The title of the page
8.1
95

Rakshasudu (2019) Sinhala Subtitles|පොලිස් නිලධාරීයෙක්!|සිංහල උපසිරැසි සමඟ|

ඔන්න අද කියන්න යන්නේ 2019 වසරේ රිල්ස් වෙච්ච Rakshasudu-(2019) තෙළිගු film එක ගැන.. මේකට මම ඉස්සෙල්ලම සබ් හදන්නත් ගොඩක් කම්මැලි වුණා..මොකද මේ Film එක ගැන ගොඩක් කට්ටිය කිව්වේ….මේක Ratsasan-(2018) කියන Tamil Film එකේ කොපියක් කියලා…ඇත්තටම මගේ මතේ නම් ඒකේ යම් අසත්‍යතාවක් තියෙනවා..මේ Rakshasudu-(2019) Film එකේ එන ඇතැම් සිද්ධි,කතාව ගලාගෙන යන විදිය Ratsasan-(2018) Film එකට ගොඩක් සමාන කම් දැක්කුවුත් මේ Rakshasudu-(2019) කියන තෙළිගු Film එකේ අවසන් ජවනිකාව,කතාවේ ප්‍රධාන සතුරා පවා ගොඩක් වෙනස් Ratsasan-2018 Film එකට වඩා..ඒත් මේ Film දෙකේම කතාව ගලාගෙන යන විදිය එක හා සමානයි..

මම මේ film එකට සබ් කරන්න කැමති වුනේ ඒ නිසා….
මම ඔයාලට කියනවා මේ Rakshasudu-(2019) Film එක බලන්න කියලා ආරාධනා කරනවා..මේකේ වෙන ස්ටොරිය එක තමයි– හෝමෝනයකට වෛරස් එකක් ආසාදනය වෙලා පෙනුම වයසක වෙච්ච පිරිමි ළමයෙක් වුන “ක්‍රිස්ටොපර්” ට සමාජයෙන් කොන් වෙන්න වෙනවා…එයාව හැමෝම පිලිකුල් කරලා කොන් කරද්දි එයාට එක ගැණූ ළමයෙක් උදව් කරන්න ඉදිරිපත් වෙනවා…මේ හැම දෙයක්ම සිද්ධවෙන අතරේ එයාගේ අම්මට ඕන උනා එයාව දක්ෂ ජනප්‍රිය මැජීක් ශිල්පියෙක් කරන්න ….ඉතින් ක්‍රිස්ටොපර් ගේ අම්මා මෙයාට තිබිච්ච විකෘති වෙච්ච වයසක මුහුණ ගැන එයා හිතන එක වලක්වන්න එයාට මැජික් ඉගෙන්නුවා..එයත් ඒවා හොඳින් ප්‍රගුණ කරා…එත් ඉස්කොලෙදි ⁣ක්‍රිස්ටොපර්ට උදව් කරපු සොෆියා කියන ගෑණු ළමයා ගැන මෙයාට ආදරයක් ඇති වෙනවා..පස්සේ ක්‍රිස්ටොපරුයි ඒ ගෑණූ ළමයයි අතර අඩදබරයක් ඇතිවෙලා ..සොෆියා ක්‍රිස්ටොපර්ට නපුංසකයා කියලා බැන වදිනවා..මේක ඉස්කොලේ පුරාම ඉන්න ළමයි ක්‍රිස්ටොපර්ට කියන්න ගත්තා..නපුංසකයා කියලා..මේ ගැන දැනගෙන මේරි කියන ක්‍රිස්ටොපර්ගේ අම්මා ක්‍රිස්ටොපර්ගේ හිත හදන්න කොච්චර උත්සාහාකරත් එයාට හිත හදාගන්න බැරිවෙලා එයා මානසික ලෙඩෙක් වෙනවා..ඊට පසිසේ මේක දැකපු ඒයාගේ අම්මා මේකට වග කියන්න ඕන සොෆියා කියන ගෑණූ ළමයව අමානුෂික විදියට මරලා දානවා….
අවුරුදු ගානකට පස්සේ අම්මා වගේම ක්‍රිස්ටොපරූත් දරුණු විදියට මිනිස්සුන්ව මරලා දාන්න පුරුදු වෙනවා..ක්‍රිස්ටොපර් ඉස්කොල වල ඉන්න ගෑණූ ළමයිව පැහැරගෙන ගිහින් අමානුෂික විදියට කපලා කොටලා මරලා දාන්න පටන් ගත්තා..මේ අපරාධ රැල්ල විසදන්නේ අරුන් කියන චිත්‍රපටි අධ්‍යක්ෂ කෙනෙක්.එයාගේ තාත්තා කීර්තිමත් පොලිස් නිලධාරියෙක් වෙලා හිටපු නිසා අරුනුත් පොලිසිය ට බැදෙනවා..ඒ දවස්වල මේ ක්‍රිස්ටොපර් කියන ඝාතකයා පාසල් ළමයි පැහැරගෙන අමානුෂික විදියට මරලා දානවා මේ කේස් එක අන්තිමේදි අරුන් විසඳනවා…අන්තිමේදී අරුන්ගේ අතින් ක්‍රිස්ටොපර් මැරුම් කනවා..මේ දේවල් වෙන අතරේ අරුන් පාසල් ගුරුවරියක් වෙච්ච ක්‍රිෂ්ණා එක්ක පෙමෙන් බැදෙනවා.

එහෙම තමයි කතාව ගලාගෙන යන්නේ..මේ Rakshasudu-(2019) Film එක IMdB අගය 8.6/10ක් ගන්න සමත් වෙනවා..මේ Film එකේ ඉන්දීය සුප්‍රසිද්ධ නළු-sai srinivas bellamkonda සහ සුප්‍රසිද්ධ නිළි-Anupama parameshwaram ගේ රංගනයෙන් මේ තෙළිගු සරලුව හැඩ වෙනවා….මේක අනිවාර්යෙන්ම ඔයාලා හැමොටම බලන්න කියලා ආරාධනා කරනවා…මේක ⁣වෙන Film එකක කොපියක් නම් නෙමෙයි ඒක අනිවාර්යෙන්ම මතක් කරන්න ඕන..මේක මගේ 2වැනි උපරැසි නිර්මාණය…අනිවාර්යෙන්ම බලන්න..ජය වේවා!!!සුබ දවසක් හැමෝටම!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
යසිත් ප්‍රබොධ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
යසිත් ප්‍රබොධ

April 19, 2019


3
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. බොහොම ස්තුතියි බලාගෙන හිටිය ෆිල්ම් එකක් නියම වැඩක් .

  3. Ratsasan 2018 me thiyenne oya film ake tamil aka ban.

  4. You yasith dc Lego batman family matters sub diyanko gedarata ennkalin thx sub ekata

  5. Dc Lego batman family matters sub diyanko yasith thx sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login