The title of the page
4.8

Butterfly (2022) Sinhala Subtitles | සමනල දඩයම | සිංහල උපසිරැසි සමඟ

(Butterfly (2022) Sinhala Subtitles) (Butterfly  (2022) Sinhala Sub)
Butterfly ( සමනල දඩයම ) 
Telugu | 2022 
Mystery | Thriller
IMDb 4.8/10 
ඔන්න තවත් අලුත් තෙලුගු සිනමාවකට උපසිරැසි අරන් ආවා.. මේ අවුරුද්දේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම මේක. ගොඩක් කැමති නිළියක්ගේ එකක් වීමද විශේෂයි. මුලින්ම කියන්න ඕනේ මේ ෆිල්ම් එක තිරගත වීමක් වූනේ නෑ. ගිය අවුරුද්දේ දෙසැම්බර් 22 Disney Plus Hotstar හරහා ඩිජිටල් තිරගත වූණා.. 
මෙහි නිෂ්පාදනය Ghanta Sathish Bhabu වෙනවා. සංගීතය Arviz හා Bideon Katta වෙනවා. ප්‍රධාන රංගනය සුරූපී අනුපමා පර්මේශ්වරන් හා භූමිකා චෞලා වෙනවා. මීට අමතරව, 
✾ Nihal Kodhaty 
✾ Rao Ramesh
✾ Praveen 
✾ Racha Ravi
✾ Prabhu 
✾ Rajitha 
යන අය වෙනවා. ගීත 2ක් තියෙන අතර පැය 2යි විනාඩි 16ක් පුරා දිහ හැරෙනවා.
කතාව පැත්තට පොඩ්ඩක් කතා කලොත්, අක්කයි නංගි ඉන්න පවුලක්. අක්කා (වෛජයන්ති) දික්කාස වී දරුවන් දෙදෙනා හා සිය නැගෙනිය සමග වෙන්ව මහල් නිවාස සංකීර්ණයක ජීවත් වෙයි. අක්කා (භූමිකා) වෘත්තීයෙන් දක්ශ නීතීඥවරියක් වෙනවා. ඇයට හදිසෙයේම ලැබුණ සම්බුඛ පරීක්ෂණයක් නිසා මුම්බායි වලට යන්න වෙනවා. ගෙදර ඉතිරි වන්නේ “බේබී” නම් වූ මෙහෙකාරිය හා වෛජයන්තිගේ නැගෙනිය වන ගීතා (අනුපමා) පමණයි. දරුවන් දෙදෙනා පාසල් යැවීමට එක්කන් යන ගීතා දරුවන් සමග විහිලුවට මෙන් සෙල්ලමට හිතමින් ඇය ලිෆ්ට් එකේ පහලට යන අතර දරුවන් දෙදෙනා පඩිපෙලෙන් පහලට එන්න සලස්වනවා..  ගීතා පහලට ආවද දරුවන් දෙදෙනා එන්න පරක්කු නිසා හොයනවා. හැම තැනම ෆ්ලැට් එකේ හෙව්වත් දරුවන් හමු වෙන්නෙ නෑ. දරුවන් අතුරුදහන් වෙනවා. පසුව දරුවන් පැහැර ගෙන ඇති බවට ඇයට නිර්ණාමික කෝල් එන්න ගන්නවා කප්පම් ඉල්ලමින්. ඇය සිය පෙම්වතා සමග දරුවන් සෙවීමට ගන්නා උත්සහය තමා කතාව පුරා ඇදෙන්නේ.. කතාව රසවත්. කුතුහලයෙන් බලන්න පුලුවන්.. 
අනුපමාගේ දක්ශ රංගනයක් බලා ගන්න පුලුවන්. එකම දවසක උදේ සිදු වූ සිදුවීමක් හේතූ පාදක කරගෙන මධ්‍යම රාත්‍රිය වෙන විට මේ දරුවන්ගේ පැහැර ගැනීම හෙවත් “සමනල දඩයම” අවසන් කරන ආකාරය තමා මෙහි තියෙන විශේෂත්වය. ඉතින් බලන්න ආරාධනා කරනවා. 
සිනෙරූ වෙනුවෙන් බලන් ඉන්න ඔක්කොටම සුභ අලුත් අවුරුද්දක් කියනවා. තව උපසිරැසියකින් හමු වෙන්නම්..
සිනෙරූ වෙනුවෙන් මම, 
✍️ නිත්‍යා රූපසිංහ
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිත්‍යා රූපසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිත්‍යා රූපසිංහ

February 4, 2020


21
Total Subtitles

6 comments

  1. Pattaaaaaaaaaaaaa

  2. මිලාන්

    Film එක download කරන්නෙ කොහොමද ?

    • සබ් එකට පහළින් වීඩියෝ පිටපත් කියලා බට්න් එකක් තියනවා..VPN use කරනවනම් off කරලා සයිට් එකට එන්න..

  3. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නිත්‍යා සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. Thasitha Nilanka
    Cineru_users

    ×264 720p video copy nadda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login