The title of the page
Balagam (2023) Sinhala Subtitles
Balagam (2023) Sinhala Subtitles
8.3
91

Balagam (2023) Sinhala Subtitles | “පවුල” | සිංහල උපසිරැසි සමඟ

(Balagam (2023) Sinhala Subtitles) (Balagam (2023) Sinhala Sub) (Balagam Sinhala Subtitles) (Balagam Sinhala Sub)

සුභ දවසක් වේවා හැමෝටම. අද මම අරන් එන්නේ 2023 මාර්තු 3 නිකුත් වුනු Balagam(පවුල) තෙලුගු චිත්‍රපටය ගැන. මේක Venu Yeldandi විසින් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. මේකෙ ධාවන කාලය මිනිත්තු 129ක්. family drama ගණයට මේ චිත්‍රපටය අයත්. ඒ වගේම විශේශයෙන් කියන්න ඕන IMDb දර්ශයකයේ අගය 8.9 තරම් ඉහල අගයක් මේකට ලැබිලා තියෙනවා. මේකෙ Ooru palletooru සිංදුවට ගොඩක් ප්‍රතිචාර හම්බවෙලා තියෙනවා.

කතාව පැත්තට ගියොත් සයිලු කියන්නේ ළගදි විවාහ ඉන්න කෙනෙක් වගේම ණයකාරයෙක්. ණය අරගෙන ව්‍යාපාර පට ගත්තත් ඔක්කම අසාර්තකයි.සායිලුට දෑවැද්ද විදිහට ලක්ශ 15ක් හම්බවෙනවා. ඒකෙන් මෙයා ණය පියවන්න හිතන් ඉන්නේ. ඔහොම ඉන්නකොට එකපාරටම මෙයාගෙ සීයා නැතිවෙනවා. කබලෙන් ලිපට වැටුනා වගේ වැඩක් මෙයාට වෙන්නේ. සීයාගෙ මරණයත් එක්ක තව ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. චාරිත්‍ර කරද්දි සායිලුගෙ නැන්දා අවුරුදු 20කට පස්සෙ ගෙදර එනවා. සායිලුගෙ තාත්තයි මාමයි ඉතින් ආපු දවසෙ ඉදන් රණ්ඩු වෙනවා. මෙයා විවාහ වෙන්න හිතන්හිටපු කෙනෙත් මෙයාව දාලා යනවා. ගොඩක් හැගීම්බර විදිහට මේ කතාව ගලාගෙන යනවා.

ඉතින් මේක ඇත්තටම හොද චිත්‍රපටයක්. එක පවුලක් වගේ ජීවත්වෙන හැටි, ප්‍රශ්නවලට මුහුණ දෙන විදිහ මේ චිත්‍රපටයෙන් පෙනවනවා. අන්තිමට මොකක් වෙයිද කියලා බලන්න ඔයාලට කතාව බලන්න වෙනවා.

එහෙනම් මේ වගේ තවත් චිත්‍රපටයකින් හමුවෙමු. සුභ දවසක්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන නිපුන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන නිපුන

February 17, 2023


6
Total Subtitles

One comment

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි හංසන සොයුර ……………….

    සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!
    දස දහසක් ආයු ලැබේවා …..!!
    සියලුම  සොයුරු සොයුරියන්
    නිදුක් වේවා …..!!
    නිරෝගි වේවා …..!!
    දීර්ගායු ලැබේවා …..!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login