The title of the page
Crakk (2024) Sinhala Subtitles
Crakk (2024) Sinhala Subtitles
6.1
14
93

Crakk (2024) Sinhala Subtitles | “දින්නොත් ජීවත් වේවි” | සිංහල උපසිරැසි සමඟ

(Crakk (2024) Sinhala Subtitles) (Crakk (2024) Sinhala Subtitle) (Crakk  Sinhala Subtitle) (Crakk Sinhala Sub)

එහෙනම් ආයුබෝවන් ඔක්කොටම..

කොරියන් ඒවටනෙ මම වැඩියෙන්ම උපසිරැසි නිර්මාණය කරන්නෙ.. ඔන්න එහෙනම් මං ගානෙ 25 පාන්දර ආව සුපිරිම සුපිරි හින්දි සළරුවක්..  විශේෂම දේ තමයි මේක මගේ 600* වෙනි උපසිරැසි නිර්මාණය.. විනෝදාංශයක් විදිහට පටන් ගත්තත් සතියකට එක සබ් එකක් හරි ඔයාලට අරගෙන එන්න මට පුලුවන්කම ලැබුනා.

ෆිල්ම් එකට හා හා පුරා කියලා ඉදුවර මලයා සබ් කරන්න අත තියලා තිබ්බත් දෙපාරක් නොහිතා එයා මට මේකට සබ් එක කරන් යන්න දුන්නා.. ඒ වගේම සින්දු ටිකට සබ් කරලා පටන් ගැන්ම ඉදන් අවසානය වෙනකන්ම දුන්න Support එකට Motivate එකට ගොඩක් ස්තූතියි..

පාන්දර හතරෙ ඉදන් 600ට දෙන්න ෆිල්ම් හොයලා ලිපිය ලියලා දීලා මට උදව් කරපු ශාන් සසංග මලයටත් ගොඩක් ස්තූතියි.

මේ තරම් දුරක් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැතුව ආසාවෙන් මේ වැඩේ කරගෙන යන්න මට අඩිතාලම දාලා දෙන පීටර් අයියට, සමිතට වගේම අංජුල මල්ලිටත් සචිත් මල්ලිටත් ගොඩක් ස්තූතියි..

එතකොට ඔයාලා හැමෝම අද මාව අදුනන්නෙ මදුශාන් මල්ලි හින්දා එයාටත් ස්තූතියි කියන ගමන් යමු ෆිල්ම් එක පැත්තට..

Crakk කියන්නෙ මේ අවුරුද්දෙ නිකුත් වුන ගොඩක් අය OTT එනකම් බලන් ඉදපු ෆිලුමක් තමයි.. මේක අයත් වෙන්නෙ,  Sport / Action කියන කැටගරි එකට.. හින්දි භාෂාවෙන් තිරගත වුන මේ චිත්‍රපටය මිනිත්තු 154 පුරාවට දිව යනව.. මේක අධ්‍යක්ෂණය කරන්නෙ  Aditya Datt කියන අධ්‍යක්ෂකවරය විසින්.. ගොඩක් අය මේක බලන්නෙ මේකෙ ප්‍රධාන චරිතය කරන සුපිරි නළු Vidyut Jammwal නිසානේ.. එයාගෙ රංගනයට ගොඩක් අය ආසයිනෙ. කාලෙකට පස්සෙ විද්‍යුත්ගෙ බලන්න පුලුවන් මට්ටමේ හොද ෆිල්ම් එකක් ආවා කියලනම් අවිවාදයෙන්ම කියන්න පුලුවන්.

Cast

Vidyut Jammwal as Siddharth “Siddhu” Dixit

Arjun Rampal as Dev

Nora Fatehi as Alia

Amy Jackson as Patricia Novak

Film එකේ අන්තර්ගතය ගැන කිව්වොත්..

නිහාල් කියන්නෙ සිද්ගෙ අයියා.. තරඟයකට සෙල්ලම් කරන්න ගිහින් එයා මැරෙනවා. එතකොට සිද් කියන්නෙ පොඩ්ඩක් හිතුවක්කාර කොල්කෙල්.. කවුරු මොනවා කිව්වත් පොර කරන්න පොරට ඕන දේ. මෙහෙම ඉන්නකොට අයියා ගිය තරගෙටම සිද්දුත් ඇප්ලයි කරනවා. කොහොමහරි එයාට මෙයිදාන් එකට යන්න පුලුවන් වෙනවා. අන්න එතනට ගියාම තමා එයාට දේව්ව හම්බවෙන්නෙ.

කවුද මේ දේව්?

සිද්දුගෙ අයියා මැරුණෙ කොහොමද?

දේව් පෝලන්තයෙ කරගෙන යන රහස් ජාවාරම මොකක්ද?

සිද් එහෙට යන්නෙ එයාගෙ අයියගෙ මරණයෙ පලිය ගන්නද?

සිද්ට තරඟෙන් දිනලා සල්ලි ඔක්කොම ගන්න පුලුවන් වෙයිද?

මේ ප්‍රශ්නවලට උත්තරත් ඔයාලට ෆිල්ම් එක බැලුවොත් හම්බවෙයි. එහෙනම් එක හුස්මට බලන්න පුලුවන් මේ සලරුව ඔයාලත් රසවිඳින්නකෝ.

උපසිරැසි 600ක ගමනෙදි මාත් එක්ක හිටිය.. කමෙන්ට් එකක් දාලා හයියක් වෙන.. හැම සහෝදරියක්ටම සහෝදරයෙක්ටම ගොඩක් ස්තූතියි..

ඔයාලගෙ ඒ ආදරය ඉස්සරහටත් ලැබේවි කියලා මං හිතනවා.. හැමෝටම ආදරෙයි.

ජය..

අලුත් උපසිරැසියකින් ආයෙමත් ඉක්මනට හම්බවෙමු.

.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

22 comments

  1. 600 තැන්ක්ස් උවිනි සහොදරිය

  2. Goodbuy earth සබ් දෙන්න අදහසක් නැද්ද

  3. ගැම්මක් තමයිි ඉතින් ඔයානම් සුද්දා ❤️❤️ Thank you ❤️❤️

  4. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    600 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!

    ගොඩක්ම ස්තූතියි උචිනි සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  6. සුභ පැතුම් සහොදරයා දිගටම කරගෙන යන්න
    🔥🔥🔥

  7. laKMal
    Cineru_users

    600වෙනි උපසිරැසියට සුබ පැතුම් සිස්….
    කරන කියන සියලුම කටයුතු සාර්තක වේවා….
    මේ උපසිරැසියටත් ස්තූතියි සිස්……….

  8. බොහොම ස්තූතියි.ෆිල්ම් එකක් ආපුගමන් මුලින්ම ඔරිජිනල් සබ් දෙන්නෙ සිනෙරු එකෙන්❤️🤙💖

  9. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌
    600වෙනි උපසිරැසියට සුබ පැතුම් ❤❤❤

  10. Sahan Samarawickrama
    Cineru_users

    අනිත් අයගේ රසාස්වදය උදේසා කාලය කැපකරන ඔයාලට වැඩි වඩියෙන් හරියන්න ඕනී…. ගොඩාක්ම ස්තූතියි

  11. Sub ekata thank you…

  12. Oshada Eranga
    Cineru Family Member

    congrats akke… 😍❤️

  13. premalu deepan kelle

  14. HULCHUL 2004 hindi movie sub need please

  15. dil dosti dilemma – anushka sen (primevideo)
    eka denna pluwnad

  16. Buddika Sadaruwan
    Cineru_users

    thank you 😘🥰🥰🥰

  17. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  18. Krishani
    Cineru_users

    Thank you sis. 😍😍💐💐💜️💜️🥰🥰

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login