The title of the page
Choosi Choodangaane Sinhala sub
7.2
92

Choosi Choodangaane 2020 Sinhala Subtitles | නොදුටු ප්‍රේමය… | සිංහල උපසිරැසි සමග

  සුභ දවසක් වේව හැමෝටම. නැවතත් තෙලිඟු සලරුවකට උපසිරැසි අරගෙන ආව. මේක ඊයෙ ඩිජිටල් රිලීස් උන ෆිල්ම් එකක්. අපේ මේ චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් සහභාගි වෙන්නෙ Varsha Bollamma සහ Shiva Kandukuri කියන දෙන්න. සමහර අය Varsha Bollamma ව නම් දන්නව ඇති. ප්‍රධාන නලුවගෙ නම් පලමු සිනමා නිර්මාණය. ඒ වගේම මේකෙ අධ්‍යක්ෂක Sesha Sondhu Rao ගෙත් පලමු සිනමා නිර්මාණය. ඉතින් මේ චිත්‍රපටය ගොඩක් අයට වැදගත් එකක් මොකද පලමු නිර්මාණය නිසා. මේකට ලැබුන අගයන් ගත්තොත් IMDB අගය 7.2/10 ක් ලැබිල තියෙනව සහ TimeofIndia 2.5/5ක අගයකුත් ලැබිල තියෙනව. මේ සලරුව සංගීතයෙන් අලංකාර කරන්න Gopi Sundar දායක වෙලා තියෙනව. ඒයගෙ මියුසික් මොන වගේද කියල කියන්න ඕන නෑනෙ. මේකෙත් ඒ මැජික් එකම තියෙනව. Sid Srirama ගායන කරන ලස්සන සිංදුවකුත් තියෙනව.(Choosi Choodangaane 2020)

  එහෙනම් බලමු මොකද්ද අපේ කතාව කියල. මේක ලව් ස්ටෝරියක්. තෙලිඟු වල සාම්ප්‍රදායික ලව් ස්ටෝරියක්.
මොකද මේකෙ ලොකුවට දෙයක් බලාපොරොත්තුවෙන් නම් බලන්න එපා.
පැය 1 විනාඩි 45ක් කම්මැලි කමක් නැතුව ගෙවන්න පුලුවන් ලස්සන කතාවක් තියෙනව.
අපි හැමෝටම ඉන්න ඇති අපි දිහා බලන් හිටිය නමුත් අපි ඒ ගැන නොදන්න අය. අපිට ආදරේ කරල හිත රිද්දගත්ත අය.
ඒත් ඉතින් අපි දන්නෙ නෑනෙ ඒක අපේ වැරැද්දක් වෙන්න විදිහක් නෑ.
අපිට පේන්න චාටුවට ආදරේ කරන ගොඩක් අය අපට ඇත්තට ආදරේ කරන්නෙ නෑ.
අපේ දෙමව්පියො අපිට නිතරම බනිනව ඇති. නමුත් ඒ කියන්නෙ අපිට එයාල ආදරේ නෑ කියන එක නෙවෙයි. දුරින් ඉඳන් කරන ආදරෙ තමයි ඇත්තම ආදරේ. නමුත් ආදරේ විඳින්න නම් එකතු වෙන්න ඕන. ආදරෙ කියන්නෙ ලබා ගැනීමම විතරක් නෙවෙයි. අපි ආදරේ කරන කෙනා සතුටින් ඉන්න ඕන හොඳින් ඉන්න ඕන කියන එක. මම කිව්වෙ මේ කතාවෙන් මට දැනුන දේවල්.

Choosi Choodangaane sinhala sub

කතාව මෙහෙමයි…

   සිද්දු කියන්නෙ ඉගෙන ගන්න අකමැති කොල්ලෙක්. නිතරම ගෙදරින් බැනුම් අහන එකමයි කරන්නෙ. හැබැයි නිතරම බනින්නෙ අම්ම. තාත්ත තමයි ශේප් කරන්නෙ. මෙයා ඒහැටි කෙල්ලො ගැන උනදුවකුත් නෑ. අම්ම බලෙන්ම ඉංජිනේරු උපාධිය කරන්න කොලේජ් එකකට දාල පලවෙනි දවසෙම යන්නෙ වැරදි පන්තියකට. ඉතින් මෙයා හරි පන්තියට ගිහාම හම්බෙනව යාලුවෙක්. ඔහොම යද්දි සීනියර්ල කොල්ලට රැග් එකක් දෙනව අර පේන කෙල්ලගෙ විස්තර අහන් එන්න කියල. ඉතින් කොල්ල ගිහින් අහන් එනව. කෙල්ලගෙන් විස්තර ඇහුවම කෙල්ල බලෙන්ම නම්බරේ දෙනව. මෙයත් ඉතින් ඊට පස්සෙ ආදරෙ කරන්න ගන්නව. ඒත් මෙතනදි හැමෝම නොදන්න ආදරයක් තියෙනව. ඒක ඒක පාර්ශවෝය ආදරයක්/ක්‍රශ් එකක්. ඉතින් මෙතනදි කොල්ල වැරදි තීරණයක් ගන්නව සහ වැරදි විදියට දකිනව. මෙයාට ඇත්තටම ආදරෙ කරන කෙල්ලව මග ඇරෙන්න කොහොමද?, බලෙන්ම ඇඟේ එල්ලුන කෙල්ල කවුද?, මෙයාල ආයෙ සෙට් වෙනවද, කොහොමද සෙට් වෙන්නෙ කියල ඔයාලම බලන්න.

Choosi Choodangaane sinhala sub

  නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමු ගන්නව. මේ වන විට පවතින වාතාවරණය වටහාගනිමින් ඊට සුදුසු ලෙස කටයුතු කරන ලෙසත් ඉල්ලමින් සියලු දෙනාටම නීරෝගී සුවය පතනවා !

Stay at Home & Watch Tv Series And Movies

Choosi Choodangaane 2020

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසංක වීරසිංහ

April 19, 2019


78
Total Subtitles

6 comments

  1. තැන්ක්ස් bro සබ් එකට. ෆිල්ම් එක දැම්මා කියලා දැන ගත්ත හැටියේ ආවේ සයිට් එකට. එලම

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. ගොඩක් ස්තුතියි මචන්.

  5. සබ් එකට බොහොම ස්තුතියි❤

  6. Achi
    Top Fan ⭐⭐⭐

    අඩෝ තැන්ක්ස් ආ සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login