The title of the page
Bannerghatta 2021 Sinhala Sub
Bannerghatta 2021 Sinhala Sub
7.4
60

Bannerghatta (2021) Sinhala Subtitles | “නොසිතූ රැයක්” | සිංහල උපසිරැසි සමඟ

(Bannerghatta 2021 Sinhala Sub)

කොහොමද යාළුවනේ.. ඔන්න ඉතින් අද සෑහෙන දවසකට පස්සේ අරගෙන ආවේ මලයාලම් ෆිල්ම් එකක්.. හුගාක් අය ආසයි නේ මලයාලම් වලට.. දැන් ඒ ලැන්ග්වේජ් එකත් හරි.. දැන් ඊළඟ ලන්ග්වේජ් එකට යන්න ඕන.. හැම එකක්ම අත්හදා බලන්න එපැයි.. 😁 හුගාක් වෙලාවට මේක මගේ අවසාන සබ් එක වෙයි.. මොකද මේ ටිකේ ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ.. ඒත් මේක අවසාන එක කීවට අවසානමත් නෙවෙයි ඉතින් 😂😂 ඉඩක් ලැබුණ වෙලාවකට අනිවාරෙන් එකක් කරනවා.. මොකද ඉත්තෑවා හොඳ කරන්න බෑනේ අපේ.. මේක ටිකක් වෙනස් ගණයේ මලයාලම් ත්රිලර් චිත්රපටයක්.. IMDB 8.1ක ඉහළ අගයක් තියෙනවා..

හරි අපි කතාව පොඩ්ඩක් බලමු.. මේක නිකන් අමුතුම එකක්.. මුලින්ම මුදල් ප්රශ්න නිසා බිරිඳත් එක්ක අමනාප වෙන චිත්රපටයේ ප්රධාන චරිතය පෙන්වනවා.. ඇත්තම කීවොත් එයා තමයි චිත්රපටයේ එකම චරිතය කීවොත් මං හරි.. මොකද 99%ක්ම පෙන්වන්නේ ඔහුව…ඊළඟට කතාව ටික ටික අතුරුදහන් වීමක් පැත්තට නැඹුරු වෙනවා.. ඒ මේ චිත්රපටයේ ප්රධාන චරිතය වෙන ආශිශ්ගේ සහෝදරිය.. ඉන් පස්සේ තමන්ගේ සහෝදරියව හොයාගන්න දරන උත්සාහය හා ඒකට එන අභියෝග දැකගන්න පුළුවන්.. හොයාගන්න උත්සාහ කළාට හොයන්න ආශිශ් යන්නේ නැහැ එක එක අයට කෝල් කර කර තමා වැඩේ කරන්නේ.. මොකද ආශිශ් වෙනම බාරගත්ත වැඩකට යන ගමන් තමා මේ සිද්ධියට මූණ දෙන්නේ.. ඒකත් නීත්යානුකූල වැඩක් කියලා නම් පේන්නේ නැහැ.. චිත්රපටය තුළ ඇමතුම් තොගයක් ආශිශ්ට එනවා.. අතර මඟදි තමන්ගේ ළමයට ආශිශ් කියන හොල්මන් කතාවක් නිසා පොඩ්ඩක් බය හැඟීමකුත් ඇතිවෙන විදිහට සංගීතය එහෙම යොදාගෙන තියෙනවා.. ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම ධාවනය වෙන්නෙ රාත්රි කාලයක.. ආශිශ් බාරගත්ත වැඩේ මොකක්ද, ඇත්තටම නංගීට මොකද වුණේ මේවාට උත්තර හොයාගන්න ඕන නම් චිත්රපටය බලන්නම වෙනවා.. හොඳයි මං මීට වඩා කියන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ.. ඔයාලම අරන් බලන්නකෝ..

* මේක මං කරන පළවෙනි මලයාලම් සබ් එක.. ඒ නිසා වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන් ඒවට සමාවෙන්න.. කලින්ම කීවා නැත්නම් සමහර අය බලන් ඉන්නේ වැරැද්දක් දැක්කාම අනන් මනන් කියන්න විතරයි.. ස්තූතියි කියලා කමෙන්ට් එකක්වත් දාන්නේ නම් නැහැ..😁 එහෙනම් අලුත් උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙමු.. • උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනේරූ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


78
Total Subtitles

8 comments

  1. thnkz bn
    keep it up

  2. Kalana Sachintha

    Thanks Brohh

  3. Thank You Sub Ekata…….

  4. niyamayi ikmannin dila thanks machi

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. kuruthi 2021 sub1 oniiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii. thanks machiiiiiiiiiiiii

  8. ලක්ශාන්

    කවුරු මොනා කිව්වත් මට නම් උබ රත්තරන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login