The title of the page
Butchers (2020) Sinhala Sub
Butchers (2020) Sinhala Sub
4.4
43
57

Butchers (2020) Sinhala Subtitles | අනුකම්පාවක් නැති මිනීමරුවා | සිංහල උපසිරැසි සමග

ඉතින් කොහොමද යාළුවනේ.. ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.. අපේ වෙබ් අඩවියත් එක්ක නිරන්තරයෙන්ම ඉන්න අපේ යාලුවො හැමෝම සමහරවිට මං මේ කියන්න යන කතාව දන්නවා ඇති. නොදන්න අයත් ඇති. ඒත් අනිවාරෙන්ම ඒ ගැන පොඩි සටහනක් එකතු කරන්න ඕන.

අද අලුත් අවුරුද්ද දවස, අවුරුදු නිසා වගේම තවත් දෙයක් නිසා අපිට වැදගත්. ඔව් අද තමයි අපේ වෙබ් අඩවියේ දෙවැනි සංවත්සරය.. හරියටම අදට අවුරුදු 2ට කලින් අද වගේ දවසක තමයි අපේ වෙබ් අඩවිය ඒ කියන්නේ cineru එක ආරම්භ කරන්නේ. ඒ නිසා තමයි අපි මේ විදිහෙ අමුතු වැඩක් ගිය අවුරුද්දේදී වගේම මේපාරත් සංවිධානය කළේ. හැබැයි කණගාටුයි මට පළවෙනි සංවත්සරයට සම්බන්ධ වෙන්න බැරිවුණා මොකද මං ඒ වෙනකොට සිනෙරූ එකේ සාමාජිකයෙක් නෙවෙයි. ඇත්තම කියනවා නම් මං සිනෙරු ගැන දැනගත්තේ අන්න ඒ පළවෙනි සංවත්සරය දවසේ. කොහොමහරි මේ වගේ සහෝදරයෝ ටිකක් එක්ක එකතු වෙන්න ලැබුණු එක සතුටක්. මාර එකමුතු සෙට් එකක් අපිට ඉන්නවා. ඒකයි අපේ ශක්තිය. මේ වගේ වැඩක් ලංකාවේ කිසිම උපසිරැසි වෙබ් අඩවියක් මේ වෙනකල් කරලා නැහැ. ඒ ගැන අපි ආඩම්බර වෙනවා. මොකද මේක ලංකාව ඇතුලේ වාර්තාවක්. මොකද කිසිම වෙබ් අඩවියක් එක දවසක් තුළ මෙච්චර උපසිරැසි ප්‍රමාණයක් නිකුත් කරලා නැහැ.
මේ වගේ අදහසක් ඉදිරිපත් කිරීම ගැන අපේ ඇඩ්මින් ලොක්කා සමිතෙට ස්තූතිවන්ත වෙනවා. ඒවගේම කවර් නිර්මාණය කරපු අංජුල සහ මදුෂාන් සහෝදරයන්ටත් ස්තූතිවන්ත වෙනවා වගේම මේ වැඩෙත් එක්ක එකතුවුණු සියලුම සිනෙරූ සාමාජික සහෝදරයන්ට ස්තූතියි.
– – – – – – – – – – – – – – – – – – – –
ඒවගේම අපේ උපසිරැසි /වීඩියෝ පිටපත් /HC වීඩියෝ පිටපත්, ලබාගන්න අපේ යාළුවන්ගෙන් එක ඉල්ලීමක් කරන්න තියෙන්නේ. තරහා නැතුව ඒවා අරගෙන යද්දී විනාඩියක් වැය කරලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඒක අපිට ලොකු හයියක්. ඒවගේම අලුත් උපසිරැසි ගැන දැනගන්න අපේ සයිට් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙම නැත්නම් අපේ cineru ෆේස්බුක් පිටුව Like කරලා එකතුවෙන්න.
– – – – – – – – – – – – – – – – – – – – – – –
හොඳයි මං අද ගේන දෙවෙනි උපසිරැසිය 2020 අවුරුද්දේ රිලීස් වුණ ඉංග්‍රීසි චිත්‍රපටයක්. මේක ටිකක් අමුතු ඒවගේම ටිකක් අමානුෂික චිත්‍රපටයක් කීවොත් හරි. අනුකම්පාවක් නැතුව මිනිස්සු මරන දර්ශන මේකෙ ඇතුළත් වෙනවා. වෙලාවකට ටිකක් අප්පිරියත් හිතුනා මට. ඒත් ඒ දර්ශන ලොකුවට පෙන්නන්නේ නැහැ. ඒ නිසා ලොකු අවුලක් නැතුව බලන්න පුළුවන්. එක සහෝදරයො දෙන්නෙක් ඉන්නවා ඒදෙන්නා තමයි මේ වැඩේ කරන්නේ. පාලු ප්‍රදේශයක්. අවාසනාවකට ඒ පැත්තට කවුරුහරි අහම්බෙන් ආවොත්, ඒ කෙනාගෙ අවසානය සිද්ධවෙන්නේ ඒ පාලු ප්‍රදේශය ඇතුලෙදිමයි. මේකට එක කණ්ඩායමක් අහුවෙනවා මේ ප්‍රදේශයේදී එයාලගේ වාහනය කැඩෙන නිසා.මං එතනින් එහාට කතාව කියන්නේ නැහැ. ඒ අයට බේරෙන්න පුළුවන් වෙයිද නැද්ද කියලා ඔයාලම බලන්නකෝ..

අලුත් උපසිරැසියකින් හමුවෙමු..
• උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනේරූ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

9 comments

  1. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    ස්තුතියි සහෝ, සිනේරු දෙවෙනි සංවත්සරයට සුබ පැතුම්! හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ සයිට් එකේ සෙකන්ඩ් ඇනිවසරි එකට සුබ පැතුම්

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    —congratulations for second anniversary—-

  5. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සුපුන් මල්ලී, බොහෝම ස්තූතියි සබට. සුභ සිංහල අලුත් අවුරුද්දක් සහ දෙවනි වසර සැමරුමක් වේවා!
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
    ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  6. දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  7. patta bn….thnxxxx

  8. Unstable Sachi

    Elama bro

  9. බොහෝම ස්තූතියි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login