The title of the page
96

Miss India (2020) Sinhala Subtitles | සිහිනය පසුපස | සිංහල උපසිරැසි සමඟ

(Miss India (2020) Sinhala Sub) ආයුබෝවන් ආදරණීය සිනමාලෝලී යාලුවො හැමෝටම.අලුත්ම තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන තමා මං වෙබ් අඩවියට ගොඩ වුනේ.මේ වසරේ අප්‍රේල් 17 නිකුත් වීමට තිබුනා කොරෝනා නිසා කල් ගිය තවත් ෆිල්ම් එකක් තමයි මේක.ඉතින් පහුගිය දවසක නිවේදනයක් නිකුත් කරමින් Miss India චිත්‍රපටය Netflix හරහා නොවැම්බර් 04 නිකුත් කෙරෙන බව පැවසුවා.

Drama Romance කාණ්ඩයේ වගේම ව්‍යාපාරික පැත්තට බරව යන නියම චිත්‍රපටයක් තමයි මේක.ප්‍රධාන චරිතය නිළියක් විසින් සිදු කරන එකත් විශේශ දෙයක්.ඒ අනුව ප්‍රධාන නිලිය ලෙසින් එක් වෙන්නෙ වර්තමාන තෙලිඟු සිනමාවට සාවිත්‍රිනියක් වූ සම්මානලාභී විශිෂ්ඨ යොවුන් නිලිය Keerthy Suresh.Mahanati චිත්‍රපටය බලපු අයට මං අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ඇගේ රංගන හැකියාව.ඒ චිත්‍රපටය වෙනුවෙන්ම තමා ඉන්දියාවේ සියලුම සිනමා කර්මාන්ත අභිබවා යමින් තෙලිඟු සිනමාවට ගෞරවයක් එක් කරමින් ඇය හොඳම නිලිය ලෙස සම්මාන ලබා ගත්තේ.
මේ ඇයගේ 20 වෙනි චිත්‍රපටය.

අනිත් අතට කියන්න කණගාටු කරුණ නම් මේ OTT මාධ්‍යයක් හරහා අන්තර්ජාලයට කෙලින්ම පිටපත් නිකුත් කරන ඇගේ දෙවන චිත්‍රපටය.පලවෙනි එක තමා මේ අවුරුද්දේ ආව Penguin චිත්‍රපටය.ඉතින් සිනමා කර්මාන්තයට කොරෝනා වලින් දැන් ඕනවටත් වඩා බලපෑම් කරල හමාරයි. 😪

ඉතින් කීර්තිට අමතරව Jagapathi Babu, Rajendra Prasad, Nadhiya යන අයත් මෙහි රංගනයෙන් එක් වෙනවා.ඒ වගේම මෙය Narendra Nath ගේ අධ්‍යක්ශණයෙන් , Mahesh S Koneru නිෂ්පාදනයෙන් වගේම S Thaman ගේ සංගීතයෙන් හැඩවයි නිම වෙන්නෙ.

එහෙනම් ඉතින් මම චිත්‍රපටිය ගැන නම් මොකුත් කියන්නෙ නෑ.උණු උණු වෙ ඩ්ජිටල් රිලීස් වෙලා සිනෙරූ සබ් එකෙන් රසගැන්විලා එනකොට කට්ටියට තියෙන්නෙ බෙදාගෙන රසවිඳින්න තමයි.ගිහින් එන්නම් මේ විදියට 128 වන සිංහල උපසිරැසි ගැන්වීම අවසන් කරමින් තවත් උපසිරැසියක් එක්ක ඔයාල හම්බවෙන්නෙ එන බලාපොරොත්තුවෙන්.දිගටම රැදෙන්න සිනෙරූ සිංහල උපසිරැසි අඩවිය එක්ක.
හැමෝම පරිස්සමෙන් ඉන්න

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

12 comments

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    අම්මෝ එනකල් බලන් හිටියේ. පට්ට ස්තූතියි මද්දෝ. ගොඩක්ම ස්තූතියි. මේක බලන්නම ඕනේ ෆිලුමක්. සුපිරියක්. සුපිරි සුපිරි සුපිරි 🌻🌻🌻🌻🌻

  2. thanks bro

  3. thanks sub ekata jayawewa…………..

  4. සබ් එකට ගොඩක් ස්තූතියි!

  5. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri Ela

  6. අඩෝ පට්ට බන් තැන්ක්ස් මදුවා😌❤️

  7. එනකල් මග බලන් ඉදපු එකක්❤
    උපසිරැසියට බොහොම ස්තුතියි💙

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. Black Addem
    Cineru Family Member

    බොහොම ස්තූතියි
    ඔන්න එහෙනම් සබ බාගත්තා

  10. චානක තිලංක
    Cineru Family Member

    නියම ෆිල්ම් එකකට මේ පාර සබ අරන් ඇවිල්ලා තියෙන්නේ. බොහොම ස්තූතියි මදූ අයියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login