The title of the page

Bow Bow (2019) Sinhala Subtitles|බලු පැටියා| සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් යාලුවනේ වෙනද වගේම එහෙනම් අදත් ඔයාලට ලස්සන ටැමිල් ෆිලුමකට උපසිරැසි අරගෙන ආව මම අශේන් මදුරංග (චූටි හිතුවක්කාරයා ) මේ මගේ 7 වෙනි උපසිරැසි ගැන්වීමයි, කලින් ගෙනාපු උපසිරැසි වලින් බාගෙට බාගයක්ම ලව් ස්ටෝර්‍යිනෙ ,ඉතිං මට හිතුන වෙනසක් කරන්න කියල, මේ පාර මම තෝරගත්තෙ මේ අවුරුද්දේ තිරගත් උන ලස්සන චිත්‍රපටයක් උන *Bow Bow දෙමල
චිත්‍රපටයයි ..

ඉතිං කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත්…………………

මේ කතාවෙ කියවෙන්නෙ පුන්චි ලමයෙකුයි එයාගෙ බලු පැටියයි ගැන, මේ පුංචි ලමයගෙ අම්මයි තාත්තයි එයා හම්බවුන දවසෙම මිය යනවා ,,ඉතිං මේ සිද්දිය නිසා එයාට යාලුවො කවුරුත්ම හිටියෙ නෑ,එයාට හිටියෙ එයාගෙ ආච්චී සීයයි,එයාලගෙ ගෙදර ඉස්සරහ ගෙදර මාමයි, නැන්දයි,විතරයි, කොච්චර කලත් මෙයාට යාලුවෙක්නම් හම්බවෙන්නෙ,නෑ හැබැයි මූ හෙනම දගය, මෙයා ඉස්ස්කෝලෙ යන පාරෙ ඉන්නව එක බල්ලෙක් මේ බල්ල හැමදාම මේ කොල්ල පස්සෙන් පන්නනව,පැන්නුවනම් දුවපන්කො, නෑ මේකත් දුරට දුවන් ගිහින් අර බල්ලගෙන් ගේම ඉල්ලනව, ඔන්න ඔය හේතුව නිසා මෙයාටත් බල්ලෙක් ඕන වෙනව, ඉතිං මෙයාට අම්ම තාත්ත වගේ ඉන්නෙ ඉස්සරහ ගෙදර මාමයි නැන්දයිනෙ,එයාලට ගිහිල්ල කියනව “මට බලුපැටියෙක් ඕන කියල” මෙයාල තදින්ම කියනව බලු පැටව් එපා ,එහෙම එපා කියන්න හේතුවක් තියෙනවා ,ඒක ඉතිං මං කියන්න යන්නෙ නෑ, ඒක ඔයාලම බලන්නකෝ, පටං ගත්තු වෙලේ ඉදන්ම ආතල් තියෙන චිත්‍රපටයක් උනත් අවසානෙදි ටිකක හැගීම්බර වෙනවා,

එහෙනං තවත් උපසිරැසියක් එක්ක හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමු ගන්නවා,

[Tvseriesandmoviesub වෙනුවෙන් මම අශේන් මදුරංග චූටි හිතුවක්කාරයා ]

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

4 comments

  1. Thanks Bow Bow thx download site ekata log wennabene ekapobdakbalannko

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. Thank you God bless you

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login