පසුගිය කොටසින්,
ඔයාලා දකින්න ඇති ඉන්දියාවට ඔත්තු සපයමින් ඉඳපු රහස් ඔත්තු නියෝජිතයින් හතර දෙනෙක් තලේබාන් කැරලිකරුවන්ගේ ග්‍රහනයට නතු වෙනවා. ඒ වගේම එයාලා අහුවෙන්න පොඩි වෙලාවකට කලින් ලොකු ඉන්පුට් එකක් ඉන්දියාවට යවන ගමන් ඉන්නේ. එයාලට ඒ වැඩේ සම්පූර්ණ කර ගන්නත් බැරි වෙනවා. ඉතින් මේ ඔත්තු නිළධාරීන්ව පාවිච්චි කරලා කැරලිකරුවන් ඉන්දියාවේ සිරගත කරගෙන ඉන්න තමන්ගේ කණ්ඩායමේ සඟයෝ හතර දෙනාව නිදහස් කරන්න කියලා ඉල්ලලා වීඩියෝ පටයකුත් ඉන්දියාවට යවනවා. ඉතින් මේ ප්‍රශ්නෙන් තමන්ගේ රටේ නිළධාරීන්ව බේරගන්න ඕන නිසා ඒ මෙහෙයුමට ප්‍රාණ ඇප කරුවන් මුදවා ගැනීමේ විශේෂඥයෙක් වෙලා ඉඳපු කබීර්ව පාවිච්චි කරන්න ඕනා කියලා සාදික් සර් තීරණය කරනවා. කබීර්ගෙන් දිගින් දිගටම ඉල්ලා හිටියත් කබීර් මෙහෙයුමට සම්භන්ධ වෙන්න නම් කැමති වෙන්නෙ නෑ. කබීර් ආයෙ පිටත් වෙන්න ගුවන් තොටුපලටත් ඇවිල්ලා ආපහු සැරයක් හිතේ ලොකු දෙගිඩියාවකින් සාදික් සර්ව හම්බවෙන්න යනවා. ඒත් ඒ යනකොට කවුදෝ කෙනෙක් සාදික් සර්ව මරලා දාලා..
අද කොටසින්,
කබීර් දිගින් දිගටම සාදික් සර්ගේ ගේ ඇතුලේ ඉඳන් වට පිටාවේ තිබුණ දේවල් පරික්ෂා කරන්න ගන්නවා. ඒ අතරෙ පොලිස් අත්අඩංගුවට පත් වෙනවා.. කොහොමහරි ප්‍රශ්න කිරීම් කරත් කබීර් මෙහෙයුමට අත්‍යවශ්‍ය නිසා මුදා හරිනවා. සාදික් සර්ගේ අවමංගල්‍යය කටයුතු වලට පස්සෙ සාදික් සර් ගාව ඉඳපු හොඳම විශ්ලේෂකවරිය වුන ඉෂා එක්ක මෙහෙයුම පටන් ගන්නත් පොටක් පාදගෙන යනවා. දෙන්නත් එක්ක බලුකිස්තානයට යන්න පිටත් වුනත් අතරමගදි නොසිතූ විරූ අකරතැබ්බයකට මූණ දෙන්නත් වෙනවා.. රඳවාගෙන ඉන්න ප්‍රාණ ඇපකාරයෙකුටත් බොහොම අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දෙන්න වෙනවා… ඔය ඔක්කොම අද කොටසින් ඔයාලට බලාගන්න පුලුවන් වේවි…
ඔන්න දැන් තමයි සුපිරිම ටික පටන් ගත්තේ ඊලඟ කොටස් ටිකත් පුලුවන් තරම් ඉක්මනින් ඔයාලට අරගෙන එන්නම්….
ජය වේවා හැමෝටම…..
ලබා දී ඇති උපසිරැසිය WEBRip පිටපත් සඳහා ගැලපේ

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් අසංක වීරසිංහ සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
Thanks
අප වෙනුවෙන් වෙන මහන්සියට බොහොම ස්තූතියි.
Godak stuthi sahooo sub ekata …
thanks
Thank you <3
Thanx saho
Thank you so much . next episode ekath ikmanin denna. Good luck