The title of the page
Captain Miller Sinhala Subtitle
Captain Miller Sinhala Subtitle
6.9
89
89

Captain Miller (2024) Sinhala Subtitles | “ඇත්තටම අපි නිදහස්ද?” | සිංහල උපසිරැසි සමඟ

(Captain Miller (2024) Sinhala Subtitles) (Captain Miller (2024) Sinhala Subtitle) (Captain Miller (2024) Sinhala Sub) (Captain Miller Sinhala Subtitle) (Captain Miller Sinhala Sub)

සුබ දවසක් හැමෝටම..

ඔන්න කාලෙකට පස්සේ ආයෙමත් ලැබණු විවේකයත් එක්ක උපසිරැසියක් අරගෙන එන්න හිතුණා..ඉතින් අද මම අරගෙන ආවේ OTT රිලීස් වෙලා ටික දවසක් වුණත් අපේ වෙබ් අඩවිය වෙනුවෙන් කවුරුත් උපසිරැසියක් කරලා තිබ්බ නැති ජනප්‍රිය දමිළ නලු ධනුෂ් රංඟනයෙන් දායක වෙන Captain Miller (2024) ෆිල්ම් එක..ඉතින් අද උදේම වැඩේ පටන් අරන් රෑ වෙද්දි මේ විදියට උපසිරැසිය ඉවර කරගන්න පුලුවන් වුණා..

මේක කරන්න ප්‍රධානම හේතුව මම පෞද්ගලිකව ආසකරන නලුවෙක් වෙන දනුෂ් වගේම මම කන්නඩ සිනමාවේ ආස කරන ශිවරාජ්කුමාරුත් මේ චිත්‍රපටය සමඟ එකතු වෙලා තිබ්බ නිසා..Captain Miller අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ දමිළ සිනමා අධ්‍යක්ෂක Arun Matheswaran විසින්..ෆිල්ම් එකේ රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් IMDb දර්ශකයේ 6.9/10 අගයකුත් Rotten Tomatoes දර්ශකයේ 89% ක අගයකුත් ලබාගන්න සමත්වෙලා තියනවා..කාස්ට් එක පැත්තට හැරුණොත් දමිළ,කන්නඩ,තෙළිඟු සිනමාවේ දැවන්ත චරිත රැසක් එකතු වෙලා තියනවා..ප්‍රධාන චරිතය රඟදක්වන ධනුෂ්ට අමතරව කන්නඩ සිනමාවෙන් ශිවරාජ්කුමාර් වගේම තෙළිඟු සිනමාවෙන් සංදීප් කිෂාන් එකතු වෙලා තියනවා..ඊට අමතරව Priyanka Mohan, Nivedhithaa Sathish, John Kokken, Aditi Balan වගේ ලොකු පිරිසක් මේ චිත්‍රපටයත් එක්ක එකතු වෙලා තියනවා..

Dhanush's Captain Miller launched- Cinema express

එහෙනම් වැඩි කතා නැතුව අපි දැන් ඉෂාන් මදුසංක සහෝදරයගේ සටහන පැත්තට ගිහින් ෆිල්ම් එක ගැන එයාගේ අදහස කොහොමද කියලා බලමු..

Dont call me miller….
Call me captain miller….

දනුශ් කොලුවගේ කැප්ටන් මිලර් ඔන්න ආපු දවසෙම බලාගත්තා.

මේකට ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියා…

01. දනුශ්
02. ඩිරෙක්ටර් ගේ ෆෑන් කෙනෙක් වීම..
03. කාස්ට් එක..

කෙටියෙන් ඩිරෙක්ටර් ගැන කිව්වොත් රොකී යන පලවෙනි ෆිල්ම් එකෙන්ම ඕඩියන්ස් එකක් හදාගත්තු ඇක්ශන් වයලන්ස් ෆිල්ම් එකක් මෙහෙම තමා තියෙන්න ඕනේ කියන වචනයට සාදාරණයක් කරපු ඩිරෙක්ටර් කෙනෙක්..කාගෙත් ක්‍රශ් එකක් වෙච්චි අහිංසක කීර්ති සුරේශ්ව කාලි අම්මා කෙනෙක් කරලා “Mahanti” චිත්‍රපටියෙන් පස්සෙන් කීර්ති සුරේශ්ව රංගනය අතින් තවත් ඔපනංවපු ෆිල්ම් එකක් තමා අරුන්ගේ දෙවනි ෆිල්ම් එක වෙච්චි “Saani Kayidham” චිත්‍රපටය..ෆිල්ම් දෙකකින්ම තමන්ගේ හැකියාව පෙන්නුවත් තරුණ පෙලේ අනික් ඩිරෙක්ටර්ස්ලා වගේ මාස්,මසාලා කමර්ශල් ෆිල්ම් පස්සේ හබා නොගිය නිසාත් 18+ සහ වයලන්ස් පැත්තට නැඹුරු වූ ෆිල්ම් දෙකක් නිසාත් මොහුගේ ෆෑන් බේස් එක එක්තරා පිරිසකට සීමා වෙනවා..

Captain Miller Teaser: A Rugged Dhanush Looks Dope in This Violent Glimpse; Also Watch Out for Priyanka Mohan, Sundeep Kishan and Dr Shivarajkumar (Watch Video) | 🎥 LatestLY

ඒත් එක්කම කවදත් අලුත් දෙයක් අත්හදා බලන සහ එකම රාමුවකට කොටු වෙලා ෆිල්ම් නොකරන නිසාත් දනුෂ් මෙම අධ්‍යක්ෂක සමග අත්වැල් බැදගන්නවා..

VIP,Thiruchithrambalam වගේ කොමඩි,ෆැලිමි ඕඩියන්ස් එකට හරියන ෆිල්ම් වගේම Maari,Pattas,Anegan වගේ මසාලා ෆිල්ම් දෙන්නත් හිටපු ගමන් අවෝඩ් ගහන මට්ටමේ Asuran,Karnan,Vada Chennai වගේ ෆිල්ම් දෙන්නත් දනුශ් කප්පිත්තෙක් කියලා කට්ටිය දන්නවනේ..

ඉතින් ඒ වගේ නලුවෙක්ට අර වගේ ඩිරෙක්ටර් කෙනෙක් එක්ක වැඩ කරන එක පහසුයි වගේම මේ වගේ කොම්බො එකකින් එන නිර්මානයත් ගොඩක් හොද වෙයි කියලා හිතන් හිටියා…ඒ වගේම බලාපොරොත්තු උනු මට්ටමෙන් ෆිල්ම් එක තිබ්බා😎❤️

හැබයි මට හිතෙනවා මේක හැමෝටම සෙට් වෙන ෆිල්ම් එකක් වෙන එකක් නෑ කියලා..

“This Film Not a Everyone’s Cup of Tea”

මම මෙහෙම කිව්වේ ඔබට Rocky,Saani Kayidham සෙට් උනා නම් මේක අනිවාර්‍ය්යෙන්ම සෙට් වෙනවා…

(ඒත් සමහර පිරිසක් ඉන්නවා ඔව් ෆිල්ම් දෙක හොදයි හැබයි එච්චර ඒ කැටගරි ඒවට ආස නොවන..එහෙම අය මේකටත් ලොකුවට කැමැත්තක් දක්වන එකක් නෑ)

Captain Miller teaser OUT: Dhanush's film is packed with high-octane action and drama – India TV

දනුශ්ගේ කර්නන්, අසුරන් සහ මාරි සෙල්වරාජ්ගේ “මාමන්නන්” වැනි ෆිල්ම් ඔබ ප්‍රියකරනවා නම් අනිවාර්‍යයෙන්ම ඔබ මෙයට කැමති වේවී..

⭕️මොකද මෙම ච්‍රිතපටය ගැන විස්තරයක් කරොත් මේක මහා ලොකු වාව් එකක් හරි කවදාවත් දැකලා නැති ප්ලොට් එකක් නෑ මේකේ…

ට්‍රේලර් එක බැලුවම තේරෙන්න ඇති මේක ඉංග්‍රීසි පාලන සමයට එරෙහිව සටන් කරන නිදහස් සටන්කාමීන් ගැන චිත්‍රපටියක්.ඉතින් මේ ගැන ඉන්දීය චිත්‍රපට අනන්තවත් ඇති..🙂

⭕️මේකේ ටෙක්නිකල් පැත්ත,යොදාගෙන තියෙන කලර්ස්,ඩිරෙක්ටර් එයාගේ කතාව වර්තමානය අතීතය යොදාගෙන ලස්සනට ප්‍රේක්ශකයාට දෙන විදිය මරු..

⭕️ඩිරෙක්ටර්ගේ කලින් ෆිල්ම් වගේම මේකෙත් ලොකු ආදර කතා,කොමඩි,අනවශ්‍ය ෆ්ලෑශ් බෑක් සහ දනුශ් නිසාම ඇඩ් කරපු අමතර කොටස් නෑ..(ෆෑන් බේස් චූන් කිරීමක් නෑ)

⭕️යොදාගෙන ඇති කාස්ට් එක උපරිම සාදාරනයක් කරා..සුදීප්,ශිවරාජ්කුමාර්,ප්‍රියා ලැබුනු ස්ක්‍රීන් ටයිම් එකට උපරිම සාදාරනයක් කරා….

⭕️60%ක් 70%ක් විතර තනිකර දනුශ්ගෙන්ම ස්ක්‍රීන් ටයිම් එක කවර කරගන්නවා ඒ හැම වෙලේම දනුශ් ස්ක්‍රීන් ටයිම් එක වෙන කාටවත් හොරකන් කරන්න දෙන්නේ නෑ..අපිට දනුශ්ගෙන් ඇහ ඉවතට නොගන්න තැනට ඩිරෙක්ටර් මරු ෆ්‍රේම් ටිකක් දෙනවා..

⭕️ප්ලස්ම පොයින්ට් එකක් විදියට ඇක්ශන් සීන්ස් පෙන්වන්න පුලුවන්,ක්‍රින්ජ් නොවන මට්ටමේ ඇක්ශන් සීන්ස් ටිකක් තියෙනවා..

⭕️ ක්ලයිමැක්ස් එක මෑතක ආපු ෆිල්ම් වලින් “one of the best” කියලා කියන්න පූලුවන්..ෆිල්ම් එකේ අන්තිම විනාඩි 20 නම්🔥🔥

⭕️ක්ලයිමැක්ස් එකේ හිතුවේ නැති සප්‍රයිස් එකක් එක්ක අන්තිමට ලස්සනට ඊලග කොටසකට ෆිල්ම් එකේ අවසානය ගෙනල්ලා අතාරිනවා..

කතාව සාමාන්‍ය උනත් මන් ඉස්සෙල්ලා කිව්වා වගේ කර්නන්, අසුරන්,මාමන්නන් වැනි චිත්‍රපට වලින් අවසානයට ලොකු සමාජ පනිවිඩයක් දෙනවා..

අනික අපි වගේ තුන්වන ලොකේ රටවල් වලට ඔය වගේ සිදුවීම් බොහොම ආසන්නයි..අපිත් හැම වෙලේම අර උඩ කිව්ව ෆිල්ම් තුනේම වගේ පීඩිතයාගේ පැත්තේ ඉදලා තියෙනවා සහ තාමත් ඉන්නවා..

මේකෙ හරි ලස්සන දෙබසක් තියෙනවා හිතට වැදුනු,

“උබ හමුදාවට යනවද?ලැජ්ජ නැද්ද උබට අපි එලවලා නිදහස ගන්න හදන උන් ගාවම වැඩට යන්න”

ඔව් මම යනවා..අනික ඔයා කියන නිදහස කොහෙද තිබ්බේ සුද්දො එන්න කලින්?”

මුන්(දමිල රජවරු)අවුරුදු ගානක් අපේ පරම්පරා ගානක ඉදන් අපෙන් වහල්ලු වගේ වැඩ අරන් අඩුම තරමේ අපේ දෙවියන්ට වදින්න කෝවිල ඇතුලටවත් යන්න දෙන්නේ නෑ..සුද්දො එන්න කලින් අපි නිදහසේද හිටියේ?නෑ ඒත් රජවරුන්ට වහල් වෙලා උන් අපිව වහල්ලු කරන් හිටියේ..දැන් මුන් අපිව යටත් කරන් ඉන්නවා”

“ඒත් මුන් හොදයි..මුන්‍ මට දාන්න බූට් සපත්තු දෙනවා.රජවරු අපිට සෙරෙප්පු දාන්නත් තහනම් කරා..මට කන්න ඕනේ උනාම මන් අනික් උන් කනකන් හැංගිලා බලන් ඉන්න ඕනේ නෑ..ඔක්කොම අයට වාඩි වෙලා එකම වෙලාවේ කන්න දෙනවා..මන් හිතන්නේ ඒක තමා නිදහස”

Dhanush on X: "Captain Miller First single - https://t.co/G4s68b0Mq5 https://t.co/pRxxnxmLuF" / X

⭕️ෆිල්ම් එකෙන් ඔබ්බට :

අපිත් සුද්දො එන්න කලින් මහ සල්ලිකාරයෝ වෙලා ඉදලා සුද්දොද අපේ අන්තිම සතෙත් හූරන් ගියේ?හැබයි සුද්දෝ එන්නත් කලින් ඉදලා වලව්කාරයෝ සල්ලිකාරයෝ තාමත් එහෙමම තමා..එතකොට අපේ ශ්‍රමය දේපල,ඉගෙනීම අහිමි කරේ සුද්දොම නෙමේ..මෙහෙ උන්..

කන හාල් ඇටේ ඉදන් බදු ගෙවන ගමන් අනාගතයේ උපදින දරුවත් රටට ණයකාරයෙක් වෙච්ච රටක මුහුදට වෙඩි තියලා සුද්දො රට බාරදීලා ගිය හොරුන්ට සැලියුට් ගගහා අපි මහා අබිමානයෙන් රටේ නිදහස සමරනවා බන්✌️🙁

ඉතින් ඇත්තටම අපිත් නිදහස්ද?

✍️ඉශාන් මදුශංක

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

5 comments

  1. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  2. H.S.Rajeewa Fernando.

    THank you Brother! ❤

  3. wow nice film eka tama බැලුවෙ නෑ එත් මේ කොටල තියන දේවල් වලට film එක නොබල බෑ

  4. Aniwaa bn., siraama kathawa 👊 Film eka nam Apu kalema balanna hithana hitiye, me kiyala thiyana Dewal walatama comment ekk danna hithuna,

  5. If you believe the devil 😈
    I am the 😈

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login