The title of the page
Classroom of the Elite (2024) S03 E04 Sinhala Subtitles
Classroom of the Elite (2024) S03 E04 Sinhala Subtitles
7.4
94

Classroom of the Elite (2024) S03 E04 Sinhala Subtitles | “එකමුතුකම බිඳේවිද…” | සිංහල උපසිරැසි සමඟ —

2024 වසරේ Winter Season හි වඩාත් බලාපොරොත්තු සහගතම ඇනිමෙ සීරීස් එකක් වුනු Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e හෙවත් 𝗖𝗹𝗮𝘀𝘀𝗿𝗼𝗼𝗺 𝗼𝗳 𝘁𝗵𝗲 𝗘𝗹𝗶𝘁𝗲 Season 3 සමඟිනුයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. Drama, Suspense, Psychological, School යන Genre වලට අයත් වෙමින් මේ ඇනිමෙ එක Season 3 ට අදාළව කොටස 13 කින් සමන්විත වෙනවා. ඒ කතා මාලාවේ 4 වෙනි කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. ගොඩක් ලොකු ප්‍රමාදයකට පස්සෙ තමයි මේ 4 වෙනි කොටස අරන් එන්නේ. පෞද්ගලික වැඩත් එක්ක කාලය මදි වීමේ ප්‍රශ්නය ඇරෙන්න වෙන ප්‍රශ්නයක් නැති තරම්. ඉතින් තවත් කල් නොයවා කොහොම හරි මේ විදිහට අරන් එන මේ හතරවෙනි කොටසට යන්න කලින්, පෙර කොටසේ සිද්ධ වුනු දේවල් කෙටියෙන් මතක් කර ගනිමු.

බැලූ බැල්මට A පන්තියේ සකයනගි අරිසු අරඹපු, ඉචිනොසේ ප්‍රමුඛ B පන්තිය වැට්ටවීමේ සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒකට මුලින්ම කරන්න හදන්නෙ ඉචිනොසේව වට්ටලා ස්කෝලෙන් නෙරපලා දාන එක. ඉතින් ඒකට කටකතා පැතිරෙන්න පටන් ගන්නවා. මොකද කටකතාවලින් පුලුවන් කෙනෙක් ගැන තව කෙනෙක් තියන විශ්වාසය අඩු කරන්න නැත්නම් නැති කරලම දාන්න වුනත්. එක පැත්තකින් මේ කටකතා පැතිරෙද්දි ආදරවන්තයින්ගේ දිනයත් එළබෙනවා. මේ ආදරවන්තයින්ගේ දිනය අස්සෙදි තවත් මොන විදිහෙ දේවල් සිද්ධ වේවිද? දැන් ඉලක්ක වෙලා තියෙන්නෙ B පන්තිය විතරක් නෙමෙයි, C පන්තියත් ඉලක්ක වෙලයි ඉන්නෙ. C පන්තියෙත් මේ වගේ කටකතා පැතිරෙයිද? එහෙම වුනොත් පන්තියේ එකමුතුවට සමගියට ඒක කොහොම බලපාවිද?

බලන්න එහෙනම් මේ 4 වෙනි කොටසින් මොකද වෙන්නෙ කියලා. නරඹන්න එහෙනම් මේ Highschool Psychology ය. උපසිරැසිය ගැන ඔයාගෙ අදහස් කියාගෙන යන්න අමතක කරන්න එපා. මීළඟට එක කොටසක් වෙනුවට කොටස් දෙකක සිංහල උපසිරැසි එකවර ගේන්න හිතන් ඉන්නවා. මොකද හුඟක් ප්‍රමාද වෙලා නිසා ඒ ප්‍රමාදය ටිකක් හරි අඩු කරගන්නයි ඕනි. හමුවෙමු එහෙනම් මීළඟ කොටස් තුළින්.

Episode Name : To work you have the right, but not to the fruits thereof
Aired Date : 2024.01.24
IMDB Rating : 7.7

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login