Badass Ravikumar (2025) Sinhala Subtitles
Badass Ravikumar (2025) Sinhala Subtitles
6.5
90

Badass Ravikumar (2025) Sinhala Subtitles | “ නීතියට පිටින් යන, යක්ෂයින්ටත් බය නැති බැඩෑස් රවී කුමාර් ” | සිංහල උපසිරැසි සමඟ

(Badass Ravikumar (2025) Sinhala Subtitles) (Badass Ravikumar (2025) Sinhala Subtitle) (Badass Ravikumar (2025) Sinhala Sub)

‘Badass Ravikumar’ කියන්නේ 2025 වසරේ තිරගත වුණු, 80 දශකයේ බොලිවුඩ් මසාලා චිත්‍රපටවල තිබුණු ඒ අමුතුම පිස්සුව සහ ක්‍රියාදාම ඒ විදිහටම ආයෙත් ප්‍රේක්ෂකයින්ට අරගෙන එන සුපිරිම හින්දි Action චිත්‍රපටයක්. ඔයා ලේ රත් වෙන සටන් ජවනිකා, ඇඟ හිරිවැටෙන Mass ඩයලොග් සහ පරණ තාලේ විනෝදාත්මක ෆිල්ම් වලට ආස කෙනෙක් නම්, මේක අනිවාර්යයෙන්ම මඟනොහැර බලන්නම ඕනෙ ෆිල්ම් එකක්.

රවී කුමාර් කියන්නේ නිකම්ම නිකන් සාමාන්‍ය පොලිස්කාරයෙක් නෙවෙයි. එයා නීතියට වඩා තමන්ගේ ස්ටයිල් එක ගැන විශ්වාස කරන, අපරාධකරුවන්ට දඬුවම් දෙනවට වඩා උන්ව කෙලින්ම අපායට යවන ජාතියේ කෙනෙක්. “මම සිගරට් බොන්නේ නැහැ, ඒත් ඒක නැතුව ජීවත් වෙන්නෙත් නැහැ” වගේ අමුතුම කතා කියන රවීට, නීතිය අතට ගැනීම නිසාම නිතරම වැඩ තහනම් වීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

මේ අතරේ ඉන්දියාවේ ගැඹුරුම රහස් සහ රහස් නියෝජිතයින්ගේ විස්තර ඇතුළත් අතිශය රහසිගත ‘මයික්‍රෝ-රීල්’ එකක් කාර්ලොස් පේද්‍රෝ පැන්තර් කියන ජාත්‍යන්තර මාෆියා නායකයාගේ අතට පත්වීමේ අවදානමක් ඇති වෙනවා. ඉන්දීය පොලිසියට සහ ඉන්ටර්පෝල් එකට පවා මේක නවත්තන්න බැරි වුණු තැන, වැඩ තහනමට ලක්වෙලා ඉන්න අපේ බැඩ්ෑස් රවී කුමාර්ව මේ රහසිගත මෙහෙයුම සඳහා ඕමාන් වලට යවනවා.

කාර්ලොස්, භුජාන්ග් සහ ජගාවාර් වගේ පාතාලයේ දැවැන්තයින්ගේ රාජධානියටම ගිහින් උන් එක්ක හැප්පිලා, තමන්ගේ ආදරයත් බේරගෙන මේ රීල් එක ආපහු ගේන්න රවී කුමාර්ට පුළුවන් වෙයිද? තර්කනය පැත්තකින් තියලා, උපරිම විනෝදාස්වාදයක් ගන්න පුළුවන් මේ ක්‍රියාදාම චිත්‍රපටය අදම නරඹන්න!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිම්හානි චතුරිකා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිම්හානි චතුරිකා

November 20, 2025


21
Total Subtitles

One comment

  1. ස්තූතියි සිස් උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login