The title of the page
Ayalaan (2024) Sinhala Subtitles
Ayalaan (2024) Sinhala Subtitles
6.2
33
90

Ayalaan (2024) Sinhala Subtitles | “පිටසක්වල මිතුරා” | සිංහල උපසිරැසි සමඟ

(Ayalaan (2024) Sinhala Subtitles) (Ayalaan (2024) Sinhala Sub) (Ayalaan Sinhala Subtitles) (Ayalaan  Sinhala Sub) (Ayalaan (2024) Sinhala Subtitles) (Ayalaan (2024) Sinhala Subtitles) (Ayalaan Tamil Movie (2024) Sinhala Subtitles) (Ayalaan Tamil Movie Sinhala Subtitles) (Ayalaan Tamil Movie (2024) Sinhala Sub) (Ayalaan Tamil Movie Sinhala Sub)

ආයුබෝවන් ඔයාලා හැමෝටම.. ඔන්න ඉතින් එදා 9 වෙනිදා ott රිලීස් වෙච්ච ගොඩක් අය ආසාවෙන් බලන් හිටපු ෆිල්ම් එකක් අරගෙන තමයි අද සයිටට ගොඩ උනේ.. වැඩේ බාරදුන්නේ සමිත අයියා.. තියෙන අධික කාර්යබහුලත්වය නිසාම වැඩේ දවසින් දෙකින් දෙන්න ඕනි නිසා උචිනි අක්කවත් වැඩේට හවුල් කරගත්ත.. ඕන උදව්වක් ඉල්ලපු ගමන් බෑ නොකිය හෙල්ප් එකට එන උචිනි අක්කටත් ගොඩක්ම ස්තුතියි ❤️

2024 ජනවාරි 12 වෙනිදා World Wide රිලීස් වුන මේ ෆිලුම අපේ සුපිරි කොලිවුඩ් නළු ශිවකාර්තියන්ගේ 20 වෙනි ෆිලුම.. මේක අයත් වෙන්නෙ science fiction/Comedy කියන Category එකට.. VFX තාක්ෂනය ටිකක් බරටම යොදාගෙන තිබුණු චිත්රපටියක් කියලා කියන්න පුළුවන්.. හැබැයි නොන්ඩි නොවී වැඩෙත් ගොඩ දාල තිබුන.. ෆිලුම ගොඩක් බේස් කරලා තියෙන්නේ Family කියන කැටගරි එක.. මොකද ළමයින්ට ගොඩක් ෆීල් වෙන විදිහට තමයි හදල තිබුනේ..

2015 අවුරුද්දේ ආපු ගොඩක් දෙනෙක් අදටත් ප්රිය කරන Indru netru naalai චිත්රපටය මතකද.. අන්න ඒක අධ්යක්ෂණය කරපු R. Ravi Kumar කියන අධ්යක්ෂකතුමා තමයි මේකත් රචනා කරල අධ්යක්ෂණය කරන්නේ..

මේ චිත්රපටය තිරගත වෙන්න ටිකක් කල් ගියානේ.. ඒ ඇයි කියලා ගොඩක් අය අහල තිබුන.. ඒවට හේතු විදිහට නම් දීලා තිබුනේ මුල්යමය ප්රශ්න තමයි.. ඒවගේම VFX වැඩ වලට ටිකක් කල් ගිහින් තියෙනවා.. වැඩේ අතරමග නතර වෙන්න යද්දී SK ගේ Sivakarthiyan Production මේකට නිෂ්පාදන පිරිවැය යොදලා ශක්තියක් වෙලා තිබුන..අවසානයේ කොහොම හරි KJR Studios කියන ආයතනය මේක එයාලට පවරගන චිත්රපටය එයාලගේ ලේබලේ යටතේ මුදා හැරියා..

සංගීතය ගැන කතා කරනකොට A. R. Rahman මියුසික් පැත්තෙන් ලොකු ගැම්මක් දීලා තිබුන ෆිලුමට.. BGM පවා මේ වගේ ෆිල්ම් එකකට ගැලපෙන විදිහට හොලිවුඩ් ස්ටයිල් එකට දීලා තිබ්බ.. ගින්දර 🔥❤️

අයලාන් චිත්රපටය ධනුෂ්ගේ Captain Miller සහ අරුන් විජේ ගේ Mission Chapter 1 ෆිල්ම් දෙකත් එක්ක කරට කර තමයි තිරගත උනේ.. හැබැයි ධනුෂ්ගේ චිත්රපටය පලවෙනි දිනයේ අයලාන් චිත්රපටයට වඩා අදායම් අතින් ඉහලින් තිබුනත් පහු වෙන්න පහු වෙන්න අදායම් අතින් පසු බෑමට ලක් උනා.. මේ වෙද්දී අයලාන් ඉන්දියන් රුපියල් කෝටි 96ක අදායමක්‌ ලබාගෙන තියෙනවා කියලා තමයි සදහන් වෙන්නෙ…අයලාන් චිත්රපටය පවුලේ සැමට නැරබිය හැකි චිත්රපටයක් වීමත් එයට හේතුවක් වෙන්න පුළුවන්..

දැන් යන්කෝ එහෙනම් කාස්ට් එක පැත්තට මේකෙ “ටැටූ” එහෙමත් නැතිනම් ඒලියන්ගේ චරිතය සදහා හඩින් දායකවය දක්වන්නේ කවුරුත් දන්න ජනප්රිය කොලිවුඩ් නළු සිද්දාර්ත්..මේ වෙනුවෙන් එයා කිසිම මුදලක් අය කරේ නෑ කියලත් කියනව… ගිය අවුරුද්දේ නිකුත් වුන සිද්දාර්තගේ “Chithha 2023” ෆිල්ම් එකත් විචාරකයන්ගේ ධනාත්මක විචාර හමුවේ හොද සාර්ථකත්වයක්‌ ලැබුවා නෙ.. හැබැයි මොනා උනත් ඒලියන්ගේ රූපෙට ගැලපෙන්න වොයිස් එක තිබුන.. ෆිල්ම් එක බලන අතරේ ඒලියන් දැන් කතා කරයි දැන් කතා කරයි කියලා කුතුහලයෙන් බලන විදිහට වොයිස් එකෙන් හොද රහක් දීලා තිබුනා..

අපි එහෙම්ම SK ගේ පැත්තට අවොත්, SK කියන්නේ සාමන්යයෙන් එකම රාමුවකට කොටු නොවී ඉදල අමුතු ජාතියේ ෆිල්ම්ස් කරන කෙනෙක් නෙ.. මේකත් එයාගේ ඒ ජාතියේ අමුතු වැඩක්.. Maan Karate, Remo, Don, Hero, Maveeeran (මේ අතර තව ෆිල්ම්ස් සෙට් එකක්ම තියෙනවා) වගේ ෆිල්ම්ස් වල ඉදන් අයාලන් දක්වා ආ ගමන දිහා බැලුවම එකට එකක් වෙනස්.. මේ හැම ෆිල්ම් එකේම වෙනස් රහක් රසිකයන්ට දීලා තිබුන.. SK ගේ Prince 2022 ෆිල්ම් එක ආපු වෙලාවේ ගොඩක් දෙනෙක් SK ට චෝදනා කරල තිබුන නෙ කොමඩි ෆිල්ම්ස් විතරයි කරන්නේ කියලා.. කොහොමහරි ඒ චෝදනා මැද්දේ කොමඩිත් කලවම් කරපු අමුතු ෆිල්ම් දෙකක් ඊටපස්සේ SK අපිට දුන්න.. ඒවා අතිශයින් සාර්ථක නොවුනත් යම් මට්ටමක තිබුනා.. සුපුරුදු විදිහට SK මේකෙත් අනවශ්ය රොමෑන්ස්, මත්ද්රව්ය දර්ශන යොදාගෙන තිබුනේ නෑ.. ඒකත් එයාගේ එක්‌තරා කොලිටි එකක්නේ.. අනික SK සුපිරි රැජිනි ෆෑන් කියලා ගොඩක් දෙනෙක් දන්නවනේ.. ඒ නිසා තැන් දෙක තුනකම රැජිනිව මතක් කරන්නත් SK අමතක කරල තිබුනා..

ඒවගේම සුපුරුදු පරදි යෝගි බාබු SK එක්ක එකතු වෙලා ලස්සන කොමඩි ටිකක් දීලා තියෙනවා අපිට.. ඔයාලම බලලා Enjoy කරන්නකෝ එහෙනම්..

ඉතුරු කාස්ට් එක පහලින් දාන්නම් 👇

Sivakarthikeyan – තමිල් ලෙසින්
Rakul Preet Singh – තාරා ලෙසින්
Sharad Kelkar – ආර්යන් ලෙසින්
Isha Koppikar – එලීසා ලෙසින්
Karunakaran – සුගිර්තරජා ලෙසින්
Yogi Babu – ටයිසන් ලෙසින්

විස්තරේ පොඩ්ඩක් කියන්නම් ආර්යන් කියන ව්යාපාරිකයා ස්පාර්ක් කියන බලශක්ති පාෂාණයක් යොදාගෙන පෘතුවිය හරයේ තිබෙන නෝවා වායුව එළියට ගන්න උත්සහ කරනවා.. මේකෙන් පෘතුවිය විනාශ වෙන බව ඔහු සමග වැඩ කරන කිසිම විද්යාඥයෙක් දන්නෑ.. හැබැයි මේ ගැන ඒලියන්ල හොදින් දැනුවත්.. ඉතින් පෘතුවියේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් එහෙන් නියෝජිත ඒලියන් කෙනෙක් එවනවා.. අපේ කතාවේ වීරයා නම් එයාව නම් කරන්නේ “ටැටූ” කියන නමින්.. “තමිල්” කියන්නේ ගමක ගොවිතැන් කටයුතු කරගෙන ඉන්න ගොවියෙක්.. මෙයාගේ ගොවිතැන් කටයුතු අඩාල වීමත් සමග මෙයා චෙන්නායි නගරයට එනවා රැකියාවක් හොයාගෙන.. මෙහෙදී මෙයාට හම්බෙනවා අමුතු ආතල් ජොබ් එකක් කරන අමුතු තුන් දෙනෙක්.. මේ තුන් දෙනාත් එක්ක මේ ජොබ් එක කරගෙන ඉන්නකොට තමයි තමිල්ගේ ජිවිතේට මේ පිටසක්වල මිත්රයා එන්නෙ.. ඔන්න ඔතනින් තමයි තමිල්ගේ ජිවිතේ අමුතුම අතකට පෙරලෙන්නෙ..

ටැටූ එක්ක එකතු වෙලා තමිල්ට ලෝකේ බේරගන්න පුළුවන් වෙයිද නැද්ද කියලා දැනගන්න නම් මේ ලස්සන ෆිලුම බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා ❤️

අදට ගිහින් එන්නම් ❤️

හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

8 comments

  1. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  2. Film එකේ මැද හරියේ sound නෑ නේ 😕

  3. anthima tika play wenne nane 3gb file eke

  4. Thanks You

  5. thanks machan

  6. Supiri film eka ♥️❤

  7. Thank you mekata sub eka genavata ♥️❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login