The Dreadful (2026) Sinhala Subtitles
The Dreadful (2026) Sinhala Subtitles
38
30

The Dreadful (2026) Sinhala Subtitles | “ නයිට්වරයාගේ සාපය ” | සිංහල උපසිරැසි සමඟ

(The Dreadful (2026) Sinhala Subtitles) (The Dreadful (2026) Sinhala Subtitle) (The Dreadful (2026) Sinhala Sub)

ඔන්න Game of Thrones රසිකයින්ට ගොඩක් සතුටු හිතෙන ආරංචියක් අරගෙන තමයි මම මේ ලිපිය ලියන්නෙ.. Jon Snow සහ Sansa Stark විදිහට අපි දැකපු Kit Harington සහ Sophie Turner අවුරුදු ගාණකට පස්සෙ ආයෙමත් එකම ෆිල්ම් එකකින් අපිට බලාගන්න පුළුවන්.. ඒ 2026 පෙබරවාරි 20 වෙනිදා නිකුත් වුණු “The Dreadful” කියන අලුත්ම හොරර් චිත්‍රපටය හරහායි.. හැබැයි මේක නම් කඩුවලින් කොටාගන්න ෆැන්ටසි කතාවක් නෙවෙයි.. මේක Gothic Horror සහ Psychological Thriller ගණයට අයිති වෙන වෙනස්ම විදිහේ කතාවක්.. මේ චිත්‍රපටය ලියලා සහ අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Natasha Kermani විසින්.. මේකට පාදක වෙලා තියෙන්නෙ 1964 අවුරුද්දෙ ආපු ජපන් සම්භාව්‍ය හොරර් චිත්‍රපටයක් වෙන ‘Onibaba’ කියන ෆිල්ම් එකේ තේමාවයි.. කතාව සිද්ධ වෙන්නෙ 15 වෙනි සියවසේ එංගලන්තයේ.. ඒ කියන්නෙ ඉතිහාසයේ සඳහන් වෙන Wars of the Roses කියන දරුණු යුධ සමයේ..

කතාව ගෙතෙන්නෙ ඈන් සහ ඇගේ නැන්දම්මා වෙන මෝවන් වටායි.. ඈන්ගෙ සැමියා ෂේමස්  යුද්ධයට ගිහින් ඉන්නෙ.. මේ දෙන්නා සමාජයෙන් ඈත් වෙලා හරිම අමාරුවෙන් ජීවත් වෙන ගමන් තමයි ඉන්නෙ.. ජීවත් වෙන්න සල්ලි හොයාගන්න ඕනෙ නිසා නැන්දම්මා මෝවන් ගොඩක් දරුණු තීරණ ගන්නවා.. ඒ කියන්නෙ එයාලගෙ පැත්තට එන අසරණ සංචාරකයන්ව මරලා එයාලගෙ දේවල් හොරකම් කරන එකයි..

ඔය අතරේ තමයි ඈන්ගෙ පරණ යාළුවෙක් වෙන ජාගෝ යුද්ධයේ ඉඳලා ආපහු එන්නෙ.. එයා එන්නෙ ඈන්ගෙ සැමියා යුද්ධයේදී මැරුණා කියන දුක්බර ආරංචියත් අරගෙනයි.. මේකත් එක්ක ඈන් සහ ජාගෝ අතරෙ ආදරයක් ඇතිවෙන්න පටන් ගන්නවා.. හැබැයි මේ අතරේ අද්භූත නයිට්වරයෙක් එක්ක බැඳුණු භයානක ශාපයක් මේගොල්ලන්ගෙ පස්සෙන් එන්න ගන්නවා..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


1016
Total Subtitles

3 comments

  1. Era Boy
    Cineru Family Member

    මරු ❤️🫶💥

  2. ස්තූතියි සිස් සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login