The title of the page
5.3
89

Bhaskar the Rascal (2015) Sinhala Subtitles | දඟකාර තක්කඩියා | සිංහල උපසිරැසි සමග |

බාස්කර් කියන්නෙ පොඩි දේටත් වලි ඇදගන්න පොරක්. මෙයාට ඉන්නවා ආදි කියලා අහිංසක පුතෙක්. අනිත් පැත්තෙන් හීමා කියලා අහිංසක අම්මා කෙනෙක්. එයාට ඉන්නවා ශිවානි කියලා පොඩ්ඩක් ඇත්නම් තරහ යන දුවෙක්. මේ ළමයි දෙන්නම හොඳ ම යාළුවෝ. කතාවෙ ගලාගෙන යන්නෙ ළමයි දෙන්නා අම්මවයි තාත්තාවයි විවාහ කරලා දෙන්න දරන උත්සහය තුළින්.

පැය දෙකයි විනාඩි 40ක් වැනි කාලයක් ඇතුළත හොඳට හිනාවෙන්න පුළුවන්. අතරින් පතරින් සප්‍රයිස්, ඇහැට කඳුලක් එන අවස්ථාත් නැතුව ම නෙවෙයි.

2015 වසරේ තිරගත වුණු බාස්කර් ද රාස්කල් මලයාලම් චිත්‍රපටය සිද්දිකී මහතා විසින් අධ්‍යක්ෂන කළ Drama/Family/Comedy ගණයට අයත් චිත්‍රපටයක්. ප්‍රධාන චරිත ලෙස රංගනයෙන් දායක වන්නේ, මම්මුති සමග නයන්තාරා. දෙන්නගෙන්ම හොඳ ස්වාභාවික රංගනයක් මේ චිත්‍රපටයෙන් දැකගන්න පුළුවන්. සෙසු චරිත ලෙස J. D. Chakravarthy, Sanoop Santhosh සහ Anikha Surendran රංගනයෙන් දායක වනවා. සංගීතය සපයලා තියෙන්නෙ දීපක් දේව් විසින්. මේ චිත්‍රපටයෙ ලස්සන සිංදු තුනක් ඇතුළත් වෙනව.

සිංදු ඇතුළෙත් පොඩ්ඩක් කතාව ගලාගෙන යන නිසා සිංදුත් රසවිඳින්න අමතක කරන්න එපා. ඒ වගේ ම මේ චිත්‍රපටය තමයි 2018 වසරේ බාස්කර් ඔරු රාස්කල් නමින් දමිළ භාෂාවෙන් රීමේක් වුණෙත්. හැබැයි දමිළ චිත්‍රපටයට වඩා අංගසම්පූර්ණ කතාවක් මලයාලම් චිත්‍රපටයෙන් දැකගන්න පුළුවන්.ඉතිං මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය.

අඩුපාඩු ඇති ඒවට සමාවෙන්න ඕනේ………

උදව් කරපු ගොඩක් අය ඉන්නව. මේ චිත්‍රපටය උපසිරැසි ගන්වන්න යන ගමනෙ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතිං විශේෂ ස්තූතිය පීටර් අයියට මට අවස්ථාවක් ලබා දුන්නට.ඒ වගේම  මගේ ඉන්දීවරි අක්කට.එයා තමයි පීටර් අයියා එක්කත් කතා කරලා මට අවස්ථාව වෙන් කරලා දීලා සිංදු ටිකේ උපසිරැසි ටිකයි චිත්‍රපටයෙ අන්තිම ලයින්ස් ටිකයි කරලා දුන්නෙ. ඒ වගේ අපේ මධුසංක බණ්ඩාර සහෝදරයා.(Bu GGy) එයයි, ඉන්දීවරි අක්කයි තමයි චිත්‍රපටයකට උපසිරැසි කරන විදිය කියලා දුන්නෙ. ඒ වගේ ම පීටර් අයියා ප්‍රමුඛ ටීවී සීරිස් ඇන්ඩ් මූවීස් කණ්ඩායමේ සියලුම සහෝදර සහෝදරියන්ටත් බොහෝම ස්තූතියි.

විශේෂයෙන් මේ චිත්‍රපටයේ උපසිරැසි ලබා දෙන්න හේතුව මේ නොවැම්බර් මාසයේ 18 වන දිනට යෙදිලා තියෙන අපේ Lady Superstar #Nayanthara ගේ උපන්දිනය. උපන්දිනයට කලින් ම නයන්තාරාගෙ රසිකයොන්ට Tvseriesandmoviesub වෙතින් දෙන තෑග්ගක්..!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
DvdRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මි පාරින්ද්‍යා රණතුංග සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මි පාරින්ද්‍යා රණතුංග

November 3, 2019


1
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Thank you nangi

  3. කාලය මහන්සිය ඔක්කොම අපි වෙනුවෙන් කැප කරලා මේ කරන සේවයට හුගාක් ස්තූති!!
    දිගටම සුපිරි මලයාලම් ෆිල්ම් වලට සබ් දෙන්න..
    දිග ගමනකට සුබ පැතුම්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login