදර සම්බන්දය ගැන තමයි plot එක යන්නේ. ඒ කියන්නේ මේක biography/Romance/Drama කාණ්ඩ වලට අයත් වෙන සත්‍ය කතාවක්. (Marie)මරී වෙනත් කෙනෙක් සමග විවාහ වෙන්න ඉද්දි තමයි (Pierre)පියෙර් එක්කත් සම්බන්දය පටන් ගන්නේ, ඒ වගේම මරිගේ නංගි (Loluise)ලොලුයිස් (Mathilde Warnier) ඉන්නෙත් පියෙර් ගැන අදහසකින්. පියෙර් කවි ලියනවට අමතරව චායාරූපකරණයේත් යෙදෙනවා.හැබැයි ඒ ඔහු කාමාශාවෙන් සිදු කරන විනෝදාන්ශයක්. ඔහු බොහෝ ලෙස කාන්තාවන් ඇසුරු කරන සෙල්ලක්කාරයෙක්, (Zohra)සොහොරා (Camelia Jordana) කියලා යුවතියක්‌ තමා ඔහු ළගින්ම ඉන්නේ.මරී සහ පියෙර් අතර තිබෙන බැදීම විටෙක හරිම අසාදාරන බවත්, තවත් විටෙක ඔවුන් ආදරය හා රාගය පටලවාගෙන ජීවත් වෙන බවත්, රැවටීම්, දුක් කදුළු වගේම වෛරය, කාමාශාව හා ආදරය යන ගොඩක් අවස්ථා එක්ක කැටි වෙලා ගලාගෙන යන ජිවිත කතාවක් විදියට මේ චිත්‍රපටය තුළ අන්තර්ගත වෙනවා.

සෑහෙන වෙලාවක්‌ ගියා මේකේ poem වලට සබ් කරන්න, ඒ නිසා මග අරින්නේ නැතුව බලන්න මේ category එකට ආස අය, ලොකු මහන්සියක් අරන් තමයි මේකේ කවි translate කලේ.ඒ වගේම මේකේ ලොලුයිස් (ලුයිස්) හා පියෙර් ලොයිස් කියන නම් දෙක පටලවාගන්න එපා.මටත් මගක් යද්දී තමා ඒක මීටර් වුනේ. ලොලුයිස් කියන්නේ මරීගේ නංගි (Mathilde Warnier) එයාටත් ආදරේට කියන්නේ ලුයිස් නිසා පියෙර්ගේ වාසගම එක්ක පැටලෙන්න පුළුවන්.

මේ චිත්‍රපටයට තවත්  Benjamin Lavernhe, Meolodie Richard හා Amira Casar වැනි නළු නිලි පිරිසකුත් රංගනයෙන් දායක වෙලා තියෙනවා.පියෙර් හා මරී ආදරය ජයගනීද? මරීගේ විවාහ ජිවිතයට කුමක්‌ වේවිද? ඔවුන්ගේ කලා ජීවිතය මොන වගේ වේවිද?එහෙනම් චිත්‍රපටය නරබන්න.උත්තර හොයාගන්න ලැබෙයි.තවත් උපසිරැසියකින් හමුවෙමු.

“කාමය, රාගික දෑ පිළිබද ඇති කුතුහලය Curiosa ලෙසින් අර්ථ දැක්වේ.”

විසූ රාජපක්ෂ (ක්ලේමන්ටයින්)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

14 comments

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    අරන්ම බලන්නම්කෝ එහෙනම් ඕං 🌻

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    මේ වගේ ඒවට සබ් කරනවද දැන් එහෙනම් Love (2015) චිත්‍රපටියටත් සබ් කරන්න පුළුවන්ද

  3. Thanks…..jayawewa….!

  4. Lady Chatterley (2006) සබ් එකත් දෙනවද?

  5. 9 songs, Intimacy ෆිල්ම්ස් දෙකටත් සබ් දෙන්න පුලුවන්ද?

  6. thanks for sub

    request-

    The Last House on the Left 2009

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login