Finding Harry The Craft Behind the Magic (2026) Sinhala Subtitles
Finding Harry The Craft Behind the Magic (2026) Sinhala Subtitles
5.9

Finding Harry: The Craft Behind the Magic (2026) Sinhala Subtitles | “ යළි මැවෙන මායා ලෝකය ” | සිංහල උපසිරැසි සමඟ

(Finding Harry: The Craft Behind the Magic (2026) Sinhala Subtitle) (Finding Harry: The Craft Behind the Magic (2026) Sinhala Subtitles) (Finding Harry: The Craft Behind the Magic (2026) Sinhala Sub)

පොඩි කාලේ අපි හැමෝම වගේ බලන් හිටපු එක පුංචි හීනයක් තිබුණා මතකද? ඒ තමයි අපේ වයස අවුරුදු එකොළහ වෙද්දී අහසින් පියඹලා එන බස්සෙක් අපිටත් ලියුමක් ගෙනත් දෙයි කියන බලාපොරොත්තුව. හොග්වෝට්ස් මායා පාසලෙන් එන ඒ ලියුම කවදාවත් අපේ ගෙදරට ආවේ නැති වුණත්, J.K. රෝලිංගේ ඒ අකුරු අතරින්, ඊටපස්සේ සිනමා තිරයේ දැක්ක ඒ අපූරු රූප රාමු අතරින් අපි හැමෝම ඒ මායා ලෝකයේ ජීවත් වුණා. පඩිපෙළ යට තිබුණු දූවිලි පිරුණු පුංචි කාමරේ ඉඳන් මුළු ලෝකයක්ම ආදරය කරපු වීරයෙක් වුණු හැරීගේ කතාව, අපේ ළමා කාලයේ තියෙන ලස්සනම මතකයක්.

​පොත් පිටු පෙරළද්දී දැනුණු ඒ අලුත් පොත් සුවඳ, ජෝන් විලියම්ස්ගේ ඒ හිරිගඩු පිපෙන පසුබිම් සංගීතය ඇහෙද්දි දැනුණු හැඟීම, නවයයි තුන්කාල වේදිකාවෙන් කෝච්චියට නැගලා අලුත් ලෝකෙකට යන ඒ චමත්කාරය අදටත් අපේ හදවත්වල තියෙනවා.
හැරී, රොන්, හර්මයිනි කියන්නේ අපිට නිකම්ම චරිත තුනක් නෙවෙයි, එයාලා හරියට අපේම යාළුවෝ තුන්දෙනෙක් වගේ. අපිත් එයාලා එක්කමයි ලොකු මහත් වුණේ. මට විශ්වාසයි උපසිරැසිය බාගන්න ඇවිත් මේ ලිපිය කියවන අයගෙන් 90%ක්ම හැරී පොටර් මුලින්ම බලන්න ඇත්තේ එක නත්තල් නිවාඩු කාලෙක උදේ පාන්දර සිරසෙන්. ඊටපස්සෙ ටීවී එකේ නොපෙන්වපු ෆිල්ම් කොහෙන්හරි හොයාගෙන බලන තැනට වෙනකන් ඒ උන්මාදය උඩුදුවන්න පටන් ගත්තා.
ඉතින් කාලයත් එක්ක ඒ කතාව අවසන් වුණාම, ආයෙමත් කවදාවත් ඒ මායාව අපිට ඒ විදිහටම අත්විඳින්න ලැබෙන්නේ නැහැ නේද කියලා අපිට හිතුණා.

ඒත් පසුගිය වසරේ මේ අලුත් කතා මාලාවේ ආගමනය ගැන ඇහුණම හැබෑම හැරී පොටර් රසිකයෙක් නම් සෑහෙන්න සතුටකුත්, ඒ හා සමාන බයකුත් දැනෙන්න ඇති. සතුටට කාරණය, ආයෙත් හොග්වෝට්ස් අත්දැකීම විඳගන්න ලැබෙන එක. බය හිතෙන්න කාරණය, මෑත කාලයේ ප්‍රතිනිර්මාණය වුණු සමහර දේවල් බොහෝමයක් ඒ මුල් නිර්මාණ පවා සම්පූර්ණයෙන්ම අගෞරවයට පත් කිරීම.

කොහොමහරි, මේ අලුත් වාර්තා වැඩසටහන බලද්දී මට දැනුණේ හරියට මාව ආයෙමත් මගේ ඒ පුංචි කාලෙටම අරන් ගියා වගේ හැඟීමක්. අවුරුදු තිහකට කලින් පටන් ගත්තු ඒ අතිවිශාල මායා ලෝකය, HBO Max හරහා ආයෙමත් අලුතින්ම ගොඩනැගෙන හැටි දකිද්දී ඇත්තටම දැනෙන්නෙ මොකක්දෝ අමුතුම හැඟීමක්

මේක නිකම්ම නිකම් ‘රීමේක්’ එකක් නෙවෙයි. මේක ඊළඟ පරම්පරාවට ඒ මායාව අලුතින්ම අත්විඳින්න දෙන අවස්ථාවක් වගේම, අපිට අපේ අතීතය ආයෙත් විඳින්න ලැබෙන තෑග්ගක්.
​මේ වාර්තා වැඩසටහන ඇතුළේ තියෙන ලස්සනම දේ තමයි, මේ අලුත් ලෝකය නිර්මාණය කරන්න මහන්සි වෙන මිනිස්සුන්ගේ හැඟීම්. මුල්ම චිත්‍රපටියේ ක්විඩිච් පෙට්ටිය හදපු තාත්තාගේ පුතා, අද අලුත් කතා මාලාවට ඒ පෙට්ටියම අලුතින් තීන්ත ගානවා. ඒක නිකම්ම රස්සාවක් නෙවෙයි, ඒක පරම්පරාවෙන් පරම්පරාවට යන ආදරයක්. දහස් ගාණක් ළමයි අතරින් අලුත් හැරී, රොන්, හර්මයිනි හොයාගන්න ඒ යන අසීරු ගමන, බස්සන්ගේ ඇඟට පිහාටු 36,000ක් එකින් එක අලවලා ඒ සත්තුන්ට පණ දෙන විදිහ, මහා ශාලාව ආයෙමත් මුල ඉඳන්ම ගොඩනගන විදිහ දකිද්දී, මේ වැඩේ පිටුපස තියෙන කැපවීම වචනයෙන් කියන්න බැරි තරම්.

​මතකද ඉස්කෝලේ කාලේ අලුත් හැරී පොටර් පොතක් ආවම, යාළුවෝ කතාව කියන්න කලින් ඉක්මනින් ඒක කියවලා ඉවර කරන්න අපි කරපු හදිස්සිය? වාර්තා වැඩසටහනේ ඉන්න නිර්මාණකරුවොත් කතා කරන්නේ ඒ අතීතය ගැනමයි. 1991 අවුරුද්දේ සැබෑ ලෝකය, එදා ඇඳපු පරණ විලාසිතාවේ ඇඳුම්, ඩයගන් ඇලී, ලීකි කෝල්ඩ්‍රන් වගේ අපිට හුරුපුරුදු තැන් ආයෙමත් මැවෙනවා දකිද්දී ඇඟේ හිරිගඩු පිපෙනවා. ස්වාභාවිකත්වය මුල් කරගෙන, කොළවලින් ප්‍රින්ට් කරපු මායාකාරයන්ගේ ඇඳුම් එක්ක මේ ලෝකය තවත් යථාර්ථවාදී කරන්නයි එයාලා උත්සාහ කරන්නේ. අපි වගේම හැරී පොටර් එක්ක ලොකු වුණු, ඒ ලෝකෙට පිස්සුවෙන් වගේ ආදරය කරන කට්ටියක් තමයි මේ නිර්මාණය පිටුපස ඉන්නේ කියන එක මේ වාර්තා වැඩසටහන පුරාවටම අපිට දැනෙනවා.
​අපි හැමෝම ආයෙමත් හොග්වෝට්ස් යන්න ලෑස්තියි. මේක අපේ ළමා කාලයේ ආදරණීයම මතකයන් ආයෙමත් පණ ගන්වන, අපේ හදවත්වල නිදාගෙන ඉන්න අර පුංචි මායාකාරයාට ආයෙමත් අවදි වෙන්න කතා කරන අපූරු ගමනක්.

ඉතින්, කෝච්චිය පිටත් වෙන්න තව මාස කිහිපයයි තියෙන්නේ. මීට කලින් කවදාවත් නොදැකපු විදිහට අලුත් වෙන ඒ මායා ලෝකයේ අතරමං වෙන්න ඔයාලත් ලෑස්තිද?

තව ටිකක් ඉවසගෙන ඉන්න එළඹෙන නත්තල් දවස වෙනකන්. එතකන් බලන්න මේ වාර්තා වැඩසටහන! ✌️🪄

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිසුර සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිසුර සංජන

May 22, 2025


119
Total Subtitles

5 comments

  1. kavinda gamage
    Cineru_users

    බොහොම ස්තුතියි නියම වැඩක්

  2. ස්තූතියි තිසුර සහෝ උපසිරැසියට

  3. Kavindu Edirimanne

    දැකපු ලස්සනම ලිපියක්….ඔයා කිවුව හරියටම හරි Harry potter පළමු film එක එන්නෙ 2001. එත⁣කොට මටත් අවුරුදු 10. හැරීල රොන්ලා හමයිනිල එක්ක අපිත් ලොකු වුනා. ඒක මාරම මාර ෆැන්ටසියක්

  4. ow e kale marama lassna kalaya… lord of the rings thama anith eka.

  5. හිරාන් ශාරංග

    සිංහල උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    ජයවේවා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login