The title of the page
Betaal 2020 Sinhala Sub
Betaal 2020 Sinhala Sub
5.3
78

Betaal (2020) Sinhala Subtitles |බිටාල්ගේ ශාපය!| සිංහල උපසිරැසි සමග |

ඔන්න කාලෙකට පස්සෙ කට්ටිය එක්ක එකතුවෙලා හින්දි කතා මාලාවකට උපසිරසි කරන්න හිතුණා. ඉතින් මේ විදිහට උපසිරසිය අරගෙන එන්නෙ ඊයෙ දවසෙදි NETFLIX හරහා නිකුත් උන Betaal කියන කතා මාලාවට. මේ කතා මාලාවෙ දැනට කොටස් හතරයි නිකුත් කරලා තියෙන්නෙ. එතනින් කතාව ඉවර කරනවද කියලා හිතාගන්න නම් බෑ. ගොඩක් දුරට මම හිතන්නෙ නම් තවත් කොටසක් එයි කියලා. හැබැයි ඉතින් හරියටම ඒක කියන්න බෑ. ඊයෙ දවසෙදිම උපසිරසිය දෙන්න ඕන කියලා හිතාගෙන හිටියත් ඒක කරන්න බැරිවුණා. මේ විදිහට අද මේ කොටස් හතරටම උපසිරසි අරගෙන එන්නෙ සිතුම් සංජන, නදුන් මදුරංග, අංජන ඉමේෂ් එක්ක එකතුවෙලා. මේ වගේ කතාවක් එක දිගට බැලුවම තමයි ඒකෙ රසේ තවත් වැඩි වෙන්නෙ. ඒක හින්දයි මේ කොටස් හතරම එකවැරම දෙන්න හිතුණෙ. මීට කලින් උපසිරසිය දෙන්න හිටියත් මගේ පරක්කුව හින්දා තමා දෙන්න බැරිවුණේ 😅.

එහෙනම් අපි බලමු මේ කතා මාලාවෙ මොනවගේ සිද්ධික්ද වෙන්නෙ කියලා. මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි.  මේකෙ ඉන්නවා එක මිත්‍යා මතයක් විශ්වාස කරන ගෝත්‍රිකයො ටිකක්. හැබැයි ඉතින් ඒක මිත්‍යා මතයක් කියලම කියන්නත් බෑ. මොකද එයාලා විශ්වාස කරන දේ ඇත්තම එකක්. හැබැයි ඉතින් රජයෙන් ඒ ගැන මොකුත්ම දන්නෙ නෑ. මේ ගෝත්‍රිකයො එහෙමත් නැත්තන් මේ මිනිස්සු එක උමගක් ආරක්ෂා කරනවා. මෙන්න මේ උමග තියෙන්නෙ හරියටම මස් පාරක් මැද. මේ උමග අවුරුදු ගානක් තිස්සෙ වහල දාලා තියෙන්නෙ.

මේ වහලා දාලා තියෙන උමග තමයි රජයෙන් අධිවේගී මාර්ගයක් හදන්න කියලා විවෘත කරන්න හදන්නෙ. ඉතින් කොහොමෙන් කොහෙම හරි රජයෙ අය මේ උමග විවෘත කරගන්නවා. ඒක විවෘත කරන්න එයාලා එක කණ්ඩායමක සහයක් ලබාගන්නවා. ඒ කණ්ඩායම තමයි CIPD කියන සංවිධානෙ බාස් කියන භට කණ්ඩායම. CIPD කියලා කියන්නෙ “මානව සම්පත් සහ මිනිසුන්ගේ සංවර්ධනය සඳහා වූ වෘත්තීය ආයතනය” කියන සංවිධානය. මෙන්න මෙයාලගෙ සහයත් එක්ක තමයි මේ වැඩේ කරගන්නෙ.

මෙන්න මේ උමග විවෘත කරාට පස්සෙ තමයි හැමදෙයක්ම වෙන්න පටන් ගත්තෙ. එහෙනම් ඉතින් ඉස්සරහට මොකද වෙන්නෙ කියලා බලන්න. පට්ටම ස්ටෝරි එකක් යන්නෙ.

මේ කතා මාලාව IMDb 6.3 අගයකුත් හිමිකරගන්න සමත් වෙනව. ඒවගේම තමයි 83% ක ගූගල් පරිශීලකයන්ගෙ කැමැත්තත් මේ කතා මාලාව හිමිකරගෙන තියෙනවා. තවත් දේවල් කියන්න යන්නෙ නෑ. කතාව බලලම අඩුපාඩු කියන්න. අපි මෙතනින් නවතිනවා.

ඔබට ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

2 comments

  1. Thanks jayawewa…..!

  2. Thanks 🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login