The title of the page
Black water abyss 2020 sinhala sub
Black water abyss 2020 sinhala sub
4.6
50
54

Black Water: Abyss (2020) Sinhala Subtitles |කිඹුල් ගුහාවක සිරවුණු ජීවිත|සිංහල උපසිරැසි සමග

Black water abyss 2020 sinhala sub

ඔන්න ගොඩ දවසකට පස්සෙ ආයෙත් සුපුරුදු විදිහට ඉංග්‍රීසි චිත්‍රපටියක උපසිරැසියක් අරගෙන ආවා. කලින් දවස් ටිකේම වැඩ ගොඩක හිටපු නිසා මොකුත්ම කරන්න උනේ නෑ. ඒ වගේම මම බාර අරගෙන ඉවරයක් කරපු නැති සීරීස් දෙකකුත් තියෙනවා. ඊළඟට ඒ දෙකම ඉවරයක් කරලා තමයි වෙන එකක් කරන්න ගන්නෙ.

අද මේ විදිහට අරගෙන එන්නෙ Black Water 2007 කියන චිත්‍රපටියෙ Sequel චිත්‍රපටියක් වෙන Black Water Abyss (2020) කියන චිත්‍රපටිය. 2007 දි නිකුත් වුණ චිත්‍රපටියෙත් තියෙන්නෙ කිඹුලෙකුගෙන් බේරෙන්න වෙර දරණ කණ්ඩායමක් වටා ගෙතුණු කතාවක්. මේකෙත් වෙන්නෙ අන්න ඒ වගේම සිදුවීමක් තමයි.

මුලින්ම කියන්න ඕන මේ චිත්‍රපටිය කලින් නිකුත් වුණු Crawl 2019 තරම් නම් සුපිරියක් නෙවෙයි. මේ චිත්‍රපටියෙ පෝස්ටර් එහෙම නිකුත් වෙනකොටම මමනම් හිතුවෙ මේක Crawl එකටත් වඩා සුපිරියක් වෙයි කියලා. ඒත් ඉතින් ඒකත් එක්ක අරන් බලකොටනම් එච්චර සුපිරියක් නෙවෙයි. මේකත් නරකයි කියලා කියන්නත් බෑ ඉතින්. මේකට මේ වෙනකොට ලැබිලා තියෙන්නෙ IMDb 4.6 ක අගයක් තමයි.

හැබැයි ඉතින් කම්මැලි නැතුව බලන්න පුළුවන් හොඳ චිත්‍රපටියක් තමයි මේකත්. කැමති අය අරගෙන බලන්න. තවත් උපසිරසියකින් හමුවෙමු.

ඔබට ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login