The title of the page
Candyman Sinhala Subtitle
Candyman Sinhala Subtitle
6.2
84
77

Candyman (2021) Sinhala Subtitles | “පුරාවෘත්තයම වෙනත් ස්වරූපයකින්” | සිංහල උපසිරැසි සමඟ

(Candyman (2021) Sinhala Subtitles) (Candyman (2021) Sinhala Sub)
ඔන්න අදත් උණු උණුවෙන්ම සබක් අරගෙන ආවා☕☕, ඒත් පොඩ්ඩක් පරක්කු වුනා,දන්නවා නෙ මේ අධ්‍යාපන වැඩ කටයුතු එක්ක පොඩ්ඩක් එහෙන් මෙහෙන් පරක්කු වෙනවා😇😇
ඔන්න ඉතින් අද ගෙනාවෙ Candyman 2021 හොරර් මූවී එක,නිකං ඒක සිංහලයට පරිවර්තනය කළා ම “සූකිරි මිනිහා” කියලා වචනයක් එනවා,එතකොට මොන හොරර් ද කියලා හිතෙයි,එහෙම හිතුනොත් මේක බලලම ඉන්නකෝ
කතාව ගැන අදහසක් ගන්න ඕන නම් මේකෙ producer තමා jordan peele,ඒත් අදහසක් එන්නෙ නැත්නම්,මම කියන්න ම් ඒ තමා කලින් 2017 get out,මූවි එකත්,2019 us මූවි එකත් produce කළේ.දැන් සමහර විට ඔයාලට අදහසක් ගන්න පුලුවන් වෙයි,හරි එහෙනම් කතාවට යමු.
ඔයාල කවදාහරි මනඃකල්පිතයි කියන අද්භූත චරිතයක් ගැන පිස්සුවෙන් වගේ හොයන්න,ඒ දේ ගැන වටේම ඉන්න අයට කියන්න,විනෝදාංශය ට වගේ මොනවහරි ඒ දේ සම්බන්ධ විස්තර හොයාගන්න පටන් අරන් තියෙනවා ද?
එහෙම අත්දැකීමක් තියෙනවා නම් ඔන්න කොමෙන්ට් බොක්ස් එක තියෙනවා බෙදා ගන්න පුලුවන්😁කැමති නම් විතරක්.
ඉතිං ඇන්තනී මැකෝයි කියන්නේ ඒ වගේ කෙනෙක් එයා කලාකාරයෙක් ,එයාගෙ පෙම්වතිය ගෙ මල්ලි කියන කතාවක් නිසා එයාට මේ කතාව ගැන හොයන්න කුතුහලයක් එනවා,ඒක හොයන අතරතුර මෙයාට මේ Candyman කියන චරිතය ගැන අහන්න හම්බ වෙනවා,ඔන්න දැන් මෙයාගෙ පිස්සුව තද වෙනවා,එයා කැන්ඩිමෑන් ගැන චිත්‍ර ඇද ලා තව ප්‍රදර්ශනය කත් ඌ ගැන විස්තර කියලා අත් පත්‍රිකා ඉදම් බෙදනවා ඉතිං මෙතන ඉදල තමා වටේ ඉන්න අයගෙ ජීවිතය ට මෙයා නිසා බලපෑමක් ඇතිවෙනවා,ෆිල්ම් එක බලද්දී තේරේවී,ඒ කතාවෙ හැටියට කැන්ඩිමෑන් කියන නම කණ්නාඩියක් ඉස්සරහ පස් පාරක් කිව්වා ම කැන්ඩිමෑන් ඇවිල්ලා ඒ කියපු කෙනාව මරනවා,මේක මැකෝයි ත් අත් හදා බලනවා,ඒත් අනික් අයට ඉක්මනින් සිදු වෙන දෙයක් මෙයාට වෙන්නෙ නෑ,ඒ ඇයි කියලා ඔයාට කතාව බලද්දී තේරේවී.මම කතාව ගැන වැඩිය කියන්න යන්නෙ නෑ,මම කැන්ඩිමෑන් කියන්නේ කවුද කියන්නෙ කියලා වෙනම කරුණු හොයාගෙන කියන්න යි හිටියේ,ඒත් කතාවෙ එයා ගැන පැහැදිලි කිරීමක් තියෙනවා,ඒක බලන්න පුලුවන්.
ඉතිං මේ සබ් එකේ පරිවර්තනය කරනවා ට වඩා දෙයක් මට කරන්න වුනා සමහර තැන්වල,මොකද සමහර දේවල් කියන විදිහට අනික් පැත්තට පරිවර්තන ය කලොත් ඒක වෙනම තේරුම් එන තැන් තිබ්බ නිසා,ඒ නිසා පුලුවන් තරම් ඔයාලට තේරෙන විදිහට ඒ තැන් හැදුවා,ඒ නිසා සැක නැතුව බලන්න පුලුවන්
එහෙනම් බලන්න,පුලුවන් නම් වචනෙකින් හරි කොමෙන්ට් එකක් දාන්න,තවත් සබකින් පුලුවන් ඉක්මනින් ම අපි හම්බවෙමු,
ජය වේවා!බුදු සරණයි!! 🙏
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

7 comments

  1. Tnx..meke klin movies tyda

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. කලින් ෆිල්ම් 3 ක් නම් ඇවිත් තියෙනවා

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Thank you for sub

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request:

    The Card Counter (2021)
    The Stronghold (BAC Nord) (2020)

  7. Thanks for sub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login