The title of the page
Komi Can't Communicate (2021) Complete S01 Sinhala Subtitles |
Komi Can't Communicate (2021) Complete S01 Sinhala Subtitles |
7.8
87
92

Komi Can’t Communicate (2021) Complete S01 Sinhala Subtitles | “මනුෂ්‍යත්වයේ බලාපොරොත්තු…” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් කියලා පිළිගන්නවා ඇනිමේ රසික රසිකාවියෝ හැමොම.

මගේ නම යොහාන් රණවීර.ගොඩ කාලෙක ඉදන් ආසාවක් තිබුණා ඇනිමේ එකකට Subtitle හදන්න. එත් A/L තිබුණු නිසා ඒ වැඩේ කල් දැම්මා. අන්තිමට කොහොම හරි මමත් ආසාවෙන් බලපු ඔයාලත් ආසාවෙන් බලයි කියලා හිතන ඇනිමේ එකකට Subtitle ගෙනාවා ඔන්න. පවුලේ හැමොම එක්ක වුනත් බලන්න පුළුවන් වටින තේරුමක් තියන හැමතිස්සෙම හිනාවෙලා බලන්න පුළුවන් එකක් තමයි Komi Can’t Communicate කියලා කියන්නේ. මෙක මගේ පළවෙනි සබ් එක නිසා අඩුපාඩු එහෙම එහෙම ගොඩක් ඇති. එවා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න.

එහෙනම් කතාව පැත්තට යමු,

2021 දෙසැම්බර් 23 වෙනිදා Netflix හරහා විකාශය වුණු Komi Can’t Communicate කියන ඇනිමේ කතා මාලාව දැනට Season 2 ක් නිතුත් වෙලා තියනවා. මේ ඇනිමේ එක Tomohito Oda විසින්‍ රචනා කරපු “古見さんは、コミュ症です” කියන මංගා එක ආභාස කරගෙන තමයි OLM Studio Team එක මේ ඇනිමේ එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මෙක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අපි කවුරුත් දන්න “Doraemon” කියන ඇනිමේ එකට අධ්‍යක්ෂණයෙන් සහය දීපු Ayumu Watanabe මහතා. එසේම තිර රචනය Deko Akao මහතා ද සංගීත නිර්මාණය Yukari Hashimoto මහත්මියද සහය ලබා දී තිබෙනවා. එ වගේම මෙම ඇනිමේ එක සදහා IMDb දර්ශකය තුළ 7.8ක ඉහල ප්‍රතිචාරයක් ද හිමිවී තියනවා.

දැන් කතාවෙ අන්තර්ගතයට යමු,

සංනිවේදන ආබාධයකින් පීඩා විදින උසස් පාසල් ශිෂ්‍යාවක් වටා තමයි කතාව ගලා යන්නේ. එයාගේ නම තමයි කොමි ශෝකෝ. මෙයාගේ ලස්සන හින්දම පාසලට ඇතුළත් වෙන දවසෙම ඇය පාසලේ ඉන්න ජනප්‍රිය ම ළමයා වෙනවා. එත් සංනිවේදන ආබාධය නිසා ඇය සාමාන්‍ය ජිවිතයේ දී එක වචනයක් වත් කතා කරන්නේ නෑ.එත් මේ දුශ්කරතාවයෙන් මිදීමට ඇය සිහින දකින අතර අනිත් ළමයින් සමග මිතුරු විමට සහ යහළුවන් 100ක් ඇතිකර ගැනීමට ද සිහින දකිනවා.

කොහොම හරි කොමි සන්ට කතා කරන්න බැරි බව ඇයගේ එහා පැත්තේ පුටුවෙ වාඩි වෙලා ඉන්න කොල්ලා දැනගන්නවා එයා තමා “තදනො හිතොහිතො”. ඔහු සාමාන්‍ය පාසල් ජිවිතයක් ගතකිරිමට සිතා සිටියත් කොමි සන් හෙතුවෙන් එම බලාපොරොත්තු බිද වැටෙනවා. කොහොම හරි අන්තිමට ඔහු ඇයට මිතුරන් 100ක් ඇතිකර ගැනීමට උදව් කරනවා වගේම ඔහු ඇගේ පළමු මිතුරා වෙනවා. මේ නිසා ඔහුට ලොකු පොඩි කරදර ගොඩකටත් මුහුණදෙන්න වෙනවා. කොමි සන් කොච්චර ජනප්‍රිය උනත් කොමි සන්ට යාළුවො හොයාගන්න වැඩේ ලෙසි වෙන්නේ නෑ කියලා කතාවේ පෙන්නලා දෙනවා.

ඒ මොකද කියලා දැනගන්න ඔයාලා අනිවාර්‍යෙන් කතාව බලන්න.

එහෙනම් bye bye,
නැවත හමුවෙමු!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
යොහාන් රණවීර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
යොහාන් රණවීර

June 20, 2023


2
Total Subtitles

14 comments

  1. meke season 2 dennako puluwannam

  2. supirii digatama onii

  3. බොහොම ස්තුතියි මේ කරනා වටිනා සේවය වෙනුවෙන් .

  4. පළවෙනි එකට සුභපැතුම් සහෝ..✌️

  5. digatama karanna ..season 2 ekath oneeeee

  6. Thanks for sub❤
    S2 ekatath sub eka

  7. ane S2 eka danna kooooo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login