The title of the page
No man's land 2020 Sinhala Sub
No man's land 2020 Sinhala Sub
7.7
57

No Man’s Land (2020) Complete Season 01 Sinhala Subtitles | සහෝදරිය සොයා මරු කතරට | සිංහල උපසිරැසි සමඟ

(No man’s land 2020 Sinhala Sub)

ඔන්න එහෙනං තවත් කතා මාලාවක් අරගෙනයි අද එන්නෙ.මේ අලුත් අවුරුදු සතිය ඊට අමතරව අපිට තියෙන විශේෂය තමයි අපේ වෙබ් අඩවියේ දෙවෙනි සංවත්සරයත් අදට තමයි යෙදිලා තියෙන්නෙ.ඒ වෙනුවෙන් තමයි විශේෂයෙන්ම ඔයාලට අද මේ උපසිරැසි අරගෙන එන්නෙ.

මුලින්ම කතා මාළාව ගැන කියලා ඉන්නම්කෝ.මේ කතා මාළාව hulu හරහා තමයි අපි අතරට අරගෙන එන්නෙ.මුලින්ම කියන්න ඕන මේක ඇතුලත්වෙන ඇතැම් දර්ශන සමහර අයට නරඹන්න බැරිවෙන්න පුළුවන්,ඒ නිසා මේක වැඩි හිටියන්ට පමණක් සුදුසු වෙනවා කියලා කියන්න වෙනවා.මේක 2020 සැප්තැම්බරයේ 18 වෙනිදා තමයි විකාශය ආරම්භ කරන්නෙ.මේකේ ratings ගැන කියනකොට 7.7/10 imdb අගයක් වගේම,57%ක rotten tomatoes අගයක් වගේම,91%ක ගූගල් පරිශීලක කැමැත්තත් ලබාගෙන තියෙනවා.ඒ වගේම මේකට Souheila Yacoub,Felix Moati,Melanie thierry,jo ben ayed,dean ridge,james krishna floyd,james purefoy,යන අය ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායකත්වය ලබාදීලා තියෙනවා.මේ කතා මාළාව නිර්මාණය වෙන්නෙ Amit cohen,Ron Leshem,යන අය අතින් නිර්මාණය වෙලා තියෙනවා මගේම මේකෙ ප්‍රංශ,කුර්දි,අරාබි සහ ඉංග්‍රීසි,යන භාෂාත් භාවිත කරලා තියෙනවා.

කතාවේ වෙන්නෙ මොකද්ද කියලා පොඩ්ඩක් කිව්වොත්

ඇන්ටෝන්(ඇන්තුවාන්) කියන ප්‍රංශ ජාතිකයා,එක දවසක් බෝම්බ ප්‍රහාරයක වීඩියෝ පටයක් රූපවාහිනිය හරහා දකිනවා.ඒ වීවියෝ එකේ එක සැක සහිත ගෑණු කෙනෙක්ව මෙයා දකිනවා,ඒ මොකද එයාගේ සහෝදරී කොණ්ඩේ බඳින විදිහටම ඒ කාන්තාව කොන්ඬේ බඳිනවා ඒ වීඩියෝ එකේ දකිනවා.ඒත් මෙයාගේ සහෝදරී ඊජිප්තුවේදී අවුරුදු දෙකකට කලින් බෝම්බ ප්‍රහාරයකින් මැරිලා තියෙනවා.පස්සෙ මෙයා ඒ කාන්තාව ගැන දැනගන්න සිරියාවට යනවා.මේ කාලේ වෙනකොට ISIS ත්‍රස්ත කණ්ඩායම සිරියාවේ තම අරාබි රාජ්‍ය පතුරවන්න පටන් ඇරගෙන තියෙන්නෙ.කොහොම හරි මෙයා සිරියාවට යනවා තම සහෝදරියව හොයාගන්න බලාපොරොත්තුවෙන්,එහෙදි මෙයාට ගොඩක් දේවල් වලට මුහුණදෙන්න සිද්ද වෙනවා.ඒත් එයාට අර කන්තාව හොයාගන්න පුළුවන් වෙයිද?ඒ කාන්තාව එයාගේ සහෝදරියමද?නැත්තං එයාගේ සහෝදරී ඇත්තටම මැරිලද?මේ දේවල් ඔයාලා බලලම දැනගන්න එහෙනං.

මුලදි කිවුවා වගේම අද අපේ වෙබ් අඩවියේ,අපේ සිනෙරූ පවුලේ දෙවෙනි උපන්දිනේ කියලත් කියන්න පුළුවන්,මේ කාලය ඇතුලට අපිට බොහොදෙනාගේ ආදරය ලබාගන්න හැකිවෙලා තියෙනවා වගේම අපිට ලොකු දුරක් එන්න පුළුවන් වෙලා තියෙනවා.ඒ මොකද අපිත් එක්ක එකතුවෙලා ඉන්න අපේ වෙබ් අඩවියේ පරිශීලකයන්ගේ දිරිමත් කිරීම සහ ආදර නිසා තමයි, ඔයාලගේ එක ඩවුන්ලෝඩ් එකකින් වගේම එක කමෙන්ට් එකකින් අපිව දිරිමත් කරලා අපිට තවත් ඉස්සරහට යන්න ශක්තියක් වෙන ඔයාලට ස්තූතිකරන්න මේක අවස්ථාවක් කරගන්නවා.ඒ වගේම අපේ සිනේරු පවුල,හරිම එකමුතුවෙන් සහයෝගයෙන් කටයුතු කරලා ඔයාලට ඉක්මනට උපරිම මට්ටමේ හොඳ ගුනාත්මකබවක් තියෙන උපසිරැසි අරගෙන එන්න මහන්සි වෙනවා.පසුගිය අවුරුදු වලදි යම් අඩුපාඩුවක් උනා නම් ඒවත් හරිගස්සගෙන ඉස්සරහට යන්න අපි බලාපොරොත්තු වෙනවා.ඒ වගේම ඉස්සරහටත් අපිත් එක්ක මේ විදිහටම එකතුවෙලා ඉන්න කියලා ආරාධනා කරනගමන් සමු ගන්නවා!!

ඒ වගේම ලැබුවා වූ 2021 සින්හල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන,නිරෝගිමත් සුබ නව වසරක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

8 comments

  1. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    ස්තුතියි සහෝ, සිනේරු දෙවෙනි සංවත්සරයට සුබ පැතුම්! හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ සයිට් එකේ සෙකන්ඩ් ඇනිවසරි එකට සුබ පැතුම්

  3. Thanusha Nadeeshan

    thanks bn

  4. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    නිපුන මල්ලී, බොහෝම ස්තූතියි සබට. සුභ සිංහල අලුත් අවුරුද්දක් සහ දෙවනි වසර සැමරුමක් වේවා!
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
    ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  5. Hashan
    Top Fan ⭐⭐⭐

    ස්තූතියි සබ් එකට

  6. tnx mchan…
    download link nane site eke

    • samitha
      Cineru Family Member

      ඩවුන්ලෝඩ් ලින්ක් සිනෙරු එකේ වගේම දන්ලෝඩ් සයිට් එකත් තියෙනවා සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login