The title of the page
Bhangra Paa Le Sinhala Sub
Bhangra Paa Le Sinhala Sub
6.1
90

Bhangra Paa Le 2020 Sinhala Subtitles |භන්ග්‍රා සටන| සිංහල උපසිරැසි සමග

බලන්න ආසද ලස්සන චිත්‍රපටයක්.මෙන්න එහෙනම්…ඉන්දීය සිනමාව තුල නිර්මාණය වු තවත් නර්තනය සම්බන්ධ බොලිවුඩ් සිත්තමක් තමා BHANGRA PAA LE 2020 කියන්නේ..

මේ චිත්‍රපටය Sneha taurani ගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වැඩ වුනු චිත්‍රපටයක්..
මේකේ ප්‍රධාන චරිත Sunny Kaushal (GOLD ෆිල්ම් එක බැලුවනම් මෙයා මතක ඇති),
සුරූපි නිලි Rukshar Dhillon(ABCD,KRISHNA ARJUNA YUDHAM,AKATHAYI තෙ⁣ලුගු චිත්‍රපට බලලා තියෙනවනම් මෙයාව අමතක වෙන්න බෑ..)
Shriya Pilgaonkar(FAN,HOUSE ARREST බැලුවනම් මෙයාවත් මතකයිනේ)
මේ වගේ සුපිරි තරු යොදාගෙන කරපු ලස්සන නිර්මාණයක් තමා BHANGRA PAA LE කියන්නේ…
මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 6.6/10 අගයක් හිමිකරගත්ත මේ චිත්‍රපටය drama/music/comedy ගණයට වැටිලා තියෙනවා…

Bhangra Paa Le sinhala sub

කතාව චූට්ටක් කියන්නම්…භන්ග්‍රා කියන්නේ ඉන්දියාවේ කුඩා ගම්මාන වලින් ආරම්භ වෙලා නගරය දක්වා ව්‍යාප්ත වුනු නර්තන ශෛලයක්…මේ නර්තනය එයාලගේ ආත්මයෙන්ම සිදුකරන නර්තනයක් වගේම ගොඩක් ජවයක් ශක්තියක් වැය කරන්න ඕනි නර්තනයක්.ජග්ගී සහ සිමී කියන්නේ භන්ග්‍රා නර්තන ශිල්පීන්..මොවුන් දෙදෙනාම එකිනෙකට නොදෙවෙනි නර්තන ශිල්පීන්..අන්තර් විද්‍යාලීය නර්තන තරඟාවලියක් සඳහා මේ සියලු දෙනාම ලෑස්ති වෙනවා.මොකද ඒ තරඟයෙන් දිනන අයට ලන්ඩන් වල පැවැත්වෙන ජාත්‍යන්තර මට්ටමේ භන්ග්‍රා තරඟාවලියකට සහභාගි වෙන්න නොමිලේ අවස්ථාවක් හිමිවෙනවා..ඒ කියන්නේ ඉතින් උණුසුම් තරඟාවලියක් තමා තියෙන්න යන්නේ..මේ චිත්‍රපටය කතා දෙකක් එකට සම්බන්ධ කරමින් තමා දිවයන්නේ…ඒ කියන්නේ සිමී – ජග්ගී සහ කප්තාන් – නිම්මෝ….එක පැත්තකින් යුද්ධයක සිටින භන්ග්‍රා නර්තන ශිල්පියෙක් සහ ⁣ලන්ඩන් තරඟය දිනන්න දඟලන භන්ග්‍රා නර්තන ශිල්පියෙක්ගේ කතාව තමා මේ තියෙන්නේ…

Bhangra Paa Le sinhala sub

ලස්සන ගීත සමූහයක් මේ චිත්‍රපටය තුල අඩංගුයි..ඇත්තටම බලන්න ඕනි ලස්සන film එකක්..ඒ වගේම මේ චිත්‍රපටය නිර්මාණය කිරීමේදි මට සිනෙරු කණ්ඩායමේ උපසිරැසි නිර්මාණය කරන Samitha Ramesh සොහොයුරාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා…ඔහුට ගොඩක් ස්තූති කරනවා..තවත් ලස්සන නිර්මාණයකින් හම්බෙනකන් ගිහින් එන්නම්….

Bhangra Paa Le 2020

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිනේෂ් රුවන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිනේෂ් රුවන්

February 11, 2020


33
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login