The title of the page
Check 2021 Sinhala Sub
Check 2021 Sinhala Sub
7.2
90

Check (2021) Sinhala Subtitles | ජීවිතයම වෙනස් කල චෙස් සෙල්ලම | සිංහල උපසිරැසි සමඟ

” ඇස් බොරුව දකිනවම්..
  ඇත්ත කොච්චර හයියෙන් කෑහැහුවත්
  ඇහෙන්නෙ නෑ…”

(Check (2021) Sinhala Sub) ආයුබෝවන් යාලුවො හැමෝටම !

කොරෝනා දැඩි බලපෑමක් එල්ල කරන ගිය වසරටත් වඩා අවදානම් වාතාවරණයක ඉන්න ඔයාලට බලන්න අලුත් තෙලිඟු ෆිල්ම් එකක සබ් එකක් අරගෙන තමයි මං ආවේ.ඉතින් මතක් කරන්න ඕන මේ වගේ ෆිල්ම් එකක්වත් බලල මේ ටිකේ ගෙදරම ඉන්න බලන්න.මේ අපහසු කාලය මගෑරගත්තම ආයි ඉක්මනට සුපුරුදු ජීවන රටාවට යන්න පුළුවන් අපිට.

හරි එහෙනම් හැමෝගෙම පරිස්සමට තමයි ඒ දැනුවත් කිරීම කලේ.අපි යොමුවෙමු දැන් ෆිල්ම් එක පැත්තට.Check ෆිල්ම් එක පහුගිය කාලේ සිනමාශාලා විවෘත කිරීමත් සමඟ පෙබරවාරි 26 තමයි තිරගත කිරීම ආරම්භ කලේ.Drama | Thriller කාණ්ඩයට අයත් ආදායම අතින් ලොකු සාර්තකත්වයකට යන්න බැරි වුන මේ ෆිල්ම් එකට පුළුවන් වුනේ බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 14 ක පමණ ආදායමක් ගන්න විතරයි.Anukokunda Okka Roju , Manamantha , වගේ සීමිත චිත්‍රපට ගනනක් අධ්‍යක්ශණය කල Chandra Sekhar Yeleti තමයි මේ චිත්‍රපටයෙ අධ්‍යක්ශණය සිදුකලේ.V.Anand Prasad ” Bhavya Creation “ හරහා තමයි මෙහි නිෂ්පාදනයට දායක වුනේ.

ප්‍රධාන නලුවා ලෙසින් රංගනයෙන් එක් වෙන්නේ තෙලිඟු සිනමාවේ Youth Star වෙන Nithin Reddy විසින්.ඊට අමතරව Oru Adaar Love මලයාලම් චිත්‍රපටය හරහා ජනප්‍රියත්වයට පත් Priya Prakash Vearrier තම කුලුදුල් තෙලිඟු සිනමා නිර්මාණය විදියට මෙහි රංගන දායකත්වය සපයනවා.ඊට අමතරව Rakul Preeth Sing ප්‍රධාන නිලියක් ලෙස මෙහි රංගනයෙන් එක් වෙනවා.

කතාව ගැන මතක් කලොත්…

ආදිත්‍යා කියන්නෙ ත්‍රස්‍තවාදී ක්‍රියාවන්ට සහය වුනු චෝදනාවට මරණීය දණ්ඩනය ලැබිල තියෙන අපරාධකාරයෙක්.ඉතින් ඇත්තටම මෙයාට ඕන අභියාචනයක් ඉදිරිපත් කරල තමන්ගෙ නිර්දෝශී බව ඔප්පු කරන්න.නමුත් කිසිම නීතීඥයෙක් කේස් එක බාරගන්න එන්නෑ.ඔය අතරෙ තමා ආදිත්‍යයට අපූරු කෙනෙක් හිරගෙදරදි හම්බවෙන්නේ.

ඉතින් ඊලගට මොකක් වෙයිද ? ඇත්තටම ආදිත්‍යා වැරදිකාරයෙක්ද ? එයා නිර්දෝශී වෙයිද ? එයාගේ අතීත කතාව මොකක්ද ? මෙයාගෙ කතාවට ගෑනු ලමයි දෙන්න සම්බන්ධ වෙන්නේ කොහොමද ?

හැමදේම දැනගන්න සිංහල උපසිරැසි අරගෙනම ෆිල්ම් එක බලන්න.ඉතින් තව දෙයක්.නිතින් සමඟින් කීර්ති සුරේෂ් රංගනයෙන් එක් වුනු ” Rang De “ චිත්‍රපටයෙත් තව ඔර්ජිනල් පිටපත් නිකුත් වෙන්න නියමිතයි.
ඒ ගැනත් මතක් කරලම මම යන්නම් ආයිම උපසිරැසියකින් හම්බෙන බලාපොරොත්තුවෙන්.

පරිස්සමෙන් ඉන්න.කොරෝනා උවදුරෙන් මිදෙන්න.

” අහම් නියතෙම් නිශ්චාමි “

” මගේ ඉරණම පාලනය කරන්නෙ මමයි “

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

13 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    එලම❤️ තෑන්ක්ස් මදුවා අයියේ…

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Sub ekata thanx

  4. Anjula Umesh
    Cineru Family Member

    එලම මදුවා..♥️

  5. CHATHUSHKA NIRMAL

    SUB ekata thanks තව පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා. පුළුවන්නම් CINERU.LK එකේ SUB දෙන එක නවත්තලා තියෙන මේ TV SERIES දෙකටත් SUB දෙන්න පුළුවන්ද? Girlfriend (2020) / Lawless Lawyer (2018)

  6. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  8. තැන්ක්ස් සබ් එකට

  9. gammac thami ithin

  10. රැග්නා - සිනමා ලෝකය (Direct Link)

    සිංහල උපසිරැසියට ස්තූතියි

  11. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  12. Film download karaganne kohomada site eken

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login