The title of the page
Ayothi Sinhala Subtitle
Ayothi Sinhala Subtitle
6.5
87

Ayothi (2023) Sinhala Subtitles | “අම්මා” | සිංහල උපසිරැසි සමඟ

Ayothi | Tamil | Hindi | 2023
Action | Drama 
IMDb 8.5 | 2hrs
” දෙසවන් සනහා මා නැළවූ ඔබ
මියුරු මියැසියේ අරුත කියාදුනි
ඒ මියැසිය අද මා ගයනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
අම්මා අම්මා අම්මා අම්මා….. ෴
“අම්මා” යන අකුරු 3ට අරුත් දෙන්න සමාන කරන්න මේ ලොව කිසිදු මනුෂ්‍ය පරානයක් නෑ.. ඒ තරම් ආදරයක් ඒ තරම් බැදීමක් ඒ තරම් ලෙන්ගතුකමක් මෙතෙකයි කියලා නිම කරන්න බෑ. ඇය දරුවන් වෙනුවෙන් කරන කැපකිරීම දරුවන් වෙලා ඉපදුන අපිට ජීවිත කාලෙම මදි ඒ ණය පියවන්න.  ඒ නිසයි කිවේ ” ලැබුණත් නෙත් යුග දහසක උරුමේ… මට මදි මුලු සංසාරයේ… ඔබව බලා ගන්නට අම්මේ ” කියලා… මේ තරම් සමීප අම්මා නොසිතූ වෙලාවක අපෙන් වෙන් වෙලා ගිය මොහොතක අපි කෙතරම් නම් අසරණ වෙයි ද? ඒ දැනෙන හැගීම විස්තර කරන්න ඒ දැනන අසරණකම විස්තර කරන්න මම දන්න වචන මදි. ඒ තරම් වේදනාවක් දරා ගන්නවා කියන්නෙම වෙනම හැකියාවක්…

“අයෝදි” කියන්නේ මේ අවුරුද්දේ මාර්තු 3 වෙනිදා තිරගත වූ දමිල නමුත් හින්දි මිශ්‍රිත චිත්‍රපටයක්. ඉතා සුභ ප්‍රතිචාර පමණක් ලැබෙමින් සාර්ථක ලෙස තිරගත වුණා. මෙහි අධ්‍යක්ෂය හා දෙබස් R. Manthira Moorthy වෙනවා. නිෂ්පාදනය  R. Ravindran. සංගීතය N. R. Raghunanthan. මෙහි ප්‍රධාන රංගනය M.Sasikumar වෙනවා. මීට අමතරව සෙසු නළු නිළි පිරිස මෙසේයි..

 

❊ Sasikumar as Abdul Malik
❊ Preethi Asrani as Shivani
❊ Yashpal Sharma as Balram
❊ Pugazh as Pandi
❊ Chetan as the Terminal Manager
❊ Pondy Ravi as a Cargo Manager
❊ Bose Venkat as Chithirai Pandian
❊ Kalloori Vinoth as Durai
කතාව පැත්තකට පොඩ්ඩක් අවදානය දුන්නොත් බල්රාම්ගේ බිරිද හා දරුවන් දෙදෙනා වන්දනා ගමනක් යැමට මදුරෙයි බලා පිටත් වෙනවා. බල්රාම් දැඩි ආගම්වාදී පුද්ගලයෙක් වගේම දැඩි නීතී රීතී දාගෙන ඉන්න ආවේගශීලී පුද්ගලයෙක්.  ඒ වගේම  ඔවුන් හින්දි පවුලක් වෙනවා. තම බිරිදට නිතර රණ්ඩු ඇති කරන අතර දරුවන්ට ද මොහුව ඒ තරම් දිරවන්නෙ නැති චරිතයක්. මදුරෙයි බලා පිටත් වුණ මේ පවුලට අතර මගදී නොසිතූ කරදරේකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ ඔවුන් යන කුලී රථය අනතුරකට ලක් වීමත් සමගයි. එහිදී මව හෙවත් ජානකීට බරපතළ ලෙස තුවාල වෙන අතර රෝහල රැගෙන යන අතර මිය යනවා. මේ වේදනාව දරා ගෙන දියණිය හා පුතා පියා සමග මේ නිසල සිරුර තම ගමට රැගෙන යෑමට දරන වෙහෙස හා මන්සියයි මේ කතාව පුරා ගලාගෙන යන්නෙ…
ඇත්තටම ගොඩක් කුතුහලයෙන් ගොඩක් හැගීම්බර කතාවක්.  කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන්. බලන්න කියලා ආරාධනා කරනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. සියලුම සිනමා රසිකයින්ට සුබ අලුත් අවුරුද්දක් වේවා.. 🙏🏼
✍🏼 සිනෙරූ වෙනුවෙන් මම නිත්‍යා රූපසිංහ
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිත්‍යා රූපසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිත්‍යා රූපසිංහ

February 4, 2020


21
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නිත්‍යා සොයුරිය……….
    සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!
    සුබ සංවත්සර දිනයක් වේවා …..!!
    දස දහසක් ආයු ලැබේවා …..!!
    සියලුම  සොයුරු සොයුරියන්
    නිදුක් වේවා …..!!
    නිරෝගි වේවා …..!!
    දීර්ගායු ලැබේවා …..!!

  2. Kasun Widusha
    Cineru_users

    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා
    ජය වේවා සිනෙරූ සෙට් එකටම , සුබ පැතුම් අවුරුදු 4 ට
    ස්තූතියි උපසිරසට, ❤️💪

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login