The title of the page
asuraguru snhala sub
asuraguru snhala sub

Asuraguru (2020) Sinhala Subtitles |මංකොල්ලය..|සිංහල උපසිරැසි සමග|

ඔන්න එහෙනම් හැමෝටම සුභ උදෑසනක් කියමින් ආයෙත් පාරක් මේ වසරේ නිකුත් උන සුපිරිම දමිල සිනමා සිත්තමකට sinhala sub අරගෙන අපි දෙන්නා ආවා.. ඇත්තම කිව්වොත් පන්ඩිත කමට මම තනියම කරන්න භාරගත්තාට ඔයාලට ඉක්මනටම සබ් එක දෙන්න ඕන නිසා මම මගේ දෙමල ගුරුවරයා ඔයාල හැමෝම දන්න පීටර් බාත්ලට් අයියාවත් අල්ලගෙන සබ් එක ගැහුවා ,මම අශේන් මදුරංග (චූටි හිතුවක්කාරයා )

2020 මාර්තු මස 13 වෙනිදා ඉන්දියාවේදී තිරගත වුන මෙය Drama/Thriller යන කැටගරියට අයත් වෙලා තියෙනවා ඉතිං IMDB අගය 6.2/10 ලබාගන්න සමත් වී ඇති මෙය පැය 2 කුත් විනාඩි 2ක් පුරා කිසි කුතුහලයකින් බලන්න පුලුවන් සිනමා සිත්තමක් , ආහ් තව දෙයක් මෙම සිනමා සිත්තම සදහා ගූගල් පරිශීලක මනාප 82% ලැබිලා තියෙනවා …

වැඩි විස්තර නැතුව ෆිලුම ගැන අපේ “සසිත් සුදර්ශන” සහෝදරයා මොකද කියන්නෙ කියලා බලමු..(asuraguru sinhala sub)

සියලු සත්ත්වයෝ විවිධාකාරයේ මානසික රෝගවලින් පෙලෙන්නෝය! ඇත්තටම එහි සත්‍යයක් පවතිනවා. ඉතින් එවැනි මානසික රෝග උත්සන්න වූ පුද්ගලයන් පිලිබදව හුගක් චිත්‍රපට එහෙමත් නිර්මාණය වෙලා තිබෙනවනේ. මේක අලුත් විදියට හිතල වෙනස්ම විදියේ මානසික රෝගියෙක් පදනම් කරගෙන නිර්මාණය වුන හොඳ Action Thriller දමිළ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරල තිබෙන්නෙ නවක අධ්‍යක්ෂක වරයෙකු වන A. Raajdheep විසින්. ඒ වගේම චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය කරන්නෙ Vikram Prabhu විසින් ඔහු පහුගිය කාලය තුල හුගක් දමිළ ප්‍රෙක්ෂකයන් විසින් විවේචනය කරා ඔහුගෙන් ආපු අසාර්ථකයි කියූ චිත්‍රපට කිහිපය නිසාවෙන්.

කොහොම වුනත් Vikram Prabhu කියන්නෙ හොඳ පෞරෂයක් තිබෙන දක්ශ නළුවෙක්. ඔහුගෙ ලේ වලින්ම රංගන හැකියාවට උරුමකම් කියනව, මොකද ඔහු Sivaji Ganesan ගෙ පවුලෙන් ආපු පුත්‍රයෙක් ඔහුගෙ පියත් දක්ශ නළුවෙක් වන Prabhu Ganesan.ඉතින් ඔහුගෙ මුල්ම දමිළ චිත්‍රපටය වන Kumki චිත්‍රපටය තුලින් ලොකු ප්‍රේක්ෂක ආකර්ශනයක් සමගින් දමිළ සිනමාවට පිවිස සාර්ථක සහ අසාර්ථකත්වයන් සමව විඳ දරා ගනිමින් හොඳ ගමනක් ආපු දමිළ නළුවෙක් විදියට ඔහුව සලකන්න පුලුවන්. ඒ වගේම ඉන්දිය සිනමාව තුල ඉතාමත් දක්ශ නිළියක් ලෙසින් ජනාදරය දිනාගත් Keerthy Suresh දමිළ සිනමාවට පිවිසුනේද Vikram Prabhu සමගින් රංගනයේ යෙදෙමින් ලබාගත් ජනප්‍රියත්වය සමගින්. ඉතින් මේ චිත්‍රපටය තුලත් ඔහුට ලැබුන චරිතයට ඔහුගේ රංගන හැකියාව තුලින් සාධාරණ ඉටුකරලීමට ඔහු ලොකු උත්සහයක නිරතව තිබෙනව. මීට අමතරව චිත්‍රපටය තුල Mahima Nambiar විසින් ප්‍රධාන කාන්තා චරිතය තුලින් ආකර්ශනීය රංගනයක නිරතවන. චිත්‍රපටය තුල සහය චරිත වලට ඉන්නව Yogi Babu, Jagan Ayan, Subbaraju, Nagineedu යන දමිළ නළුවන්.

ඉතින් චිත්‍රපටය අන්තර්ගතව තිබෙන කතාව ගැන පොඩි විස්තරයක් කරනවනං මම අර මුලින් සඳහන් කල පරිදි මුදල් සොරකම් කිරීමේ මානසික ව්‍යාධියකින් පෙලෙමින් සිටින Shakti (Vikram Prabhu) කියන චරිත වටා තමයි මේ කතාව නිර්මාණය වෙලා තිබෙන්නෙ. ඒකත් හරියට සමහර දාම ඝාතනයන් සිදුකරන පුද්ගලයන්ට පවතින මානසික ලෙඩකට සමානයි,

මොකඳ ඔවුන් ඝාතනයන් සිදුකරත් එම ඝාතනයන් වලට මුල්වුන කිසිම හේතුවක් ඔවුන් සතුව පවතින්නෙ නෑ. එලෙසම මුදල් සොරකම් කිරීම මුල්කරගෙන පවතින මානසික ලෙඩක් තමයි Shakti ටත් තිබෙන්නෙ. ඉතින් මේ හේතුව නිසාම ඔහු හොරකම් කිරීමට අතිදක්ෂයෙක් වෙනව.

නව තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරල අලුත් විදියට හොරකම් සිදුකරන මොහුට මේ වැඩේ දිගටම කරගෙන යන්න නම් වෙන්නෙ නෑ. දක්ශ පොලිස් පරීක්ෂකයෙකු ඇතුලව පරීක්ෂක වරියක් Shakti පසු පස හබායනව. අන්තිමට නොහිතපු විදියෙ අවසානයකට තමයි කතාව ගමන්කරන්නෙ. මේ චිත්‍රපටය තුලින් කියන්න උත්සහ කරල තියෙනව

මේ වගේ මානසික රෝගවලින් පෙලෙමින් සිටින පුද්ගලයන්ගෙන් ඒ රෝගය තුලින් සමාජයට වැඩදායී වෙනස්ම ප්‍රයොජන ලබාගන්න පුලුවන් බව, ඉතින් ඒ ගැන Jagan Ayan කරන චරිතය පැහැදිලි කරල දෙනව. ඉතින් මීට අමතරව චිත්‍රපටය තුල පොඩි ප්‍රේම කතාවකුත් මේ අතරින් ලස්සනට ගලාගෙන යනව. Yogi Babu, Jagan Ayan සහ Manobala හාස්‍යජනක අවස්ථාවන් තුලින් චිත්‍රපටයෙහි ඒකාකාරී ස්වාභාවය නැති කිරීමට හොඳ උත්සහයක් ගෙන තිබෙනව. අලුත් විදියට හිතල කරපු හොඳ නිර්මාණයක් ලෙසින් මේ චිත්‍රපටය අපිට දකින්න පුලුවන්.👍

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා …..

හැමෝටම බුදු සරණයි, දෙවි පිහිටයි…

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්  පීටර් බාත්ලට් සොයුරාට සහ අශේන් මදුරංග සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


130
Total Subtitles

10 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි දෙන්නටම….

  2. Sthuthi obata…

  3. asama naluwak…. thanks sub dunnata apu gaman…

  4. සුපිරි … ❤️❤️❤️

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  6. Thanks sub ekata supirii

  7. Thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login