The title of the page
4.5
72

Brother’s Day (2019) Sinhala Subtitles|සැමට සහෝදරයෙකු වූ ඔහු..| සිංහල උපසිරැසි සමග|

“අයියේ…
ඔය.. කට්ටිය පැනලා යනවා නේද…?

කොහෙද යන්නෙ කියලා, කියල ගියාට කමක් නැද්ද ?

පැනලා යනකොටද ?
– තැන කොහේද කියලා කියන්න හොඳ නෑ”

සුභ දවසක් යාළුවෝ හැමෝටම. ඕන්න ගොඩක් අය බලාපොරොත්තුවෙන් ඉඳපු උපසිරැසියක් අරගෙනයි ආවේ… ටිකක් පරක්කු උණාට සමාවෙන්න ඕනා.. අධ්‍යාපන කටයුතු එක්ක තියෙන කාර්‍යබහුලත්වය නිසා ඉතින් පොඩ්ඩක් පරක්කු වුණේ…කොහොම උනත් ඔන්න අන්තිමේදී අද දවසම කැප කරලා යන්තම් වැඩේ ගොඩ දාගත්තා…

“Brother’s Day”

සහෝදරයෙක් ගැන කාතාවක්ද..? ඔව් එහෙම එකක් තමයි.. මේක තමන්ගේ නංගිට වුණ අසාධාරණයක් වෙනුවෙන් වගේම තවත් කිහිප දෙනෙක් වෙනුවෙන්ම සාධාරණය ඉෂ්ඨ කරන්න පෙනී ඉන්න සහෝදරයෙක්ගේ කතාවක්.. Drama/Thriller කාණ්ඩයට අයත් වෙන මේ සුපිරි ගණයේ මලයාලම් සලරුවට IMDb මීටරේ කැරකැවිලා තියෙන්නෙ නම් 5.8 යි. ඒ මොකද කියන්න නම් දන්නෙ නෑ.. මේ තරම් හොඳ චිත්‍රපයක IMDb අගය අඩු වුණේ මොකද මන්දා.. ඒත් ඉතින් වුනත් සුපිරියක්කි යලා නම් කියන්න පුළුවන්.. ඒ වගේම ගූගල් පරිශීලක මනාප 75 % ලෙසයි සටහන් වෙන්නේ… Prithviraj Sukumaran, Madona Sebastian, Aishwarya Lekshmi වගේ සුපිරිම සෙට් එකක් තමයි රංගනයෙන් දායක වෙන්නේ… චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Kalabhavan Shajohn විසින්. නිෂ්පාදනය කරන්නේ Listin Stephen විසින්. මට දැනුනු විදියට නම් දෙබස්, පසුබිම් සංගීතය, සින්දු ටික.. මේ හැම දේම සුපිරියටම තිබුනා.. අනික කතාව පටන් ගන්න විදිය, ඒ වගේම අවසානය වෙනකන්ම කුතුහලය රඳවගන්නත් හොඳ උත්සයක් දරලා තියෙනවා…

කතාව පටන්ගන්නේ පීලි කියන පොඩි ගෑණු ලමයෙකුගෙන්.. පීලි උපදිනකොටම එයාගේ අම්මා නැතිවෙනවා.. එයාගේ අයියා තමයි එයාව හදාගන්නේ මොකද පීලිගේ තාත්තා මතට තදින්ම ඇබ්බැහි වෙලා ජීවිතේ විනාස කරගෙන දරුවන්ව පවා පාවල දෙන තත්වෙකට පත්වෙලා ඉන්නේ.. එක දවසක් තමන්ගේ ලාභ ප්‍රයෝජන වෙනුවෙන් පීලිව තමන්ගේ යාළුවෙකුට ඔහුගේ කාම ආශාවන් ඉෂ්ඨ කරගන්න ඉඩ හරිනවා. පීලිගේ අයියා මේ තාත්තගෙන දරුවෙක් නෙවෙයි. හැබැයි පීලිට ගොඩක් ආදරෙයි.. ඒ වෙලාවේ හිතට ආපු කේන්තිය නිසා පීලිගේ තාත්තවයි ඔහුගෙ යාළුවාවයි දෙන්නවම ඝාතනය කරනවා… අයියා පීලිවත් දාලා වේගෙන් දුවගෙන යනවා.. ඊට පස්සෙ එකපාරටම වයසක ජෝඩුවක් කසාද බඳින සීන් එකක් තියෙන්නේ.

ඒ කසාදේ ආහාර පාන සපයන්න ඉන්න රොනී තමයි කතාවේ වීරයා වෙන්නෙ.. එයාටත් නංගි කෙනෙක් ඉන්නවා. ඉතින් එයාගේ නංගි කසාද බැඳලා මධුසමය ගතකරන්න ගිය වෙලාවේ, මනමාලයාව බොහොම කුරිරු විදියට ඝාතනය කරනවා මෙහෙම කරන්නේ කවුද ? රොනීගේ නංගිගේ සැමියා විතරක් නෙවෙයි, මේ විදියට තවත් කීප දෙනෙක්ම මැරෙනවා එක නරුමයෙක් නිසා.. ඔයාලට ටිකක් බලාගෙන යනකොට හිතේවි මේ පුද්ගලයා පීලිගේ අයියද කියලත්.. ඒක එහෙම වෙයිද නොවෙයිද කියලා දැනගන්න බලන්නම වෙනවා..

දැන් ඉතින් පැහැදිලි කරන්න ගියොත් ඔක්කොම කතාව කියන්න වෙනවා.. මම කියනවට වඩා හොඳයිනේ ඔයාලම බලන එක.. පැය 2 විනාඩි 43 ක් පුරාවට බලන්න  පුලුවන් සුපිරි ගණයේ මලයාලම් සලරුවක් කියලා වගකීමෙන් කියන්නේ.. සතුට, හාස්‍ය, ත්‍රාසය, කුතුහලය, ආදරය මේ හැම දේම සමානව තියෙනවා..

ඉතින් අන්තිමටම කියන්න ඕනා.. සින්දු ටිකටත් එක්කම ඔන්න වෙනදා වගේම සබ් එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ.. මොකද  මලයාලම් සලරුවක් වගේ, වෙන මොකක්වත් හරියන්නෙ නෑනේ.. මගඇරගන්නෙ නැතුව අනිවාර්‍යෙන්ම බලන්න.. ඒ වගේම ඉතින් අපිට හයියක් වෙන්න ඔයාලගේ වටිනා අදහසත්  කැමති නම් පල්ලෙහායින් දාලා යන්න…

තවත් උපසිරැසියකින් හම්බවෙමු එහෙනම්…

ඔබ සැමට දළඳා සමිඳු පිහිටයි….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
ProperHDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

13 comments

  1. Pasidu hithata hiyaganna oyata pluwan you can thx ela

  2. Godak sthuthi sahooo sub ekata …

  3. Thanks bro…ooka patta…sub enakanmai hitiye…

  4. Asanka Weerasinghe
    Cineru Family Member

    එලහ්😍❤

  5. Thx bro sub ekata.jaya wewaa 🙏🙏

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  7. ඔබට ගොඩක් ස්තූතියි. …

  8. Godaaak pin,,,,,,apita malayalam movies dena ekata,,,godaak thank you

  9. බෝම තුති සහෝ. ජයවේවා දිගටම මලයාලම් දෙන්න කියලා ඉල්ලනවා…ජය

  10. Thankz bn sub ekata jaya wewa

  11. Thank u so much bro…… Jayen Jayama Wewa…… GOOD LUCK

  12. thanks bro….WEDDING CRASHERS movie ekatath sub ekak dannadooooo

  13. thanks bro….. WEDDING CRASHERS movie ekatath sub ekak dandooo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login