The title of the page
Chola (2019) Sinhala Subtitles
5.5
54

Chola (2019) Sinhala Subtitles|දියෙහි සේයාව|සිංහල උපසිරැසි සමග|

අදත් සුපුරුදු විදියටම තවත් අපූරු මලයාලම් සලරුවකට උපසිරැසි අරගෙනයි ආවෙ..

විනාඩි 120 ක් පුරාවට දිවෙන, Drama/Thriller කාණ්ඩයට අයත් වෙන මේ අපූරු මලයාලම් සලරුව(Chola 2019 Sinhala Sub) අධ්‍යක්ෂනය කරන්නේ Sanal Kumar Sasidharan විසින්. නිෂ්පාදනය කරන්නේ චිත්‍රපටයට රංගනයෙන් දායක වන Joju George විසින්. මේක IMDb අගය 5.9 වගේම 60% ක ගූගල් පරිශීලක මනාප ප්‍රමාණයක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම Kerala State Film Award එකේ හොඳම නිලිය වෙන්නෙ මේ චිත්‍රපටයෙ රඟපාන Nimisha Sajayan. චිත්‍රපටයෙ ලොකු cast එකක් නම් නැහැ. ඒත් සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා කියන දේ නම් තේරුම් යාවි.

Chola (2019) Sinhala sub

Chola 2019 Sinhala Sub

මේ කතාව පටන් ගන්නෙ වැඩිහිටි ගෑනු කෙනෙක් පොඩි ගෑණු ළමයෙකුට කියන කතාවකින්, චිත්‍රපටයේ විනාඩි 120 පුරාවට අපිට නිරූපණය කරන්නෙ අන්න ඒ සිද්ධි දාමය.. එක් තරා පෙම්වතියක් ගෙදරටත් හොරෙන් එයාගෙ පෙම්වතා එක්ක පොඩි සවාරියක් යන්න පිටත් වෙනවා. මෙයාලට මේ ගමන යන්න වෙන්නෙ පෙම්වතාගෙ ලොක්කා එක්ක ජීප් එකේ.. දවසෙම මේ දෙන්නා එකට කාලය ගත කරලා අන්තිමේට මේ ගෑණු ළමයට ගෙදර යන්න පරක්කු වෙනවා. මෙයා ගොඩාක් බය වෙනවා. අන්තිමට රාත්‍රිය ලැගුම් හලක ගත කරන්න සිද්ධ වෙනවා. මෙයා තමන්ගෙ පෙම්වතාට දිගින් දිගටම කියන්නෙ බස් එකක හරි ආපහු ගෙදර යමු කියලා. ඒත් ලොක්කගෙ තර්ජන ගර්ජන හමුවේ මේ දෙන්නට නවතින්න සිද්ධ වෙනවා. ඊට පස්සෙ ලොක්කා මේ කොල්ලව කෑම ගේන්න පිටත් කරවලා අර ගෑණු ළමයා එක්ක කාමරේ තනි වෙනවා. එතනින් එහාට වෙන සිද්දිය කියන්න යන්නෙ නෑ.. ඔයාලම බලන්න..

මම මුලින් කිව්වනේ මේක වැඩිහිටි කාන්තාවක් කුඩා ගැහැණු ළමයෙකුට කියලා දෙන කතාවක් කියලා. ඒ කතාව අවසානය වෙනකොට ඔයාලට තේරුම් යයි පුංචි ගෑණු ලමයෙකුගෙ හිතට කාවද්දන්න හදපු අදහස මොකක්ද කියන එක.. ඒක මටනම් තේරුම් ගියේ හරියට “දුවේ මෙන්න මේ වගේ දේවල් වලින් අපි ප්‍රවේසම් වෙන්න ඕන” කියනවා වගේ…

මේ මලයාලම් සලරුවත් මග ඇර ගන්නෙ නැතුව නරඹන්න කියලා ආරාධනා කරන ගමන් මම නවතින්නම්.

තවත් උපසිරැසියකින් හමුවෙමු…
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

3 comments

  1. තැන්ක්ස් බං ජයවෙවා

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. Thank you malli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login