The title of the page

Child’s Play (2019) Sinhala Subtitles | අවසානය වෙනකන් ඔයා මගේ යාළුවා | සිංහල උපසිරැසි සමග| (18+)

කොහොමද කට්ටියට ඔන්න මගෙ 21 වන උපසිරැසිය තමා මේ ඔයාලට අද අරගෙන එන්නෙ..

ඒ ගොඩක් අය බලාගෙන හිටපු චිත්‍රපටයක් එක්ක.. මම මෙහෙම පටන් ගන්නම්කො.. චිත්‍රපට ලෝකයේ බෝනික්කො කියපු ගමන් ඔයාලට අනිවාර්යයෙන් ම මතකෙට එන බෝනික්කො වර්ග 2 ක් ඉන්නවා.. එකක් Annabelle  එතකොට අනික Chucky නේද ? මේ දෙකම චිත්‍රපට ලෝකයේ ප්‍රේක්ෂකයන් ගෙ සිත් ඇද බැද තියාගන්න විතරක් නෙමේ.. දැක්ක ගමන් භීතිය උපදවන්නත් මේ දෙකම සමත් වෙනවා.. ඒත් මම අද කියන්න යන්නෙ මේ බෝනික්කො දෙන්නා අතරින් දරුණු ගණයේ බෝනික්කෙක් ගැන යන චිත්‍රපටයක්..

ඒ තමයි මේ වසරේ ජුනි 20 රිලීස් වුන අලුත් ම Chucky චිත්‍රපටය.. කලින් මේ Chucky චිත්‍රපට 7 ක් ඇවිල්ලා තියනවා… ඒත් ඒවත් එක්ක මේ චිත්‍රපටයට කිසිම සම්බන්ධයක් නෑ.. මොකද මේක Reboot එකක්.. කලින් චිත්‍රපට වලට වඩා ටිකක් වෙනස් විදිහට නිර්මාණය කරපු චිත්‍රපටයක් මේ Child’s play (2019) චිත්‍රපටය.. Imdb දර්ශකයේ 6 /10 ක් ද ගූගල් පරිශීලකයන් ගේ 79% ක කැමැත්තක් ද අරගෙන තියෙනවා..Thriller / Slasher ගණයට වැටෙන මේ ෆිල්ම් එක ඉතින් පවුලේ සැමට බලන්න නම් බෑ..මොකද මේකෙ තියන Language එක , කැපිලි කෙටිලි නිසා ඉතින් 18+ අය බලනවා නම් ගොඩක් හොදයි..

ඇමරිකානු ඩොලර් මිලියන 10 ක Budget එකකින් නිර්මාණය කරපු මේ Child’s Play චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 43 කට ආසන්න Box office ආදායමක් ලබාගෙන තියෙනවා..චිත්‍රපටය නම් ගොඩක් සාර්ථකයි..හරි එහෙනම් වැඩි කතා නැතුව අපි චිත්‍රපටයේ ස්ටෝරිය එක පැත්තට යමු..

මෙහෙමයි කලින් චිත්‍රපට එක්ක සැසදුවොත් වෙනස් ම විදිහකට නිර්මාණය කරපු Chucky ෆිල්ම් එකක්.. Reboot එක ගොඩක් මසාර්ථකයි කියලා තමා මට හිතෙන්නෙ.. මෙහෙමයි Kaslan කියන්නෙ එක එක තාක්ෂණික උපකරණ නිෂ්පාදනය කරන ආයතනයක්.. මේ ආයතනයෙන් නිෂ්පාදනය කරන අලුත් ම භාණ්ඩය තමයි Buddi කියන බෝනික්කා.. මේ බෝනික්කො නිෂ්පාදනය කරන තැන සේවකයෙක් ට එන කේන්තියක් නිසා එක බෝනික්කෙක් ගෙ Programm එකවැරදි විදිහට Programm කරනවා.. කරලා පොර මැරෙනවා..

ඉතින් මේ විදිහට වැරදියට Programm කරපු Buddi ව Andy කියන ලමයගෙ උපන්දිනේට ලැබෙනවා උපන්දිනයට කලින් Early gift එකක් විදිහට.. මේ බෝනික්කා එක්ක ඇන්ඩි හොදින් ඉන්නෙ පොඩිම පොඩි කාලයයි.. පස්සෙ ඔක්කොම කණපිට ගැහෙනවා.. ඇන්ඩි ට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්නෙ වෙන්නෙ..ඒ මොනාද කියලා බලන්න නම් මේක බලන්නම වෙනවා..

Reboot එකක් වුනත් මට නම් ගොඩක් සාර්ථක චිත්‍රපටයක් විදිහට තමා දකින්නෙ.. වෙනස් ම විදිහට කරලා තියෙනවා.. කොහොමහරි මේක ඉවරවෙන්නෙ තව චිත්‍රපටයක් ගැන බලාපොරොත්තුවක් දීලා..

එහෙනම් තවත් අලුත් ම ෆිල්ම් එකකින් හම්බවෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් ඉෂාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් ඉෂාර

April 12, 2019


32
Total Subtitles

7 comments

  1. Godak sthuthi sahooo sub eka dunnata…

  2. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. Toy Story 4 (2019) ෆිල්ම් එකටත් සබ් දෙන්න 😊
    ජය වේවා.!

  3. Thanks toy story 4 ekata sub bemuko download site thiyanawane bemu neththan bannakatahari kiyannako

  4. sub eka hdna gmn dei

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login