1 නඩුවයි.
සාක්ෂි 0 යි
සැකකාරයෝ ගොඩයි..
( Bell Bottom (2019) Sinhala Sub )සුබ දවසක් හැමෝටම..ඔන්න කාලෙකට පස්සේ පුරුදු විදියටම කන්නඩ සිනමාපටයකට සිංහල උපසිරැසි අරන් එන්න හිතුවා..මොකද්ද ෆිල්ම් එක කියලා කියලම පටන් ගන්නම්කෝ..අද අරගෙන එන ෆිල්ම් එක තමයි “Bell Bottom” හින්දි ෆිල්ම් රසිකයන්ටනම් ළඟකදි මේ වචනේ ඇහුණා වගේ පුරුද්දකුත් ඇති…ඒකට හේතුව පස්සේ කියන්නම්කෝ..Bell Bottom කියන්නේ 2019 වර්ෂයේදී කන්නඩ භාෂාවෙන් නිෂ්පාදනය වුණු Thriller/Crime/Comedy කියන කාණ්ඩ වලට අයිති වන සුපිරි ෆිල්ම් එකක්..සුපරි කියන වචනේ පාවිච්චි කරනේ එකේ කිසිම වැරැද්දක් නෑ..මොකද ෆිල්ම් එක වගේම මේකට ලැබිලා තියන රේටින්ග් අගයනුත් සුපිරි තමයි..IMDb මීටරේ 8.4/10 ක් වගේම Facebook පරිශීලකයන්ගේ ලැබුණු රේටින් ප්‍රමාණය 4.9/5 ක් වගේ විශාලා අගයකට හිමිකම් කියන්න මේ ෆිල්ම් එකට හැකියාව ලැබිලා තියනවා..ඒ වගේම ගූගල් පරිශීලකයන්ගෙන් මනාප 93% ක ප්‍රතිශතයක් හිමිකරගන්නත් මේ ෆිල්ම් එකට හැකියාව ලැබිලා තියනවා…
Bell Bottom සිනමාපටය Jayatheertha මහතාගේ අධ්‍යක්ෂණයක්..ඒ වගේම මේ කතාව ලියවිලා තියෙන්නේ Dayanand T. K මහතාගේ අතින්..Santhosh Kumar K.C. මහතා විසින් නිෂ්පාදනය කල Bell bottom සලරුවේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ Rishab Shetty (දිවාකර්) සමඟින් Hariprriya (කුසුමා)..ඊට අමතරව සෙසු චරිත සඳහා Suraj Shastry,Pramod Shetty,Achyuth Kumar,Shivamani,Prakash Thuminad වගේ විශිෂ්ට කන්නඩ නලු නිලි පිරිසක් රංඟනයෙන් දායක වෙනවා..
මේ ෆිල්ම් එකේ පෝස්ටර්ස්,ට්‍රේලර්ස් වගේ බලපු කෙනෙක්ටනම් මේක ටිකක් 80 දශකය වගේ කාලයක කතාවක් කියලා අදහසක් අරගන්න පුලුවන්..ඇත්තටම මේ ෆිල්ම් එක 1980 වගේ කාලයක සිදු වුණු සිද්ධි දාමයකින් තමයි සමන්විත වෙන්නේ..ඒ කාලයේ මිනිස්සු අතර ප්‍රසිද්ධ ඇඳුම් ආයිත්තම්..යාන වාහන වගේ දේවල් ෆිල්ම් එක බලන පුද්ගලයට හොඳින් සමීප කරන්න ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා කටයුතු කරලා තියනවා..Bell Bottom කියන්නෙත් 80 දශකයේ තිබ්බ ප්‍රසිද්ධ කලිසම් විලාසිතාවක් කියලා ගොඩ දෙනෙක් දන්නවා ඇතිනේ…ඉතින් හැමදාම සමකාලීන කාලයේ සිදුවීම් සමඟ දිවෙන ඉන්දීය සිනමාව මදකට අතීතයට අරන් යන්න මෙම කන්නඩ සිනමාපටය සමත් වෙලා තියනවා..ඒ වගේම බලන කෙනාටත් 80 දශකය ගැන හොඳ අත්දැකීමක් ලබාගන්න පුලුවන්..
මම මුලින්ම කිව්වනේ හින්දි චිත්‍රපට රසිකයන්ට මේ Bell Bottom කියන වචනේ ඇහිලා පුරුදු ඇති කියලා..දැන් මම කියන්නම් මම ඇයි එහෙම දෙයක් සඳහන් කරේ කියලා..එහෙම කියන්න හේතුව තමයි අපි කවුරුත් දන්න ජනප්‍රිය හින්දි නලු ආක්ෂේ කුමාර්ගේ 2021 දී නිකුත් වීමට නියමිත චිත්‍රපටියක් ගැන මීට දින කිහිපයකට කලින් නිවේදනයක් නිකුත් වුණා..ඒ ෆිල්ම් එකත් Bell Bottom තමයි..
නම විතරක් නෙවෙයි කතාවක් එකම වෙන ලයින් එකක් තමයි තියෙන්නේ..මොකද 2021 වර්ෂයේදි නිකුත් වීමට නියමිත අාක්ෂේ කුමාර් ප්‍රධාන චරිතය රඟදක්වන Bell Bottom චිත්‍රපටිය Rishab Shetty ප්‍රධාන චරිතය නිරූපනය කරන මේ කන්නඩ සිනමාපටයේම හින්දී ප්‍රතිනිර්මාණයක් කියලා තමයි අන්තර්ජාලයෙන්නම් වාර්ථා වෙන්නේ..ඒත් ආක්ෂේ කුමාර්නම් කියන්නේ 2021 නිකුත් වන Bell Bottom සිනාමාපටය කිසිඳු චිත්‍රපටියක රීමේක් එකක් නෙවෙයි කියලා…ඉතින් 2021 දී තමයි අපිට හරියටම බලන්න වෙන්නේ අාක්ෂේ කුමාර්ගේ Bell Bottom ෆිල්ම් එකයි මේකයි එකමද නැත්තන් ෆිල්ම් දෙකක්ද කියලා..මේ පහළින් දක්වලා තියෙන්නේ 2021 නිකුත් වෙන්න නියමිත Bell Bottom හින්දි ප්‍රතිනිර්මාණයේ පෝස්ටර් කිහිපයක්..
දැන් ඉතින් අනං මනං විස්තර කියෙව්වා අැති වගේ..අපි කතාව පැත්තට ටිකක් හැරිලා බලමු..මේ Bell Bottom ෆිල්ම් එකේ ප්‍රධාන කතා නායකයා තමයි දිවාකර් කියන්නේ…දිවාකර් කවුද කියලා දිවාකර්ගෙන් කවුරු හරි ඇහුවොත් උත්තරේ තමයි Detective Divakar එහෙමත් නැත්තන් සුද්ද සිංහලෙන් කිව්වොත් රහස් පරීක්ෂක දිවාකර්..දිවාකර්ට එයා Detective වුණාට ගමේ අයටනම් එයා Defective ( දෝෂ සහිත ) දිවාකර්ගේ තාත්තා තමයි අන්නප්පා..අන්නප්පා කියන්නේ මුඩ්ඩිනගෝපා පොලිස් ස්ටේෂන් එකේ ලේඛකයා..ඉතින් අන්නප්පට ඕන කරන්නේ දිවාකර්වත් පොලිස් නිළධාරියෙක් කරන්න..ඒත් දිවාකර්ට ඕන රහස් පරීක්ෂකයෙක් වෙන්න..ඉතින් කොහොමෙන් කොහොම හරි තාත්තා මුහුදේ පීනන්න හිතන් හිටිය දිවාකර්ව වතුර නැති ලිඳකට තල්ලුකරා වගේ මනුස්සයව පොලීසියේ ගුර්කා කෙනෙක් ( සාමාන්‍ය නිළධාරියා) කරවනවා..
ඉතින් දිවාකර්ට තියෙන්නේ පොලීසියේ අයට තේ ගේන්න වගේ සුලු සුලු රාජකාරී..මේ අතරේ අහම්බෙන් දිවාකර්ට අතුරුදහන් නඩුවක් විසඳන්න ලැබෙනවා..ඉතින් දිවාකර් තමන්ගේ රහස් පරීක්ෂක දැනුමත් පාවිච්චි කරලා මේ නඩුව සට ගාලා විසඳන්නේ ස්ටේෂන් එකේ ඉන්ස්පෙක්ටර්වත් කොර කරලා..ඉතින් මේ අතරේ හේමගිරි පොලිස් ස්ටේෂන් එකේ වගේම තවත් පොලිස් ස්ටේෂන් එකක නඩු භාණ්ඩ වගයක් අතුරුදහන් වෙනවා..කොහොමෙන් කොහොම හරි මේ නඩුව හසුරවන්න අපේ දිවාකර්ට අවස්ථාවක් ලැබෙනවා..ඔන්න ඔතනින් තමයි දිවාකර්ගේ චරිතය උඩු යටිකුරු වෙන්නේ…මුලදි විහිලුකාරයෙක් වගේ නරඹන්නා ඉදිරියට එන දිවාකර් මෙතනින් පස්සේ නියම රහස් පරීක්ෂකයකයෙක් වෙනවා..හැබැයි දිවාකර්ට වෙන අකර තැබ්බ වලනම් අඩුවක් වෙන්නෑ…මේ අතරේ දිවාකර් අපේ කතාවේ කතා නායිකාව වෙන කුසුමා එක්ක පලහිලව්වකුත් පටන් ගන්නවා…
ඉතින් මීට වඩා කතාව ගැන කිව්වොත් කිසි ගතියක් නෑ..ඔයාලම බලන්න රහස් පරීක්ෂක දිවාකර්ගේ ඉරණම කොහොම ලියවෙයිද කියලා… ෆිල්ම් එක ගැන තවත් දෙයක් කිව්වොත් මේක පටන් ගත්ත වෙලාවේ ඉදන් ඉවර වෙනකන්ම කම්මැලිකමක් නැතුව නරඹන්න පුලුවන්..මොකද මුලු ෆිල්ම් එකම විහිලුවෙන් තහලුවෙන් ගලාගෙන ගියාට ඇතුලෙන් සුපිරිම කුතුහලයකින් පිරුණු නියම ත්‍රිලර් ෆිලුමක්…කිසිම වෙලාවක විහිලුවලින් ත්‍රිලර් ටේස්ට් එක යටපත් වෙන්න ඉඩක් තියලා නෑ…ඉතින් හැමෝටම ආරාධනා කරනවා ෆිල්ම් එක රසවිඳලම බලන්න කියලා…
අවසාන වශයෙන් ෆිල්ම් එක වගේම උපසිරැසිය ගැනත් පොඩි සඳහනක් කරන්නම්..මේ ෆිල්ම් එකට නිකුත් වෙලා තිබ්බ ඉංග්‍රීසි උපසිරැසිය නිකුත් වෙලා තියෙන්නේ HDTV පිටපත් වලට..ඒකත් කවුරු හරි කෙනෙක් අසා ලියපු උපසිරැසියක්..මොකද මේ ෆිල්ම් එකටම නිකුත් වුණු ඉංග්‍රීසි උපසිරැසියක් අන්තර්ජාලයේ කොහෙන්වත් හොයාගන්න ලැබුණේ නෑ…අපි වගේම උපසිරැසිකරණයේ යෙදෙන කෙනෙක් අසා ලියපු E Sub එකක් නිසා ගොඩක් තැන් වල වැරදි තිබුණා..ඒත් කොහොම හරි ඒ වැරදි නිවැරදි කරලා පුලුවන් උපරිමෙන්ම නිවැරදි උපසිරැසියක් ඔයාලට ලබා දෙන්න උත්සාහ කරා..ඒ වගේම ෆිල්ම් එකේ ගීත වලට උපසිරැසි E sub එකේ නෑ..ඒත් ෆිලුමේ ප්‍රධාන ගීතයට මම මට හැකි විදියට අසා ලිවීමකින් ඒ ගීතයත් උපසිරැසි ගන්වලා තියනවා..ඉතින් මට පුලුවන් උපරිමෙන්ම ඔයාලට ගුණාත්මක සිංහල උපසිරැසියක් අරන් එන්න ලොකු උත්සාහයක් දැරුවා..සිංහල උපසිරැසියේ අඩුපාඩු තියනවනම් ඒවට ඔයාලගෙන් සමාව ඉල්ලනවා.. එහෙනම් ෆිල්ම් එක සිංහල උපසිරැසියත් එක්කම රසවිඳින්න ආරාධනා කරමින් අදට සමුගන්නවා..තවත් උපසිරැසියකින් හමුවෙමු…ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා…
හැමෝටම ජය වේවා..!! බුදු සරණයි..!!
සටහන :- අංජුල උමේෂ්
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
August 23, 2019
Thank bro
❤️ ස්තූතියි මචං..
එල මල්ලි , පට්ට ගේමක් දීල නේද ?
කන්නඩ වලට ඉතින් අනිවා ගේමක් දෙනවා මමයි දිනේෂ් අයියයි…❤️
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ස්තූතියි සහෝ..❤️
Request :
Over the Moon (2020)
Save Yourselves! (2020)
Kajillionaire (2020)
Ela supiri thanks 💞💞 2021 ekata kalin sooryavanshi enna epai bro release date kawadda
2020 මාර්තු රිලීස් වෙනවා කියලා තිබ්බේ..කොවිඩ් නිසා දිනයක් නෑ දැන්..
අම්මෝ හොය හොයා හිටියේ. HDTV නේ? මං ෆිලුම බාගෙන හිටියේ. ඔයා සබ ගැහුවා කියන්නේ ඉතින් අඩුපාඩු කොහෙන් හොයන්නෙයි? සුපිරියටම ඇති.🌻🌻🌻
ස්තූතියි අයියා.❤️ ඔව් අයියා HDTV…ඒත් මැද කමර්ෂල් එහෙම මුකුත් නෑ…HDRip කොලිටියම තමයි..උඩ කෙලවරේ පොඩි ලෝගෝ දෙකක් තියනවා..එච්චරයි..
Popcorn monkey tiger ekt sub denn aiye
Popcorn monkey tiger kannada movie ekt sub denn puluwn d aiye