The Pendragon Cycle Rise of the Merlin (2026) S01 E06 Sinhala Subtitles
The Pendragon Cycle Rise of the Merlin (2026) S01 E06 Sinhala Subtitles
10

The Pendragon Cycle: Rise of the Merlin (2026) S01 E06 Sinhala Subtitles | “ සියල්ලේම ආරම්භය මෙතැනයි! ” | සිංහල උපසිරැසි සමඟ

(The Pendragon Cycle: Rise of the Merlin (2026) S01 Sinhala Subtitles) (The Pendragon Cycle: Rise of the Merlin (2026) S01 Sinhala Subtitle) (The Pendragon Cycle: Rise of the Merlin (2026) S01 Sinhala Sub)

මායාවෙන් පිරි දේශයක
මායාව රජයන කාලයක
ශ්‍රේෂ්ඨ රාජධානියක දෛවයේ
වගකීම පැවරී ඇත්තේ
එක් තරුණයෙකුගේ උරහිස මතයි,
ඔහුගේ නම… මර්ලින්!

උඩ වචන ටික කියවෙද්දි හඬක් ඇහෙනවා නම්, රූප රාමු ටිකක් ඔළුවේ මැවෙනවා නම් ඔයාටත් හොඳ මායාකාරී අතීතයක් තිබිලා තියෙනවා. 😌✨️
අවුරුදු කිහිපයකට කළින් ලංකාව තුළ අතිශය ජනප්‍රිය වුණු Merlin කතා මාලාවේ අලුත් version එක තමයි අද අරන් ඇවිත් තියෙන්නේ.

Stephan R. Lawhead විසින් රචිත The Pendragon Cycle නම් ප්‍රබන්ධ නවකතා මාලාව ඇසුරු කරගෙන නිර්මාණය වුණු අති දැවැන්ත රූපවාහිනී කතා මාලාවක් විදිහටයි මේ Rise of the Merlin හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් අපි අහලා දැකලා King Arthur සහ Merlin ගේ කතාවලට වඩා වෙනස්ම ආකාරයක “retelling” එකක් තමයි මේ කතාව ඇතුළේ දුවන්නේ.
2026 ජනවාරි 22 තමයි මේක නිල වශයෙන් Daily Wire+ ස්ට්‍රීමින් සේවාව හරහා විකාශනය ආර…
 Merlin 2008 සීරීස් එක කියන්නේ සාම්ප්‍රදායික ආතර් රජුගේ ජනකතා ඇසුරින් කළ නව නිර්මාණයක් වුණත් මේ Rise of Merlin කියන්නේ සම්පූර්ණයෙන්ම The Pendragon Cycle නවකතා මාලාව ඇසුරු කරගෙන නිර්මාණය වූවක්.

Merlin 2008 සීරීස් එකේ තියෙන්නේ මධ්‍යකාලීන යුගයේ මාලිගා සහ නයිට්වරුන් සහිත වටපිටාවක් වුණත් මේ Rise of the Merlin සීරීස් එකේ තියෙන්නේ රෝම පාලනයෙන් පසුව 5 වෙනි සියවසේ බ්‍රිතාන්‍යයේ රළු ඉතිහාසය.

2008 සීරීස් එකේ මර්ලින් කියන්නේ රහසින් මායාව සමඟ ගනුදෙනු කරන ආතර්ගේ සේවකයෙක් වුණත් මේ සීරීස් එකේදි මර්ලින් කියන්නේ ඇන්ලන්ටිස් උරුමයක් ඇති ප්‍රබල නායකයෙක් වගේම උපදේශකයෙක්.

Merlin 2008 සීරීස් එක මන්ත්‍ර සහ මායාවන් පිරුණු High-Fantasy ගණයේ නිර්මාණයක් වුණත් මේ සීරීස් එක මායාවන්ට වඩා ඓතිහාසික සත්‍යතාව වගේම ආගමික පසුබිම මුල් කරගෙන හැදුණු එකක්.

Merlin 2008 සීරීස් එකේ පදනම වුනේ මිත්‍රත්වය සහ ඉරණම කියන තේමාව වුණත් මේ Rise of the Merlin සීරීස් එකේ පදනම වෙන්නේ ඇදහීම්, ශිෂ්ටාචාරයක නැගිටීම සහ ආක්‍රමණ.

කොටින්ම මේ අළුත් සීරීස් එක අපිට හුරුපුරුදු Merlin 2008 සීරීස් එක තරම් වර්ණවත්, ආලෝකමත්, පවුලේ හැමෝම එකට ඉඳන් බලන්න පුලුවන් සීරීස් එකක් නෙවෙයි.

ඉතින්, මේ අළුත් Merlin සීරීස් එකත් බලන්න කියලා ආරාධනා කරනවා.

ඊළඟ කොටසින් හමුවෙමු… ✌️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිසුර සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිසුර සංජන

May 22, 2025


119
Total Subtitles

5 comments

  1. ස්තූතියි තිසුර සහෝ උපසිරැසියට

  2. Thank You sago!

  3. supiriyak brooo

  4. Meke episode 3 sub nane

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login