The title of the page
7
50
85

Bard Of Blood (2019) S01E01 Sinhala Subtitles | ත්‍රස්ත ග්‍රහනයට නතු වූ ප්‍රාණ ඇපකරුවෝ |සිංහල උපසිරැසි සමග|

යාළුවනේ අද මම ආවේ Netflix එකෙන් නිකුත් කරපු සුපිරිම හින්දි කතාමාලවකට සිංහල උපසිරැසි අරගෙන…

Bard of Blood 2019 කතා මාලාව නිර්මාණය වෙන්නේ දී යොවුන් නවකතා රචකයෙක් වුණ Bilal Siddiqi විසින් 2015 රචනා කරපු The Bard of Blood නවකතාව ඇසුරෙන්. වයස අවුරුදු 20 දී Siddiqi රචනා කරපු ඔහුගේ කුළුඳුල් නවකතාව තමයි මේ කතා මාලාවක් විදියට එලියට එන්නේ. පිටු 300 කින් සමන්විත මේ නවකතාවෙන් කියවෙන්නේ ඉන්දියානු දේශසීමාවේ පිහිටලා තියෙන පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය  සහ බලුකිස්තානය වගේ රටවල් අතර මුල් බැස ගත්ත ඉස්ලාමීය ත්‍රස්තවාදීන් විසින් රඳවා තබාගෙන ඉන්න ඉන්දියානු රහස් ඔත්තු ඒජන්තවරු හතර දෙනෙක් ගැන සහ ඔවුන්ව මුදවා ගන්න ඉන්දියානු රහස් ඔත්තු සේවය මගින් දියත් කරන මෙහෙයුමක් ගැන.. අන්න ඒ නවකතාවේ රූපමය අත්දැකීම තමයි Netflix මේ විදියට අරගෙන එන්නේ..

Bard Of Blood නව කතාව

2019 වර්ශයේ නිකුත් වුනු මේ සුපිරි ගණයේ කතා මලාව IMDb අගය 7.3 වගේම 84% ක ගූගල් පරිශීලක මනාප ප්‍රමාණයක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා..  ඒ වගේම මේක අධ්‍යක්ෂනය කරන්නේ Ribbhu  Dasgupta ඒ වගේම නිශ්පාදනය කරන්නේ අපි කවුරුත් දන්න Shah Rukh Khan ගේ Red Chillies Entertainment එකෙන්. හින්දි, උර්දු, ඉංග්‍රීසි වගේ භාෂා කිහිපයක්ම මේ කතා මාලාවට ඇතුලත්… ප්‍රධාන චරිතය හොබවන්නේ Emraan Hashmi විසින්.  Sobhita Dhulipala, Jaideep Ahlawat, Vineet Kumar Singh සෙසු චරිත නිරූපණය කරනවා. දැන් Netflix එක හින්දි කතා මාලාවලට ටික ටික නැඹුරු වෙන බවක් තමයි පේන්නේ.. බලන්නකෝ මේක කොහොම වේවිද කියලා..

මේ කතාවේ අන්තර්ගතය සහ පළවෙනි කතාංගය ගැන ගැන පොඩි පැහදිලි කිරීමක් කරන්නම්,

කතාවේ ප්‍රධාන චරිතය කබීර් ආනන්ද් ඒ කියන්නේ Emraan Hashmi කියන්නේ බෝම්බ විශේෂඥයෙක් වගේම ප්‍රාණ ඇප කරුවන් නිදහස් කර ගන්න විශේෂ පුහුණුවක් ලබපු කෙනෙක්.. රහස් ඔත්තු සංවිධානයේ කලින් මෙහෙයුමකදි මෙයයි මෙයාගේ හොඳම යාළුවා වික්‍රම්ජිත් ‍ත්‍රස්තවාදී ප්‍රහාරයක් මැද්දේ හිරවෙනවා.. එතනදි වික්‍රම් ත්‍රස්තවාදීන්ගේ බෝම්බෙකට අහුවෙන නිසා… කබීර්ට වික්‍රම්ව අතඇරලා යන්න සිද්ධ වෙනවා.. ඒ මෙහෙයුමේදි තමුන් හැසිරුන විදිය වැරදි සහගතයි කියලා සහ ප්‍රධානියගේ අණට අකීකරු වුණා කියලා එයාව නෙරපා හරිනවා.. පස්සෙ කාලෙකදි ඉන්දියාවේ රහස් ඔත්තු නිලධාරීන් කිහිප දෙනෙක් තලේබාන් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහනයට නතු වෙනවා. ඒ නිළධාරීන්ව මුදවා ගන්න පාකිස්ථානයත් එක්ක එකතු වුනත් ඒක සාර්ථක වෙන්නෙ නෑ.. කොහොම හරි මේ නිළධාරීන්ව මුදවා ගන්න කබීර් ආයෙමත් රහස් ඔත්තු සේවයත් එක්ක එකතු වෙලා ත්‍රස්තවාදීන් අතරට ගිහිල්ලා කරන මෙහෙයුම ගැන තමයි කතාංග 8 ක් පුරාවට නිරූපණය වෙන්නේ.. ඔය කිව්වේ ගොඩාක් සරලව පළවෙනි එපිය බලලා ඔයාලම තීරණය කරන්නකෝ කොහොමද කියලා..

නැවත හමුවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

4 comments

  1. Patta broo enakan balan hitiyee family man tv series aub karamu..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login