The title of the page
Blood of Zeus (2020) Complete Season Sinhala Subtitles
Blood of Zeus (2020) Complete Season Sinhala Subtitles
7.7
100
94

Blood of Zeus (2020) Complete Season Sinhala Subtitles | සියුස්ගේ ලේ සලකුණ | සිංහල උපසිරැසි සමග

✒දර්ශන හෙට්ටිවත්ත

ඔන්න ඉතින් අමාරුයි කියල නොහිතා මේ සතියෙත් ගෙනාවා කම්ප්ලීට් සීරීස් එකක්. මේක ඉතින් අර සුප්‍රසිද්ද නෙට්ෆ්ලික්ස් ලාගේ එකක්. මේක ගැන කියන්න කලින් මම මෙහෙම කියන්නම්. ඔයාලා දන්නවනේ විශිෂ්ට ඉතිහාස තියෙන රාජ්‍යන් කීපයයි තියෙන්නේ. ඒ අතරින් පැරණිම ඉතිහාසයක් සහිත රාජ්‍යක් තමයි ග්‍රීක රාජ්‍යය. කොහොම උනත් අපේ රටේ වගේ විශිෂ්ට ඉතිහාසයක් නම් නෙවෙයි කියලයි මගේ අදහස. මොකද අපි දහස් ගනන් රහතන් වහන්සේලාට දන් දෙනකාලේ, ග්‍රීකයෝ කරලා තියෙන්නෙ මිනී මරාගන්න තරඟ තිබ්බ එක. මේ වෙලේවේ අනිවර්‍යෙන් කියන්න ඕනේ මම අපේ ඉතිහාසය කිව්වේ අර හැමෝම දන්න විජයගෙන් පැවත එන පිරිස ගැන නම් නෙවෙයි. විජය කියන්නේ තක්කඩියෙක්. එයාව තාත්තා ඉන්දියාවෙන් එලෙව්වේ ඒකයි. කුවෙනි තමයි අපේ. අපේ ගෑනියෙක්ව අනාත කරපු රජෙක් ගැන නෙවෙයි, මැණික් පුටුවක වාඩිවෙලා රට පාලනය කරපු මනිඅක්ඛිත රජතුමා, මුල්ම ගුවන් යානය ලෝකෙට දීපු රාවනා රජතුමා වගේ ශ්‍රේෂ්ටයන්ගෙන් පැවත එන හෙලයන් ගැනයි මං කිව්වේ ඕං! (මේ කියපු දේ වගකීම සම්පූර්ණයෙන් මම ගන්නවා)

ඉස්සෙල්ලම මෙතනින් ගිහින් ට්‍රේලරේ බලන්නකෝ

කොහොම හරි ග්‍රීක ඉතිහාසයත් ගොඩක් විශිශ්ටයි. බේධයකින් තොරව අතිශයින්ම රසවත් පොත් ගනනාවක් තියෙයි ග්‍රීක සාහිත්‍යයේ. හෝමර්ගෙ ඉලියඩ් එහෙම කියවපු අය දන්නවනේ ඉතින් ඒවගේ රසය. ඉතින් මේ කතාවේ වෙන්නෙ මෙහෙමයි. මහා දෙවියා සියුස් අපේ ලෝකේ ලස්සන කාන්තාවක් එක්ක පොඩි සම්බන්ධයක් තියා ගන්නවා. ඉතින් ඒකෙන් සුලු වරදක් වෙලා ඒ කාන්තාවට ළමයෙක් ලැබෙනවා. ඉතින් මහ දෙවියාගේ ඇත්ත්ම බිරිඳ හෙවත් හේරා මේක දැන් ගන්නවා. ඒ වගේම මේ අයව මරන්න ලාස්තිවෙනවා. මරන්න බැරි වෙයිද? පුලුවන් වෙයිද කියලා ඔයාලම බලාගන්න. ඒ අස්සේ රාක්ෂයෝ පිරිසකුත් එනවා මිනිස්සුන්ට එරෙහිව. ඉතින් මේකෙන් පොළවයි අහසයි බේරගන්න එක බාර වෙන්නේ සියුස්ගේ අනියම් බිරිඳගේ පුතාට. එයා ඒක කරයිද? නැත්නම් අනාගෙන සීසන් දෙකට ඉතුරු කරාවිද කියලා ඉතින් බලලම තමා දැනගන්න වෙන්නේ. කොහොම උනත් දෙවියෙක් උනත් අනියම් සම්බන්ධතා තියාගන්න හොඳ නෑ. කොහොමත් හොඳ නෑ. මොකද ඉහල අයගේ ආදර්ශ තම පහළ උදවිය ගන්නේ. එතකොට ඉතින් අනේ දෙවියන්ට හොඳ නම්, අපිට මොකෝ නරක කියලා හිතලා අපේ උන්දැලත් මේ වගේ වැඩ කරන්න බැරි නෑ. මට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි. ඔය වගේ දේවල් කොරන්ඩ එපා. මොකද මේ කතාව පුරම තියෙන්නෙ ඒ දේ නිසා ඇතිවුනු ගැටලුවක් තමයි. ජීවිත කාලෙම සෑහෙන පිරිසක් විඳවනවා ඔහොම දෙවල් උනාම. ඉතින් මොකට අහක යන නයි ඇඟේ දාගෙන කනවෝ කනවෝ කියනවද? ඕවා නොකර හිටියාම හරි!

මේ සබ් එකට ඔන්න මගේ ගෝලයා සෙට් උනා පළැවෙනි වතාවට. හරි සතුටුයි මට ඒ ගැන. මොකද ඌ දැන් මට වඩා හොඳට සබ් ගහන්වා. සීසන් එකක් ඉවර කරා මට පස්සේ පටන් අරගෙනත්. මම තාම මඟ. හැබැයි මට පට්ට සතුටුයි. ඊලඟට එන්න නියමිත එයාගේ නම් 50වෙනි උපසිරැසිය. බලන් ඉමුකෝ අපි. ඒ වගේම මගේ සබ් කෙරුවාවේ හයිය මගේ ලක්ෂ්මී නෝනත්, සදහම් පුතත් හදපිරි ආදරෙන් මතක් කරනවා. සමිතේ බොස්, අංජුමල්ලි බොස් ඇතුලු සිනෙරූ පවුලේ හැමෝටමත් ස්තූතියි. මම මගේ “ද එක්ස්පන්ස්” එකෙන් එපි දෙකක් ගේන්න තීරණය කරා. මොකද බැනුම් ගොඩක් ඇහුවා ඒකට සබ් දෙන එක නැවැත්තුව නිසා. ඒ එපි 2න් පස්සේ මගේ 150 කඩයිම තියෙනවා. ලස්සන ෆිලුමක් දෙන්නම්කෝ. අබ්‍යවකාශ සීන් එකක් දෙන්නම්. ටිකක් පරණ එකක්. එහෙනම් ඉතින් බාලා සබ බලන්න කලින් හෝ බැලුවට පස්සේ අපිට කමෙන්ටුවක් ලියල යන්න ඇවිල්ලා. මොකද අපේ හයිය ඒක තමයි. හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සග සරණයි! කියලා ප්‍රාර්තනා කරනවා. එහෙනම් එක්ස්පන්ස් එකෙන් එන්නම්.. .. .. ..

මම මගේ “ද එක්ස්පන්ස්” එකෙන් එපි දෙකක් ගේන්න තීරණය කරා. මොකද බැනුම් ගොඩක් ඇහුවා ඒකට සබ් දෙන එක නැවැත්තුව නිසා. ඒ එපි 2න් පස්සේ මගේ 150 කඩයිම තියෙනවා. ලස්සන ෆිලුමක් දෙන්නම්කෝ. අබ්‍යවකාශ සීන් එකක් දෙන්නම්. ටිකක් පරණ එකක්. එහෙනම් ඉතින් බාලා සබ බලන්න කලින් හෝ බැලුවට පස්සේ අපිට කමෙන්ටුවක් ලියල යන්න ඇවිල්ලා. මොකද අපේ හයිය ඒක තමයි. හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සග සරණයි! කියලා ප්‍රාර්තනා කරනවා. එහෙනම් එක්ස්පන්ස් එකෙන් එන්නම්.. .. .. ..

✒චානක තිලංක සුභ දවසක් මගේ යාළුවනේ, ඔන්න ඉතින් මං මේ පාර අළුත් වැඩකට සම්බන්ධ උනා. ඒ කිව්වේ මං මීට කලින් කරලා නැති උපසිරැසි ගැන්වීමකට මං සම්බන්ධ උනා. මගේ සබ් ගුරුතුමත් එක්ක එකතු වෙලා මේ පාර මං ඇනිමේශන් කතා මාලාවකට සබ් අරගෙන ආවා. අමුතුවෙන් හදුන්වලා දෙන්න ඕනේ නෑනේ දැනට අපේ සිනෙරු සයිට් එකේ පළවෙනි තැන ඉන්න කෙනා ගැනයි මං මේ කිව්වේ. අපේ දර්ශන හෙට්ටිවත්ත සහෝ ගැන. කොහොම උනත් මේක මගේ පළවෙනි අද්දැකීම තව කෙනෙක් එක්ක එකතු වෙලා සබ් නිර්මාණය කරන එක. ඒ වගේම මේක මගේ අන්තිම නිර්මාණයත් නෙමෙයි ඒ කියන්නේ මේ විදිහට ඉස්සරහටත් මගේ යාළුවන් වෙනුවෙන් දර්ශන හෙට්ටිවත්ත සහෝයි මමයි මේ විදිහට සබ් අරගෙන එනවා. වැඩි දේවල් නොකියා අපි කතාව පැත්තට හැරෙමුකෝ. මේ කතා මාලාව Blood of Zeus. කියලා හදුන්වනවා මේකේ 4 වෙනි එපියේ ඉදලා 8 වෙනි එපිය දක්වා මගේ දායකත්වයෙන් සබ් නිර්මාණය කලේ. මං කතාවෙන් වෙන්නේ මොකක්ද කියලා කියන්නම්.

සියුස් දෙවියන් ආදරය කල කාන්තාව මියයනවා. ඇගේ එක් පුතෙකු නපුරු කෙනෙකුත් අනෙක් පුතා හොඳ කෙනෙකුත් බවට පත් වෙනවා. හේරා දේවතාවිය ඒ නපුරු පුතාව රවට්ටා ගන්නවා. මිතුරෙක් තවත් මිතුරෙක්ව පාවලා දෙනවා. සෙරෆිම්ට බලගතු කඩුවක් ලැබෙනවා. සහෝදරයන් දෙදෙනා අතර සටනක් ඇති වෙනවා. ඒකට සියුස් දෙවියන් මැදිහත් වෙනවා. සෙරෆිම්ට හේරා දේවතාවිය උදව් කරනවා. සියුස් දෙවියන් එයාගේ අනෙක් පුතා උන හෙරොන්ව ඔලිම්පස් වලට අරගෙන යනවා. එයාව පුහුණු කරනවා. හෙරොන් එයාගේ දෛවය ගැන දැනගන්නවා. ඇත්ත කතාව දැනගන්නවා. හෙරොන්ගේ මිතුරන් ලොකු කරදරයකට මුහුන දෙන්න සිද්ද වෙනවා. සෙරෆිම් සහ හෙරොන් අතර ආපහු සටනක් ඇති වෙනවා. හේරා දේවතාවිය නපුරු යක්ෂ යෝධයින්ට පණ දෙනවා.හේරා දේවතාවිය සියුස් දෙවියන්ව මරන්න උත්සාහ කරනවා. යක්ෂ යෝධයින් ඔලිම්පස් වලට පහර දෙනවා. සියුස් දෙවියන් මැරෙනවා. හෙරොන් ලෝකය බේරගනීවිද? සීසන් 02ට ඉඩ තියාවිද? ඔයාලම බලන්න

හොඳයි එහෙනම්, විශේෂයෙන්ම මේ අයව මතක් කරන්න ඕනේ, සමිත සහෝ, අංජුල සහෝ, දර්ශන සහෝ, සිනෙරු ටීම් එක. එහෙනම් ආපහු අළුත් සබ් එකකින් හමුවෙමු. හැමෝටම බුදු සරණයි!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

15 comments

  1. thanx saho..link nane dila

  2. Hashan
    Top Fan ⭐⭐⭐

    ගොඩක් ස්තුතියි දර්ශන අයියෙ 😊❤..
    ජය වේවා.!

  3. Godaaak thanx brother…oyata puluvannam El chapo tv series akath karannako.

  4. තෑන්ක්ස් සහෝල දෙන්නටම කම්ප්ලීට් ම එකක් ආයෙම ගෙනැල්ල මහන්සි වෙලා..❤ තව ඕන ඔය දෙන්නගෙන් ඈ..එල වැඩක්

  5. Pattaaaaaaaaaa

  6. බොහොම ස්තූතියි සහෝ

  7. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri Elama

  8. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  9. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    adheesha
    samitha
    Hashan
    Shanaka
    Madushan Priyankara
    Sanjeewa2010
    Madusha
    Isirajanith
    Supun Kaushalya
    බොහෝම ස්තූතියි කමෙන්ටුවක් ලියපු ඔයාලා ඔක්කොටම. මට රිප්ලයි කමෙන්ට් ලියන්න බැරි නිසයි මෙහෙම පොදුවේ කමෙන්ටුවක් ලිව්වේ. සමාවෙන්න ඉතින් ඈ

  10. චානක තිලංක

    කමෙන්ට් එකක් දපූ හැමෝටම බොහොම ස්තූතියි සහෝලා. 👍👍👊👊👊👊👊👊👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  11. Thanks සහෝ

  12. Kasun Samaranayake

    meke bn ekak download karala anika download karaganna patta welawak inna wenawaneh

    • කම්පීල්ට් සීසන් එකේම සබ් එක පාර දීලා තියෙන්නේ..🙄 එකින් එක එක ගන්නේ මොකටද..?

  13. sameera de silva

    Season 2 onee

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login