The title of the page
Black Water 2018 Sinhala Sub
Black Water 2018 Sinhala Sub
4.7
80

Black Water (2018) Sinhala Subtitles |ජීවිතය වෙනුවෙන්| සිංහල උපසිරැසි සමඟ

Black Water (2018) Sinhala Sub ආයුබෝවන් යාළුවනේ ඔන්න අද දිනයේදිත් මගේ 5 වෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන අවා අද අරගෙන ආවේ අලුත් ඉංග්‍රීසි චිත්‍රපටියක් චිත්‍රපටියේ නම Black water තිරගත වුණේ 2018 මැයි 25 මේහි අධ්‍යක්ෂණය pasha patriki රංගනයෙන් van damme Dolph Lundgren Jasmine waltz Courtney b Turk Kristopher van varenberg Al sapienza Patrick kilpatrick වැනි සුපිරි නළු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දී ඇත සටන් සහ විර වික්‍රම කතා ගණයට අයත් මෙම චිත්‍රපටිය IMDB වර්ගිකරණයට අනුව 4.7/ 10 ක් අගයක් ලබා ඇත විශේෂයෙන් මතක් කරන්න ඕන සමිත රමෙෂ් සොහොයුරාව 

කතාව පැත්තට හැරෙමු දැන්මේක ඉතාමත් රහසිගත මෙහෙයුමක් ඒ කියන්නෙ ටොප් සික්‍රට් එකක් ඇමරිකානු රහසිගත නියෝජිතයන් ගැන තොරතුරු ඇතුලත් ඩොන්ගලයක් ගැන තමයි , මේ රහසිගත මෙහෙයුම සිදු කෙරෙන්නෙ , මේ ඩොන්ගලය තියෙන්නෙ ඔයාලා කවුරුවත් සුපිරි වැඩකරු Jean-Claude Van Damme ලග ඔහු මෙහි චරිතයට පණ පොවන්නෙ නියෝජිත ස්කොට් විදියට , මේ මෙහෙයුම ඉතාමත් වැදගත් වගේම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඉතාමත් භයානක මෙහෙයුමක් වන නිසාවෙන් , ඔහුට කාව විස්වාශ කරන්නද කියලා හිතා ගන්න බැරිව ඉන්නෙ , මේකේදි ඔහුත් එක්ක නැතිනම් ස්කොට් එක්ක සුපිරි පහරක් ඒ කිව්වෙ ලස්සන කෙල්ලෙක් ඉන්නවා බෑලාඩ් කියලා .. ඇය මේ මෙහෙයුම ගැන දැනගෙන ඉන්නෙ .. මෙම මෙහෙයුමේදි ස්කොට් කවුරුවත් විස්වාශ කෙරුවේ නැති වුනාට බෑලාඩ් ගැන පොඩි විශ්වාශයක් තියනවා .. හදිසියේම ස්කොට් සිටින ස්තානයට ප්‍රහාරයක් එල්ලවෙනවා , එම ප්‍රහාරයෙන් බැලාඩ් මිය යනවා .. ඇය ඇත්තටම මිය ගියාද ?? ඒක රඟපෑමක්ද ඒක ඔයාලට මේ චිත්‍රපටියේ අවසානයේදි දැක බලා ගන්න පුලුවන් වේවි , එම ප්‍රහාරයෙන් ස්කොට් දිවි ගලවා ගත්තත් , ඔහුව යම් රහසිගත කණ්ඩායමක් විසින් අතඩංගුවට ගන්නවා ඊට පස්සෙ ඔහුව රහසිගත ස්ථානයට ගෙනයනවා .. ඒක බැලැක් සයිට් එකක් ඒ කියන්නෙ විශේෂිත පුදගලයින් රහසිගතව රඳවා තබාගෙන ප්‍රශ්න කරන තැනකට .. ඒක සබ්මැරිනයක්.. ස්කොට් රහසිගත සඟවා රඳවා තබා ගෙන ප්‍රශ්න කරන වැඩේ කිංග්ස්ලි කියලා පොරකට ඔහුට තමයි , ඒ සබ්මැරිනය බාරව කටයුතු කරන්නෙ , මේකේදි සි අයි ඒ එකේ ප්‍රධානින් කිහිපදෙනෙකුත් එකතු වෙනවා ෆේරිස් , රෝඩ්ස් කියලා ,

තව සුපිරි පොරකුත් හිරකොරගෙන තියන් ඉන්නවා , ඒ කවුද මොකක් නිසාද , ඔහුව රඳවා තබාගෙන ඉන්නෙ ඒ ගැන කිසිම දෙයක් මම ඔයාලට කියන්න යන්නෙ නැහැ , ඔයාලට මේක බලනකොට ඒ කවුද , ඒකගේ සුපිරි වැඩකිඩ ටිකකුත් ඔයාලට දැකබලා ගන්න පුලුවන් වේවි .. ස්කොට් ගෙන් ඩොන්ගලය කොහේද කියලා ඇහුවත් , ඔහු ඒ ගැන කිසිම දෙයක් කියන්න යන්නෙ නැහැ , ඒක නිසා ෆේරිස් ප්‍රශ්න කරන වැඩේ ස්කොට් ගේ පරණ යාලුවෙක් වගේම , ඔහුගේ ගුරාට රෝඩ්ස්ට බාරදෙනවා , ස්කොට් ඔහුට ඒක තියෙන තැන හරියටම නොකිව්වත් පොඩි ඉගියක් ලබා දෙනවා , ඒ සිද්ධියත් එක්කම කවුරුවත් නොසිතු දෙයක් සිද්ධ වෙනවා , රෝඩ්ස් ෆේරිස් ගේ ඔලුකට්ට කුඩු වෙන්න ගහලා දානවා .. ඒ සිද්ධියත් එක්ක ස්කොට් දැන ගන්නවා , මේ හැමදේකම පිටුපස ඉන්නෙ රෝඩ්ස් කියලා .. මෙතන ඉදලා දිගටම ප්‍රශ්න තමයි , රෝඩ්ස්ට ඒ රහසිගත තොරතුරු ඇතුලත් ඩොන්ගලය සොයා ගන්න පුලුවන් වේවිද ?? මේ ඩොන්ගලය නිසා මිනිස් ජිවිත කොච්චර නැති වේවිද ? ස්කොට්ට ඩොන්ගලය ආරක්ෂා කරගෙන , ජිවිත සබ්මැරිනයෙන් පැනගන්න පුලුවන් වේවිද ? නැවත අලුත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට ජය වේවා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නුවන් අසේල සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නුවන් අසේල

August 29, 2020


8
Total Subtitles

6 comments

  1. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    මේක සුපිරියක්, කට්ටියම අරන් බලන්න.ස්තූතියි නුවන් සහෝ 🌻

  2. video file aekata sub aeka saport karanne…sub aeka webrip..video aeka BR

  3. webrip hinda dila thiyana video aekata sub aeka saport karnne bro..

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. tks brother…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login