Chatha Pacha The Ring of Rowdies (2026) Sinhala Subtitles
Chatha Pacha The Ring of Rowdies (2026) Sinhala Subtitles
6.7
87

Chatha Pacha: The Ring of Rowdies (2026) Sinhala Subtitles | “ කරනවා හෝ මැරෙනවා ” | සිංහල උපසිරැසි සමඟ

(Chatha Pacha: The Ring of Rowdies (2026) Sinhala Subtitles) (Chatha Pacha: The Ring of Rowdies (2026) Sinhala Subtitle) (Chatha Pacha: The Ring of Rowdies (2026) Sinhala Sub)

මලයාලම් සිනමාවට ආදරය කරන අයට 2026 අවුරුද්ද පටන් ගත්ත ගමන්ම සුපිරි අත්දැකීමක් විඳගන්න අවස්ථාවක් ලැබුණා.. ඒ තමයි ජනවාරි 22 වෙනිදා තිරගත වීම ආරම්භ කරපු “Chatha Pacha: The Ring of Rowdies” කියන චිත්‍රපටය.. මේක Action-Comedy ගණයට අයිති වෙන වෙනස්ම විදිහේ කතාවක්.. 2026 අවුරුද්දේ මේ වෙනකොට වැඩිම ආදායමක් හොයපු මලයාලම් චිත්‍රපටය වෙන්නෙත් මේකයි.. ඒ වගේම පෙබරවාරි 19 වෙනිදා ඉඳලා මේක Netflix හරහා බලන්නත් දැන් පුළුවන්..

මේ චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ ෆෝර්ට් කොචි (Fort Kochi) ප්‍රදේශය කේන්ද්‍ර කරගෙනයි.. සහෝදරයෝ තුන්දෙනෙක් සහ එයාලගේ යාළුවෝ එකතු වෙලා ඒ පැත්තේ WWE මාදිලියේ අමුතුම විදිහේ භූගත රෙස්ලිං (underground wrestling) තරඟාවලියක් පටන් ගන්නවා.. මේ රෙස්ලිං පිස්සුවත් එක්ක ඇතිවෙන ප්‍රශ්න, තරඟකාරීත්වය සහ එයාලගේ සහෝදරකමට වෙන දේවල් තමයි මේකෙන් බලාගන්න පුළුවන් වෙන්නේ.. “Chatha Pacha” කියන්නේ ඒ ප්‍රදේශයේ භාෂාවෙන් “කරනවා හරි මැරෙනවා හරි” (Do or Die) කියන තේරුම දෙන වචනයක්..

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Adhvaith Nayar විසින්.. මේක එයාගේ පළවෙනි අධ්‍යක්ෂණය වෙන අතර, එයා ජනප්‍රිය නළු මෝහන්ලාල්ගේ බෑණා කෙනෙක් වීමත් විශේෂත්වයක්.. ප්‍රධාන චරිත විදිහට Arjun Ashokan, Roshan Mathew, Vishak Nair සහ Ishan Shoukath රංගනයෙන් දායක වෙනවා.. ඒ වගේම Siddique සහ Lakshmi Menon සහය චරිත වලිනුත් අපිට බලාගන්න පුළුවන්.. චිත්‍රපටයේ තවත් ලොකුම ආකර්ෂණයක් තමයි මෙගා ස්ටාර් මමූටි (Mammootty) ‘වෝල්ටර්’ කියන චරිතයෙන් කරන විශේෂ ආරාධිත රංගනය 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

3 comments

  1. facebook free watch ekanam marama watinawa thank you all

  2. බොහොම ස්තූතියි සබ්එකට

  3. Thanks for the sub!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login