The title of the page
6.6
93

Confidential Assignment 2 : International (2022) Sinhala Subtitle | ” ත්‍රිත්ව නියෝජිත මෙහෙයුම ” | සිංහල උපසිරැසි සමඟ

අලුත්ම කොරියන් චිත්‍රපටියක සිංහල උපසිරැසි අරගෙන තමා මම වෙබ් අඩවියට ගොඩ උනේ.ඉතින් ඔර්ජිනල් පිටපතක් නිකුත් වෙලා සති දෙකක් විතර උනත් හොද ඉංග්‍රීසි සබක්නම් ආවෙ නෑ.ඉතින් තිබ්බ සබ් එකේ අඩුපාඩු හදල තමා මේ සබ් එක ඔයාලට අරගෙන ආවෙ.

හරි එහෙනම් Confidential Assignment කියන 2017 වසරේ නිකුත් උනු පලවෙනි චිත්‍රපටයේ Sequel එකක් තමා මේක.ඉතින් ඒක නොබලපු අය ඉන්නවනම් බලන්න කතා දෙකනම් වෙනස් නමුත් චරිත අදුරගන්න එක්ක වගේම පලවෙනි ෆිල්ම් එකෙත් ස්ටෝරිය නියම නිසා බලන්න.

Confidential Assignment 2 : International චිත්‍රපටය නිකුත් උනේ පසුගිය සැප්තැම්බර් 07 වෙනිදා.ඉතින් අතිසාර්ථකව සිනමාශාලා වල තිරගත වුනු චිත්‍රපටිය බොක්ස් ඔෆිස් හි  ඇමරිකානු ඩොලර් මිලියන 53.7 ක ආදායමක් උපයන්න සමත් උනා.ඒ කොරියානු වොන් බිලියන 18 ක වියදමක් දරල නිපදවලා.ඒ කියන්නෙ ආසන්න වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 13 ක් වැනි ප්‍රමාණයක්.ඉතින් 2022 වසරේ කොරියන්  සිනමාවේ තුන්වන වැඩිම ආදායමට හිමිකම් කියන්නෙත් මේ චිත්‍රපටය තමයි.

ඉතින් චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Lee Suk-Hoon විසින්.ඒ වගේම පලවෙනි ෆිල්ම් එකේ ප්‍රධාන චරිත කීපයම මේකෙත් ඉන්නව.ඒවගේම අලුතින් එකතු වුනු අයත් බලාගන්න පුලුවන්.Cast එක ගත්තම ඉතින් පෙලගැස්ම මෙහෙමයි.


• Hyun Bin
• Yoo Hae-jin
• Im Yoon-ah
• Daniel Henney
• Jin Seon-kyu

කතාව පොඩ්ඩක් මතක් කලොත් මෙහෙමයි.ජන්ග් ම්‍යොන්ග් ජුන් කියන්නෙ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක්.කොහොමහරි ජැක් කියන FBI නිළධාරියට පුලුවන් වෙනවා ලැබුනු ඔත්තුවක් අනුව ගිහින් මෙයාව කොටු කරගන්න.ඉතින් ඇත්තටම මේ ජන්ග් ම්‍යොන්ග් ජුන් කියන්නෙ උතුරු කොරියානුවෙක්.ඒ නිසා එයාව ඇමරිකාවෙන් උතුරු කොරියාවට අරන් යන්න ලිම් චොල් රියුන්ග් ලෑස්ති වෙනව.නමුත් ජැක් මේකට අකමැති වෙනව එයා කාලයක් ලුහුබැඳල අල්ලගත්ත අපරාධකාරයා නිසා.ඉතින් ඔහොම උතුරු කොරියාවට අරන් යන්න යන මගදි ලොකු කරදරයක් සිද්ද වෙනවා.
ඉතින් ඒකත් එක්ක මේක තව දුරටත් උතුරු කොරියාව , ඇමරිකාව විතරක් නෙමෙ දකුනු කොරියාවත් ඈදෙනවා.

ඉතින් සුපිරිම ඇක්ෂන් ටිකක් වගේම කොමඩි සීනුත් තියෙන නිසා කම්මැලි නැතුව බලන්න පුළුවන් චිත්‍රපටියක් මේක.අරගෙන බලන්න එහෙනම් ගිහින් එන්නම්.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

8 comments

  1. menna mekath salaka balanna saho..

    TV Series – The Peripheral (2022)
    Rating: 8.4/10 · ‎1,295 votes

  2. Bohome sthuthi bro, good job ❤️

  3. Me film eke part 1 ekatth sub denna baidaaaa. Naththn sinhala sub ekk blann puluwan wena thanak hri kiynnko…

  4. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..

  5. Please can u all give potato star comedy kdrama 2013 plzzzzzzzzzzz 😭💔

  6. Krishani
    Cineru_users

    Mm kamatima naluwa hyun bin inna movie 1k dunnata thank you so much 💐💐💜️💜️💜️💜️💜️💜️💜️💐

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි මදුශාන් සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  8. Urban myths subtitles plz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login