The title of the page
Ben 10 Versus the Universe: The Movie (2020) Sinhala Subtitles
Ben 10 Versus the Universe: The Movie (2020) Sinhala Subtitles
5.3
89

Ben 10 Versus the Universe: The Movie (2020) Sinhala Subtitles | බෙන් 10 වීරයෙක් වූ හැටි | සිංහල උපසිරැසි සමඟ

(Ben 10 Versus the Universe: The Movie (2020) Sinhala Subtitles) හරි එහෙනම් ඔන්න 2020 ඔක්තෝබර් 15 උණු උණුවෙම නිකුත් වෙච්ච ගොඩක් අය ආස කරන ලස්සන කාටුන් එකක් අරන් ආවා ඔන්න මගේ තවත් විශේෂ කඩයිමක් වෙනුවෙන්. මගේ උපසිරැසි 150 වෙනි නිර්මානය තමයි මේ. කොහොම හිතන්නද මෙච්චර දුරක් ආවා කියලා. කොහොමහරි ආවා ඔන්න. මේ තමයි බෙන් 10 චිත්‍රපට අතර මුල්ම කතාව. මේක 2020 රිලීස් උනාට හරි නම් මේක මුලින්ම එන්න තිබ්බේ. ඒ කියන්නෙ පිලීවෙලට ආවා නම් එහෙමයි. හැබැයි මරු. මරු කියන්නේ ලයින්ම එක්දාස් ගානක්! හම්මෝ අමාරුම වචන තිබ්බේ. අමාරුවෙන් ඉවර කරා. ඔන්න ඒකත් ලස්තියි දැන්. අද නම් දිග ලිපි බෑ. මොකද වැඩ ගොඩයි දැන්. මේ තමයි බෙන්ජියට එයාගේ ඔරලෝසුව හදපු කෙනා මුලින්ම හමුවෙන කතාව. හරි ලස්ස්න කතාවක්. අරන්ම බලන්න.

ඒ වගේමයි මේ සබ් කරන්න හැමදාම වගෙ මට හයිය උනේ මගේ චූටි, ඒ කියන්නේ මගේ ආදරනීය බිරිඳ ලක්ෂ්මී සහ මගේ අවුරුද්දයි මාස හතරේ සදහම් පුතා තමයි. එයාලා නොවෙන්න මම සබ් ගහන්න හිතලාවත් නෑ. ඒ වගේම සමිත රමේෂ් මල්ලි, අංජුල උමේශ් මල්ලි, අශේන් මල්ලි, මධුවා මල්ලි, පීටර් අයියා වගේම සිනේරූ පවුලේ හැමෝවම ආදරෙන් මතක් කරනවා. මොකද එයාලගේ ගුරුහරුකම් නැත්නම්, තල්ලුව නැත්නම් මම කොහොම සබ් 150ක් දෙන්නද මාස නවයක් ඇතුලත? ඒ නිසා ස්තූතියි ඔයාලට. ඒ වගේම කමෙන්ට් තීරුවේ මොකක් හෝ වචනයක් හෝ ලියම ඔයාලා හැමෝටම මාරම ස්තූතියි ඈ. මොකද ඔයාලා ගහන පෙට්‍රල්වලින් තමයි අනිත් අයත් දුවන්නෙ. කමෙන්ට් අඩු උනාම සබ් ගහන්න හිතෙන්නෙත් නෑ. ඉතින් කමෙන්ට් ලියන හැමෝම විශේශයෙන් ටොප් ෆෑන්ලට ස්තූතියි. මේ බෙන් 10 විෂේශයෙන්ම හශාන් මල්ලි ඔයටමයි ඈ. මට තේරුනා ඔයා බෙන් 10 පිස්සෙක් කියලා. අපේ ඉසිර ජනිත්, සස්සා, වේනොම්, අරවින්ද, කාන්ත ඩී එල් ඒ වගේ එක අකුරක් හෝ ලිව්ව හැමෝම මගේ ස්තූතිය පිලිගන්න ඉතින්. ඒ වගේම මගේ හැමදේකටම උදව් කරන තමන්ගේ 50 කඩයිම ඔන්න මෙන්න කියලා බලන් ඉන්න චානක තිලංක සහෝදරයා, ඔයාටත් ස්තූතියේ ලොකුම කොටසක් අයිතියි ඈ.

හරි එහෙමනම් කට්ටිය අරන් බලන්න මේක. ඔන්න අලුත් ඩොකියුමන්ට්‍රියකට අත ගැහුවා. මිනි සීරීස් එකක්. හැබැයි ඉතින් හම්මො පට්ට. අපේ ලෝකේ ගැන නම්නෙවෙයි. එහෙනම් ආදරෙන් ආරාදනා කරනවා ඇවිත් සිනෙරූ එකට ගොඩවෙලා, කමෙන්ටුවක් ලියලා, සබ බාගෙන යන්න කියලා. 200 වෙනකන් අලුත් සීරීස් එන්නේ නෑ. ස්නයිඩර් කට් ආවොත් දෙන්නම්. නැත්නම් මගේ පරන සීරීස් ටික ඉවර කරනවා. මං 100ත් කිව්වනේ මේක. එහෙනම් හැමෝටම බුදු සරණ වේවා! සදහම් සරණ වේවා! සඟ සරන වේවා! මෙතුන් සරණින් ජයම වේවා! කියලා ප්‍රාර්තනා කරනවා. ආ ඒ වගේම මගේ කාලයේ මං දැකපු එකම සිංහල බෞද්ධ නායකයා “අති පූජ්‍ය ගංගොඩවිල සෝම හාමුදුරුවෝ” අපවත් වෙලා හෝ අපවත් කරලා දැනට අවුරුදු 17ක් වෙනවා. ඉතින් උන්වහන්සේ ආයෙමත් අපි අතරේ ඉපදිලා රට, ජාතිය, ආගම රැකගන්න නායකත්වය ගෙනේවා! කියලා ප්‍රාර්තනා කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

24 comments

  1. උපසිරැසියට ස්තූතියි වගේම 150 වන කඩයිමට සුභ පැතුම් අයියේ..❤ දිගටම තවත් උපසිරැසි ගේන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ. මම වැඩ කරපු හොඳම සෙට් එක තමයි මේ. මරුම ඈ. තව සබ් ටිකක් කෙරීගෙන යනවා. ඔයත් එක්ක එකතුවෙලා සීරීස් එකක් කම්ප්ලීට් දෙන්න ආසයි වෙලාවක

  2. Aruna Darshana
    Cineru Family Member

    එලම දර්ශන අයියේ…150 වෙනි සබ් එකටත් සුබ පැතුම්!!❤✨✔

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි අරුණයෝ 🚬

  3. Udaya saman
    Cineru Family Member

    කඩඉමට සුබ පතනවා එක සිතින්ම අයියා..ඉස්සරහයින්ම ඉන්න කෙනා සයිට් එකේ උපසිරසි වලින් ඔයාතමයි.දිගටම කරගෙන යමු අයියා.ජය වේවා

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      උදය ලොක්කෝ, ස්තූතියි මචං සුභපැතුවට 🚬

  4. Hashan
    Top Fan ⭐⭐⭐

    අඩේ ඒකට සබ් දුන්න එහෙනම් ඈ thank you දර්ශන අයියෙ ❤😊.. 150වෙනි සබ් එකටත් සුබ පැතුම් 😍🎉🎊..
    තෙරුවන් සරණයි..!!!
    ජය වේවා.!

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      හම්මෝ කාලෙකින්, ස්තූතියි හශාන් මල්ලී 🚬

  5. චානක තිලංක

    නියමයි ආ පට්ට සුභ පැතුම් 150 වෙනි සබ් එකට සබ නම් මරු.👏👏👏👏👍👍👍👊👊👊🙌🙌🙌🙌❤️❤️❤️❤️

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      අන්න සහෝදර කමෙන්ටුව ආවා. කෝ 50??? 🚬

  6. 150ට හදවතින්ම සුබපැතුම් අයියේ..ජයම වේවා..!
    150ක් වගේ කඩයිමක මීඑඅ වඩ ටිකක් ස්පෙශල් කරල පෙන්න්වන්න පුලුව්න්නම් ඒක මීට වදා හොදයි කියල හිතෙනවා..(For Admin)
    එහෙන්ම් අයියේ..200න් හමුවෙමූ….

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි බං, මේ දවස්වල ෆිල්ම් හිඟයක් තියෙයිනේ. ඒ නිසයි බං. 200 බොහෝවිට ස්නයිඩර් කට් එක දෙන්නම්

  7. බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ඔන්න දැන් ඉතින් මුලින්ම සබ් නම් සිනෙරූ තමයි සහෝ 🚬

  8. adooooooooo ben 10 xD

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ඔව් ඔව් ඔන්න බෙන් 10 තමයි. 🚬

  9. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri Ela patta😍

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      මොකෝ ඉසිර පරක්කු??? ස්තූතියි කොමෙන්ටුවට 🚬

  10. Thank you for sub. Good luck

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ 🚬

  11. බොහොම ස්තූතියි සහෝ

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි කොමෙන්ටුවට සහෝ 🚬

  12. Thanusha Nadeeshan

    thanks aaa

  13. Sub ekata thanx

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login