The title of the page
Chakra (2021) Sinhala Sub
Chakra (2021) Sinhala Sub
6.2
92

Chakra (2021) Sinhala Subtitles | “සයිබර් ලෝකය” | සිංහල උපසිරැසි සමඟ

“අශෝක චක්රවර්තී හමුදාවේ දෙන විශාල” ” ගෞරවයක් ඒක හොරකම කරලා ” “තියෙනවා නිකංම අතාරීද ?”

(Chakra (2021) Sinhala Sub) සුභ දවසක් වේවා හැමෝටම කියලා ඉතිං ඔන්න අද මම අරගෙන ආවේ මේ අවුරුද්දෙ පෙබරවාරි මාසෙ 19 වෙනිදා තිරගතවූ දමිළ චිත්රපටයකි……..

කොරෝනා වෛරසය හේතුවෙන් මේ චිත්රපටයත් ott මාධ්යක් හරහා තමා එන්න තිබ්බේ කොහොම නමුත් රෝගී තත්වය පහවී ඉන්දියාවේ සිනමා ශාලා විවෘත කිරීමත් සමඟම ඔවුන් තීරනය කලා චිත්රපටය හෝල් දාල තමා එන්නේ කියලා ඉතිං ඔය විදිහට මේ වසරේ පෙබරවාරි මස 19 වෙනිදා සිනමා ශාලා ප්රදර්ශනය ආරම්භ කරන ලද මේ චිත්රපටයේ නම තමා Chakra (2021) දමිළ භාෂාවෙන් පැය 2 විනාඩි 7 ක් පුරාවට ඉතාමත් කුතුහලයෙන් යුතුව ගලාගෙන යන මේ චිත්රපටය සඳහා IMBD මීටරයේ මේ වෙනකොට 8.2/10 වගේ ඉතාමත් ඉහල අගයක් ලබාගෙන තියෙනව…..

ඉතිං මේ චිත්රපටය අධ්යක්ෂනය MS Anandan මහතා විසින්ද චිත්රපටයේ නිෂ්පාදක කටයුතු Vishal විසින් ඔහුගේ Vishal Film Factory යන බැනරය යටතේ සිදු කර තිබෙනවා .. ඉතිං මේ චිත්රපටයේ ප්රධාන නලුවා ලෙස දමිළ නලු Vishal ද ප්රධාන නිලිය ලෙස Shraddha Srinath ද චිත්රපටයේ විලන් කැරැක්ටර් එක වෙනුවෙන් Regina Cassandra ද රංගනයෙන් දායක වන අතර Srushti Dange , Robo Shankar,Manobala,Ravikanth ඇතුලු තවත් නලු නිලියක් කීපදෙනෙක්ම මෙහි අනෙක් චරිත රඟ දක්වනවා…………. ” විශේශයෙන් කියන්න ඕනා මේ චිත්රපටය රිලීස් කරලා පලවෙනි සතියෙන්ම “Blockbuster” වෙච්චි ෆිල්ම් එකක් ” නොහිතූ විදිහට අද උදේ ෆිල්ම් එකේ HDRIP ආවත් ඊසබ් නොමැතිව HC-ESUB පිටපතක් ආව නිසා ලයින් ගහගෙන සබ් එක අසා ලිවීමක් කරන්න උනේ………

” ඒවගේම මේකට මට උදව් කරපු සචිත් විදුර දිල්ශාන් සහෝදරයට විශේශයෙන් ස්තුතිය පුද කරනවා” කතාව ගැන කියනවනම් මෙහෙමයි …. චන්දෲ කියන්නෙ හමුදා නිලධාරියෙක් ගයාත්රී කියන්නෙ පොලිස් නිලධාරිනියක් ඉතිං මේ දෙන්න තමා කතාවේ ප්රධාන චරිත ඒ වගේම යම් සිදුවීමක් නිසා ආදරයෙන් බැඳෙන මේ දෙන්නගේ විවාහය ගැන කතා කරන්න ගයාත්රිගේ බාප්පා එනවා චන්දෘගේ නිවසට , ගයාත්රිගෙ අම්මා තාත්ත නෑ ඉතිං එයාට හැමදේම එයාගෙ බාප්පා ඒ වගේම චන්දෘගෙත් දෙමව්පියෝ නැති වෙලා එයාව බලාගන්නේ ආච්චී, ඉතිං චන්දෘ කියන්නෙ පරම්පරා කීපයක ඉඳලම රට වෙනුවෙන් දිවි පුදපු ගෞරවාන්විත හමුදා පවුලක පුතෙක්, චන්දෘත් ඒ වගේම හමුදාකාරයෙක්, ඉතිං චන්දෘගේ තාත්තට ලැබිලා තියෙනවා හමුදාවෙන් ඉතාමත් ගෞරවාන්විත පදක්කමක් ඕකේ නම “අශෝක චක්රවර්තී ” හමුදාවෙන් දෙන විශාල ගෞරවයක් ඉතිං ගයාත්රිගේ බාප්පා කියොනවා වැඩී, ඔහොම කියෝ කියෝ ඉන්නකොට අර පදක්කම ගැන කට කැඩිච්ච කතාවක් කියලා චන්දෘ ගහනවා කනට ඉතිං ඕක මතක තියාගන්න හොඳට

☝ කතාවෙ මුලට ආවාම මම මෙහෙම කියන්නම් ඉන්දියානු නිදහස් දවසේ මංකොල්ලකෑම් 50 ක් සිද්ද වෙනවා චන්දෘගේ ගෙදරත් ඇතුලුව එතනදි අර “අශෝක චක්රවර්තී ” පදක්කම හොරකම් කරනවා…….
ඉතිං එදා පදක්කම ගැන වැරදියට කතා කලාට කෙල්ලගෙ බාප්පා කියලා නොබල කනට ගැහුව එකේ හොරකම් කරපු එකාට මොනව කරයිද ? කවුද මේ මංකොල්ලකෑම් කලේ ? මේ දේවල් දැනගන්න නම් ඉතිං අනිවාරෙන්ම ෆිල්ම් එක බලන්න වෙනවා……..

තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා අශේන් මදුරංග ( චූටියා )

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HC HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

9 comments

  1. Thanks bro sub ekta

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Video file thama danna barida bro

  4. Daminda Lakruwan

    යකෙක්නෙ.. උදේ ආපු කොපියට හවස් වෙද්දි ලයින් හදලත් සබ් දෙනවා කියන්නෙ මනුස්සයෙක් නම් වෙන්න බෑ. තෑම්ස් බ්‍රෝ

  5. udaya saman
    Cineru Family Member

    කොහොමත් චුටියා දක්ෂයා ..
    උපසිරසියට බොහොම තුති

  6. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    උදය සමන් සහෝ කියන්නේ ඇත්ත. අපේ අසේනයා වැඩ්ඩා. බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. සුපිරි ඈ
    🚬🚬🚬🚬

  7. Aruna Darshana
    Cineru Family Member

    එනකම් බලන් හිටියෙ තෑන්ක්ස් බ්‍රෝ.🙂♥

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login