The title of the page
Biriyaani Sinhala Subtitle
Biriyaani Sinhala Subtitle
7.4
80

Biriyaani (2019) Sinhala Subtitles | “සුන්වී ගිය ජීවිතයක නොසිතූ පලිගැනීම” | සිංහල උපසිරැසි සමඟ (18+)

(Biriyaani (2019) Sinhala Subtitles) (Biriyani (2019) Sinhala Sub)

සුභ දවසක් හැමෝටම!!

ඔන්න ටික දවසකට පස්සේ මං ආවා කවුරුත් හොයපු බිරියානි (2019) සිනමා සිත්තමට උපසිරසියක් අරන්.

2020 Sep 20 වෙනිදට අවුරුද්දක් පිරුණා..ඒ කියන්නේ විශ්මයම් 2016 ( Vishmayam 2016 ) චිත්‍රපටයට උපසිරසියක් කරලා පටන් ගත්ත උපසිරසි ජීවිතේට අවුරුද්දක්.. මේ උපසිරසි ජීවිතේ පටන් ගන්න මට උදව් කරපු යාළුවෙක් ඉන්නවා ඒ යසිරු මලයා තෑන්ක්ස් බන් උබට. සිනෙරු අකුරු තුන කනට ඇහෙන්න අරන් දැන් සෑහෙන කාලයක් නෙවෙයි කියලා ඔයාලා මම අපි හැමෝම දන්න දෙයක්නේ. ඒ අකුරු තුන හින්දා ලංකාවේ හැම පැත්තෙම හැම තැනකම යාළුවෝ හම්බවෙලා තියෙනවා ඒ හොදටම ඇති, අපේ ලොකු අයියා සමිතේ අයියා, පීටර් අයියා, මදුවා (මදුශාන් ප්‍රියංකර) අංජුල මලයා, ඇටචූටියා ( අශේන් මදුරංග ), මලා ( සංදීප මල්ශාන් ), දර්ශන හෙට්ටිවත්ත අයියා, රුමේස් අයියා, සෝමේ ( ප්‍රියශාන් ජයරත්න) උදය සැමන් ( උදය අයියා ) එකී මෙකී නොකී සිනෙරු පවුලේ හැමෝම මතක් කරනවා, වචනෙකින් හරි උදව් කරපු හැමෝටම 🙏 ස්තුතියි!!

බිරියානි චිත්‍රපටයට උපසිරස කරන්න මට උදව් කරපු තවත් යාළුවෙක් ඉන්නවා, මලයාලම් පිස්සෙක් නිහතමානි ඕන උදව්වක් ඉල්ලුවොත් කරන දනිත අමින්ද අයියා ස්තුතියි අයියේ, අයියේ මං බිරියානි එකට සබ් ගහනවා කියපු වෙලේ නියමයි මල්ලි කරපන් උදව්වක් ඕන උනොත් කියපන් කියලා දන්නේ නැති දේවල් හොයලා දුන්නා, ඒ වගේම චිත්‍රපටය ගැන ලිපියකුත් එයාටම කියලා ඉල්ල ගත්තා, අපි දැන් එයාගේ ලිපිය ගැන බලමු..

බිරියානි කියන්නේ මොනවාද කියා නොදන්න අයෙක් නැති තරම් නේ…ඉතින් අපි දන්න ඒ බිරියානි රසවත් කෑමක්. එතකොට මේ කතාවත් එසේ රසවත් දෙයක් ගැන ද ? පිළිතුර එය එසේම නොවේ.. මේ චිත්‍රපටය අපි සාමන්‍යයෙන් දකින සාම්ප්‍රදායික මලයාලම් චිත්‍රපට වලට වඩා වෙනස්.මෙය සම්මතයෙන් ඔබ්බට ගිහින් කතා කරන චිත්‍රපටයක්. ඒ වගේම මේක ආන්දෝලානාත්මක වැඩක්. කදීජා විවාහක මුස්ලිම් කාන්තාවක්. ආගමික හා සමාජයීය පසුබිම යටතේ එක් එක් සම්මතයන් නිසා ඇගේ ආශාවන් ද ඇයට යටපත් කරගෙන ජීවත් වන්නට සිදුවෙනවා.කතාව දිව යන්නේ ඇය ගැන හා ඇය වටා සිදුවීම් සම්බන්ධවයි. ඒ වගේම යම් යම් සිද්ධි,චාරිත්‍ර, නීතීරීති අමු අමුවේම ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කරන චිත්‍රපටයක්. එසේ ගත් කල මලයාලම් සිනමාවේ නිදහස් ,නිර්භීත චිත්‍රපටයක් කියලා කියන්නත් පුලුවන්. චිත්‍රපටයේ තිර රචනය සහ අධ්‍යක්ෂණය Sajin Baabu ගෙනි. ඒ වගේම ඔහු ඉන්දියානු සිනමාවට ගත් ඒ නවමු අත් හදා බැලීම බොහෝ දුරටම සාර්ථක වූවා. ඒ වගේම ඉතා හොද ප්‍රේක්ෂක ප්‍රතිචාරත් ලැබුනා. විශේෂත්වය වන්නේ මෙහි ප්‍රධාන චරිතය රඟපෑ Kani Kusruti මෙවර කේරළ ප්‍රාන්ත චිත්‍රපට සම්මාන උළෙලේ හොඳම නිළිය ට හිමි සම්මානය ද දිනාගැනීමයි.

ප්‍රධාන චරිතය රඟපෑ Kani Kusruti

එපණක් නොව ඇයට මේ සඳහා ජාත්‍යන්තර සිනමා උළෙලවල් වල සම්මාන රැසක් ද හිමිවූවා. මීට අමතරව මෙහි රඟපෑමෙන් Shailaja Jala , Surjith , Shyam Reji , Thonakkal Jayachandran මෙන්ම මෑතකදී ජීවන ගමනින් සමුගත් Anil Nedumangad ඇතුළු රංගන ශිල්පීන් කීප දෙනෙක්ම දායක වූවා. චිත්‍රපටය වෙනුවෙන් ලැබුණු සම්මාන කිහිපයක්

• Kerala State Award for the Best actress – 2020

• Best actress in the BRICS competition section at the 42nd Moscow Film Festival

• NETPAC Award for the best film in 20th Asiatica Film Festival, Rome

• Jury price for Best Film at Banglore International Film Festival

• Best Film at the Caleidoscope Indian Film festival, Boston

• Best Actress at the Caleidoscope Indian Film festival, Boston

• Second Best Actress for Kani Kusurthi by Imagine Film Festival, in Madrid, Spain

• Padmarajan Award for Best Screenplay

• Kerala Film Critics Award for best screenplay

• People’s Choice award at the Independent Film Festival of Chennai

• Best Actress at the Independent Film Festival of Chennai

• Special jury mention at the Tamil Nadu Independent Film festival

• Special Jury Mention at 67th National Film Awards 2021

අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට.. කදීජා කියන්නේ යම් තාක් දුරට බිත්ති හතරකට කොටු වූ කාන්තාවක්.ඒ වගේම ඇය බිරිඳක් දියණියක් මවක්. ආගමික ,සංස්කෘතීන් නිසාම ගැහැණියකට සීමා පැණවීම් වනවා වුවත් එම ආගමේ එය ප්‍රබල තත්ත්වයක තිබෙන බව ද යම් තාක් දුරට නොරහසක්. හදිසියේම චිත්‍රපටය තුළ ත්‍රස්තවාදය, මිලේඡත්වය හිස ඔසවන්නේ ඇයගේ සහෝදරයා ත්‍රස්තවාදී සිද්ධියකට සම්බන්ධ වී ඇති බව සඳහන් වීමත් සමඟයි. කෙසේ වුවත් දැන හෝ නොදැන තමාගේ පවුලේ සාමාජිකයෙකු ත්‍රස්තවාදියෙකු නම් මුළු පවුලම ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසීම මේ සමාජයේ එක් ක්‍රමයක්. එයට එම පවුල එයට සම්බන්ධ හෝ ඒ ගැන දැන ගෙන සිටි බව හෝ අදාළම නැත.එහි සාධාරණත්වයක් නැතිවාම නොවේ.ඒ වගේම අසාධාරණත්වයක් ද නැතිවාම නොවේ.ඇයගේ මව ද මානසික වශයෙන් ස්ථාවර කාන්තාවක් නොවේ. එවැනි පරිසරයක් තුළ ඇගේ ජීවිතය කෙසේ වී ද ? යමෙකුට මෙය බැලීමට අපහසු වේවි.යම් යම් දර්ශන නිසා මෙය වැඩිහිටියන්ට පමණයි ලේබලය වැදී තිබෙනවා.සමස්තයක් මේවා අප අවට සිදුවන පොදු සිදුවීම් වන අතර ඒ ගැන ස්ත්‍රියකගේ දෘෂ්ටිකෝණයෙන් එය කෙසේ වී දැයි නැරඹීම මෙහි ප්‍රධාන අරමුණක් වන බව පැහැදිලි වනවා.

• Directed by – Sajin Baabu

• Written by – Sajin Baabu

• Music by – Leo Tom

• Cinematography – Karthik Muthukumar

ඇත්ත්ටම බිරියානි කියන්නේ මුස්ලිම් ජනයා අතර ප්‍රචලිත ඔවුන්ගෙන් ආරම්බ වුනු කුළුබඩු, බත් සහ විශේෂයෙන්ම කුකුල් මස්, එළු මස් , බැටළු මස් වැනි විවිධ වූ මස් වර්ග යොදාගත හැකි රසවත් කෑමක්.බිරියානියට දාන විවිධාකාර දේවල් වගේ තමා ජීවිතයේ හමුවන ප්‍රශ්නත් විවිධාකාරයි.ඉතින් එවැනි ප්‍රශ්නවලට මුහුණ දිය හැක්කේ කෙසේද? එවැනි ප්‍රශ්න වලට කදීජා මුහුණ දුන්නේ කොහොමද ? කදීජා ගේ ජීවන ගමන නතර වන්නේ කොතනින්ද? ඉස්ලාමීය ආගම තුළ ඔවුනට කෙතරම් සීමා පනවා ඇතිද? ඇය වැරදිද ? ඇය නිවැරදිද ? එහෙනම් චිත්‍රපටය නරඹලාම තීරණය ගමු.

ബിരിയാണി / FLAVORS OF FLESH

ලිපි සැකසුම :- දනිත අමින්ද

දනිත අයියාගේ සට⁣හනෙන් ඔයාලාට චිත්‍රපටය ගැන කටු සටහනක් හිතේ මැවෙන්න ඇතිනේ, මං වැඩි දුරටත් විස්තර කරන්න යන්නේ නෑ. එහෙනම් හැමෝම චිත්‍රපටය බලලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකකුත් දාලාම යන්න.

ලිපිය ලියලා දුන්න දනිත අයියාට තව පාරක් ස්තුතියි, ඒ වගේම උදව් කරපු හැමෝටම, නොකරපු හැමෝටමත් ස්තුතියි මං මෙතනින් නවතින්නම්, හැමෝටම තෙරුවන් සරණයි..

ඔබට ජය!

(Biriyaani (2020) Sinhala Subtitle) (Biriyaani 2021 Sinhala Subtitle)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HC HDRip /HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

10 comments

  1. Sub ekata thank u❤️
    Film eka download karan..balanna widiyak nathuwa hitiye😊
    Thank u bro!❤️

  2. සුපිරිම මලයා

  3. Nymai..hypu ekak. Anil khmda nti une

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Thanks….jayawewa….!

  7. ඔබට බොහොම ස්තූතියි

  8. Udaya saman
    Cineru Family Member

    නියමයි බං දෙනකන් උන්නෙ

  9. Dhilan Piyumantha
    Cineru_users

    තෑන්ක්ස් සහෝ මාත් මේ ෆිල්ම් එක දාන්න කියල ඉල්ලුව🥰

  10. Thanks Brother

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login