The title of the page
Bloody Daddy (2023) Sinhala Subtitles
Bloody Daddy (2023) Sinhala Subtitles
7.2
86

Bloody Daddy (2023) Sinhala Subtitles | රැකියාවට එහා ගිය පිය සෙනෙහස | සිංහල උපසිරැසි සමඟ

(Bloody Daddy (2023) Sinhala Subtitles) (Bloody Daddy (2023) Sinhala Sub)

සුභ දවසක් හැමෝටම ,

දාහක් ප්‍රශ්න තිබුනත් වගකීමක් බාර ගත්ත නම් ඒක ඉෂ්ඨ කරන්නම එපැයි.. ඔන්න ඉතිං මාත් ප්‍රශ්න ගොඩක් අස්සෙ ටිකක් හරි පරක්කු වෙලා ඔයාලට පහුගිය ජුනි 09 වෙනිදා OTT මාද්‍ය හරහා නිකුත් වුනු BLOODY DADDY ෆිල්ම් එකේ සිංහල උපසිරැසිය මම අද අරගෙන ආවා.

Ali Abbas Zafar ගේ අධ්‍යක්ෂනයෙන් හැඩවුන මේ ෆිල්ම් එක ඇක්ෂන් , ත්‍රිලර් ශානරයට අයිති එකක්. ඒවගේම මේ චිත්‍රපටය පැය 2කට ආසන්න කාලයක් දිවෙන අතරම මේ වෙද්දි IMDB – 7.2/10 ඉහළ අගයක රැදී තියෙන්නත් චිත්‍රපටයට පුළුවන් වෙලා තියෙනවා.

චිත්‍රපටයේ කතාව කොවිඩ් වසංගතය එක්ක කරකවලා යම් යම් වෙනස්කම් සිදු කරලා තිබුනත් මේ කතාවට පාදක කරගෙන තියෙන්නේ 2011 වර්ෂයේ තිරගත උන Sleepless Night කියන ප්‍රංශ චිත්‍රපටයක්.

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Shahid Kapoor – [සුමයිර්]
Diana Penty – [අදිති]
Ronit Roy – [සිකන්දර්]
Sanjay Kapoor – [හමීඩ්]
Rajeev Khandelwal – [සමීර්]

සුමයිර් කියන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයේ රහස් නිලධාරියෙක්.. සුමයිර් ගැන කතා කළොත් එයා රස්සාවට ජීවිතේ පළවෙනි තැන දීලා එයාගේ ජීවිතේම අවුල් කර ගත්තු කෙනෙක්. ඒත් එයාගේ බිරිද එයාව අතෑරලා දැම්මට එයාගේ පුතා එයාගේ තත්වේ තේරුම් අරන් එයා එක්ක ඉන්න තීරණයක් අරන් තිබුනා. ආතර්ව් එහෙමත් නැත්නම් ආතී කියන්නෙ සුමයිර්ට ඉන්න එකම පුතා. සුමයිර් එයාගේ පුතාට තියෙන ආදරේ පිටට නොපෙන්නුවට මේ ෆිල්ම් එක ඉවර වෙද්දි ඔයාලට සුමයිර්ගේ ආදරේ මොනවගේ ද කියලා තේරුම් යයි.

සුමයිර් කාලයක් තිස්සේ මාන බල බල හිටපු මත්ද්‍රව්‍ය ජාවාරමේ ඉවර කරන අරමුණින් සිකන්දර් කියන ව්‍යාපාරිකයා හරහා හමිඩ් කියන ව්‍යාපාරියා අතර සිද්ද වෙන කෝටි 50ක කොකේන් බිස්නස් එකකට සැලසුම් සහගත ලෙසින් සුමයිර් ක්‍රියාත්මක වෙනවා. ඒත් කොහේදෝ හිටපු එයාගේ පුතාත් මේ අතරට මැදි වෙනවා. ඒ සිකන්දර් , සුමයිර්ගේ පුතා ආතී ප්‍රාණ ඇපයක් විදියට තියාගෙන.

කතාව කිව්වම මේක බලන්න තියෙන කෘතුහලේ නැති කරන්න මං කැමති නෑ
ඔයාලම කතාව බලල ඉන්නකෝ..

එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිෂ්ක සංකල්ප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිෂ්ක සංකල්ප

July 7, 2022


31
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි කවිෂ්ක සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. sahan Mali
    Cineru_users

    සබ් එකට තෑන්ක් ස්ලීප් නයිට් බලලා තිබුන නිසා කතාව සෙට්වුනේ නෑ

  3. Krishani
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login